The Leader News
BREAKING
Top Ad
Opinion

ස්වදේශික සොම්බිල අධිරාජ්‍යවාදී පාලකයින්ට වඩා භයානකයි - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 17, 2022 • 6:09 PM

 ස්වදේශික සොම්බිල අධිරාජ්‍යවාදී පාලකයින්ට වඩා භයානකයි - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම කල්ලෙක්. මම මේ ලෝක ගෝලයේ කොහේ හිටියත් මම මාව දියකරලා හරින්න කැමතියි.
  • හැබැයි ලුවී ආම්ස්ට්‍රෝන්ගේ 'සුදු පාට වලාකුළු -  නිල්පාට අහස - ශුද්ධ වූ අඳුරු රාත්‍රිය - උදෑසන සුබපැතුම ' වගේ යෙදුමක් එයාලට ඒකෙ ආත්මීය අරුත ඇතුලේ තේරුම් ගන්න බැහැ.
  • ලෝකේ, ස්වභාවධර්මයේ ලස්සන ඇතුලේ දියවෙනවා කියන එක තේරුම් ගන්න බැහැ.
  • ධනය අසමාන ලෙස බෙදී ගිහිල්ල.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මගේ අහම ලෝකේ අනෙක් තත්වයන් එක්ක දියවෙන්න දෙන්න මම කැමතියි.

ලෝකයට අනුකම්පාවෙන් මම යම් විදියකින් ශුන්‍යත්වයට පත් වෙනවා නම් මම ඒක සතුටින් බාරගන්න කැමතියි.

ඉර ගලෙන් පොළොවට ඇද වැටුණු පුංචිම පුංචි ආකාස බින්දුවක් මම...

ඔය ඉන්න සුද්දෝ ගොඩක් බුද්ධිමත් තමයි.

හැබැයි ලුවී ආම්ස්ට්‍රෝන්ගේ 'සුදු පාට වලාකුළු -  නිල්පාට අහස - ශුද්ධ වූ අඳුරු රාත්‍රිය - උදෑසන සුබපැතුම ' වගේ යෙදුමක් එයාලට ඒකෙ ආත්මීය අරුත ඇතුලේ තේරුම් ගන්න බැහැ.

ලෝකේ, ස්වභාවධර්මයේ ලස්සන ඇතුලේ දියවෙනවා කියන එක තේරුම් ගන්න බැහැ.



හැම පරම්පරාවක්ම තමන්ගේ කියල දූත ගමනක් පටන් ගන්න ඕනි (mission). ඒක අනිවාර්යයෙන් කළින් පරම්පරාවේ ගමනත් එක්ක සමාන්තර වෙන්න ඕනි නැහැ. තමන්ගේ ගමන පටන් ගන්නත්, ඒක ඉදිරියට ගෙනියන්නත්, එහෙම ගෙනියන්න බැරුව ඒක අත්හැරලා දාන්නත් ඒ හැම පරම්පරාවකටම අයිතියක් තියනවා. ඒක අපි ඒ පරම්පරාවේ ගතිකය එක්ක තේරුම් ගන්න ඕනි.

 


හැබැයි සියලු පරම්පරා එකට බැඳ තබන යම් කේන්ද්‍රීය විශ්වාසයක් තියනවා නම් හොඳයි. මොකද ඒ ඔස්සේ පුළුවන් සියලු පරම්පරා වලට එකතු වෙලා පොදු සතුරා ගෙනෙන සකලවිධ තර්ක නිෂ්ප්‍රභා කරන්න.

අද තියන මූලික ප්‍රශ්නේ ධනවාදයද සමාජවාදයද හෝ යටත්විජිතකරණයද නිර්-යටත්විජිතකරණයද කියන එක නෙවෙයි. අද මූලික ගැටළුව සකලවිධ මනුෂ්‍ය වර්ගයාට තමන්ගේ පැවැත්ම විකසිත වීමේ ක්ෂිතිජය අහෝසි කරලා තියන එක.

ධනය අසමාන ලෙස බෙදී ගිහිල්ල. සම්පත් අසමාන ලෙස බෙදී ගිහිල්ල. ප්‍රථිපල කොයිතරම් නරක වුණත් අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනි.

මිනිස්සු කැරළි ගහන්නේ අනන්‍යතා ඉල්ලලා නෙවෙයි. හුස්ම ගන්න ඉල්ලල. මේ තියෙන්නේ හුස්ම හිරකරලා. පානුත් ඕනි තමයි. හැබැයි ආත්ම ගෞරවයත් රැකෙන්න ඕනි.



කල්ලෙක් එයාගේ අවමානසික බව ඇතුලේ වහලෙක් වෙනවා වගේම සුද්දා එයාගේ අධිමානසික බව ඇතුලේ වෙනත් විදියක වහලෙක් වෙනවා. ලෙඩෙක් වෙනවා. ඒක නියුරෝසික තත්වයක්.



මේ නියුරෝසික සම්බන්දයෙන් සහ පරායත්ත බවෙන් එළියට එන්න නම් ප්‍රචණ්ඩ බවක් අවශ්‍ය වෙනවා. මොකද මිනිසා තමන්ව නැවත නිර්මාණය කරගත්ත හැම අවස්ථාවක්ම වගේ ප්‍රචණ්ඩයි.

ඒ මනුෂ්‍ය ප්‍රතිනිර්මාණය කියන්නේ අනිවාර්යයෙන් ප්‍රතිසංස්කරණ නම් නෙවෙයි. ප්‍රතිසංස්කරණ වලට බැහැ ඒ ගැඹුරු ආත්මීය වෙනස ඇති කරන්න. සමාජය නැවත සංවිධානය කරන්න.



යටත් විජිත සුදු පාලකයෝ මේ ඇත්ත තරමක් දුරට හරි තේරුම් ගත්ත. මොකද එයාලගේ ඉතිහාසේ ඇතුලේ එහෙම පුර්ණ සමාජ පෙරළි සිදු වෙලා තියන නිසා. හැබැයි යටත් විජිතවල ඉන්න සොම්බීන් මේක තේරුම් ගන්නේ නැහැ. සුද්දන්ට වඩා උන් බයයි සමාජේ මූලික වෙනසක් වෙනවට. නිදහසට වැඩියෙන් බය ඒරොප්පේ සුද්දෝ නෙවෙයි ස්වදේශික සොම්බීල.



මාව විශ්වාස කරන්න. ඔය සොම්බිල අධිරාජ්‍යවාදී පාලකයින්ට වඩා භයානකයි. (Zombies, believe me, are more terrifying than colonists).
ෆ්‍රාන්ස් ෆැනොන් - The Wretched of the Earth/Black Skin, White Mask

(තුන්වෙනි චාල්ස් රජ්ජුරුවන්ගේ මංගල කතාව ඇහුවට පස්සේ මේක ලියන්න හිතුණා).

ලුවී ආම්ස්ට්‍රෝන් විසින් ගායනා කරපු What a wonderful world සිංදුව පහත තියනවා. අහන්න. රොක් එකක් නෙවෙයි ජෑස් එකක්.

Rod Stewart පස්සේ ඒකම කියනවා. ඒකත් අහන්න. 


Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...