The Leader News
BREAKING
Top Ad
Opinion

කුලුණෙන් දුක දැකීම හෙවත් බෞද්ධ සිංහල චින්තනය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 18, 2022 • 8:27 AM

කුලුණෙන් දුක දැකීම හෙවත් බෞද්ධ සිංහල චින්තනය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙළුම් කුළුණ ගැන මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබේ. අරගලකරුවන් ලෙස පොදුවේ හැඳින්විය හැකි පිරිස නෙළුම් කුළුණට විරුද්ධව කතා කරයි.
  • ඔවුන් කියන්නට උත්සාහ කරන්නේ නෙළුම් කුළුණ හැදුවාට ජනතාව දුක් විඳින බවයි.
  • සිංහලයාගෙන් කිසිලෙසකින්වත් ගැලවිය නොහැකි බෞද්ධ චින්තනය මෙයයි.
  •   නිර්මාල් දේවසිරි ඔළුවෙන් හිටගෙන කිව්වත් බෞද්ධ සිංහල ජාතික රාජ්‍යයට අබමල් රේණුවක වෙනසක් ඇති වී නැති බව නැවත නැවත ඔප්පු වෙන්නේ මෙලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ ඈතින් නෙළුම් කුළුණත් මෑතින් සෙනග පිරුණු කෝච්චියත් පෙනෙන ඡායාරුවකි. ඔවුන් කියන්නට උත්සාහ කරන්නේ නෙළුම් කුළුණ හැදුවාට ජනතාව දුක් විඳින බවයි. මේ වනාහි පැහැදිලිවම බෞද්ධ සිංහල චින්තනයයි.


307386185 10225832399649339 1053710046070593786 n

බෞද්ධ චින්තනය පදනම් වෙන්නේ ලෝකයේ දුක දැකීම මතය. රාජමාළිගාව තිබියදී සිද්ධාර්ථ කුමාරයා දකින්නේ මහමග ඇවිදින මහල්ලා ලෙඩා සහ කරතබා ගෙනයන මෘත දේහයයි. එනම් ලෝකයේ දුක්ඛයයි. දුක්ඛ සත්‍යයයි. සිංහලයාගෙන් කිසිලෙසකින්වත් ගැලවිය නොහැකි බෞද්ධ චින්තනය මෙයයි.

 

නිර්මාල් දේවසිරි ඔළුවෙන් හිටගෙන කිව්වත් බෞද්ධ සිංහල ජාතික රාජ්‍යයට අබමල් රේණුවක වෙනසක් ඇති වී නැති බව නැවත නැවත ඔප්පු වෙන්නේ මෙලෙසය.

බෞද්ධ ආගමික සංස්ථාවට ගරහන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිවරා ගත් පෙරටුගාමීන් අර පන්ති පහ සිය දහස් වාරයක් ඉගැන්නුවත් මෙරට පුද්ගලයා තුළ පවතින බෞද්ධ සිංහල චින්තනය අංශකයකිනුදු නොසෙල්වේ. සිංහලයා තුළ පරිණාමීය අවශ්‍යතාවයක් ලෙස ජානගත වී ඇතැයි සිතිය හැකි තරමට බෞද්ධ චින්තනය සිංහලේට බද්ධ වී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සෑම දෙයකම දුක දකින්නේ ඒ නිසාය.

 

ස්වයං ප්‍රකාශිත රැඩිකල් නිරාගමිකයන්ගේ සිට ආන්තික දේවවාදී ලාංකික මුසල්මානුවා දක්වා ලෝකයේ දුක දැකීම ඇසුරෙහි ලා පිටරට මිනිසුන්ගෙන් උත්සන්න වේ. ඒ තමයි බෞද්ධ සිංහල චින්තනය. වැල්ලවත්තේ දෙමළා පවා මදුරාසියේ දෙමළා නොදකින නේක දුක් ලකේ දකී. ලංකාව බෞද්ධ සිංහල රාජ්‍යයක් වන පදනම මේ නොවරදින දුක්ඛය දැකීමයි. මේ ජාතිය හැදී තිබෙන්නේ එහෙමයි.

 

විලෙන් මතුව පිපෙන නෙළුමකින් පිළිබිඹු වන බෞද්ධ සභ්‍යත්වයක් ගැන මහින්ද පතිරණ ලියා තිබේ. එය සංකේතාර්ථක මිස දෘෂ්ටිවාදී නොවේ.

මඩ සහිත විල හෙවත් දුක් සහිත ලෝකය දකින මහින්ද ඒ දුක්ඛ ස්කන්ධය මතින්ම උඩට එසැවෙන නෙළුම දකී. පළමු දිනයේම මිලියන ගණනක් ඉපැයුවා වැනි සරල කාම උපාදානයන් ෆේස්බුක් එකේ බයියන්ට දෙන්නේ තාවකාලික අස්වැසිල්ලක් පමණක් බව මහින්දත් දනී.

https://www.facebook.com/1012988009/posts/pfbid05d224EoQHkwcoBMmFM6U9BBXy6t8jdoubdEUaNgb9fkm6Zxb9wkweRTZMzg7q4qCl/?d=n

https://www.facebook.com/1012988009/posts/pfbid0on1oioSrU9wnpzxH78AVL12or1jTqUfeHQ9qNgu9fJzi3tqsputcvusTSjiBDiBAl/?d=n

බුද්ධකාලීන කොකනද ප්‍රාසාදය සිහිගන්වන නෙළුම් කුළුණ නමැති දුක් කුළුණ එවැනි ධනාත්මක සංකේතාර්ථයකින් දැකීමත් බෞද්ධ සිංහල චින්තනයේම දිගුවකි. එනම් ලෝකයේ අසුබය මොනවට දකින මහින්ද එයට වීර්යයෙන් මුහුණ දී එතෙර වීමට තීරණය කරයි.

මා දන්නා වීර්යවන්තම එකෙකි මහින්ද පතිරණ. සුබවාදී වීම සහ ධනාත්මකව සිතීම යනු දෙකකි. මහින්දට කුණුහරුපෙන් බනින අසුබවාදියාත් ඔවුන්ට මුහුණ දෙන ධනාත්මක මහින්දත් බෞද්ධ සිංහල චින්තන කාසියේ දෙපැත්තයි. ආණ්ඩු මාරුවෙන වාරයක් පාසා කාසිය අහසේ නෝනා පොල්ල පෙරළේ. නමුත් කාසිය එකමය.


නෙළුම් කුළුණට නගින මිනිසා අහසේ සිට පහළ දුක් සහිත ලෝකය දකී. පළමුවරට ගුවන් යානයකින් යන මිනිසා තමා ජීවත් වෙන ගම නගරය රට කුඩාවට එකවර දැකීමෙන් මමායන ඔද බිඳී යන්නාක් මෙන් කුළුණට නගින මිනිසාට ලෝකයට සාපේක්ෂව තමාගේ ජීවිතයේ නොවැදගත්කම වැටහේ. බ්‍රහස්පති හෝ සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයක සිට බලන විට පෙනෙන නොපෙනෙන තිතක් වැනි පෘථිවිය දකින කල ඇතිවන අනාත්මවාදී නොවැදගත්කම වැනිය. උසම කුළුණු හදන තරමට අපේ නොසැලකිය යුතු තරම් කුඩාව සාක්ෂාත් වේ.


මේ දුක්ඛය නසන්නට කෙතරම් භෞතික කුළුණු හැදුවත් බැරි බව බෞද්ධ සිංහල චින්තනය විසින් අපට නොනවත්වා මතක් කරවයි. සාංසාරික මතකය ප්‍රතිනිර්මාණය වෙන ස්නායු සම්බන්ධතා පුනර්භව වේ.

අධිවේගී මාර්ග හදන විට අපට පෙනෙන්නේ ඒ දෙපැත්තේ ඇති පැල්පතයි. පොර්ට් සිටිය හදන විට අපට පෙනෙන්නේ එහි හිඟන්නාවයි.  ජාතික චින්තනය හා ස්වර්ග දිව සංකේත ජලයට මේදය වැනිය.

 

සිංහලයා හැදෙන්නේම නිවන් දැකීමටය. නිවන් දකින්නට නම් ලෝකයේ දුක දැකිය යුතුය. ලෝකයේ දුක දකින්නට නම් ස්වර්ග සැප මවා පෙන්විය යුතුය. එවිට කුලුණු ගුණ ඇති උතුමන්ට නොදුක් නොසැප නෙක්ඛම්ම උපේක්ෂාවෙන් සියලු කුළුණු කුඩේ කුඩු පට්ටම් කර නිවන් දැකිය හැකිය.

 

ඒ සඳහා ධර්මය අපට මග වේවා!



ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 සැප්තැම්බර් 18


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...