The Leader News
BREAKING
Top Ad
Opinion

ඊළඟ භීෂණය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 24, 2022 • 4:26 AM

 ඊළඟ භීෂණය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අප බිය වන්නේ වෙනස්වීමට නොව අවිනිශ්චිතතාවයටය” (we fear not change, but uncertainty).
  • ඊනියා අරගලය නිර්මාණය කළේ ඒ ආකාරයට විශාල අවිනිශ්චිතතාවයක් ජනතාව තුළ ඇති කිරීමෙනි.
  • කොරෝනා වසංගතය විසින් ඇති කළ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ඉතාම සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාවලියකි එය.
  • පසුගිය වසරේ සිටම “අහවල් මාසය වෙනකොට රට බංකොලොත් වෙනවා” වැනි ප්‍රකාශ කරමින් සැබැවින්ම කළේ මෙන්න මේ “අවිනිශ්චිතතාවය” ඔබේ සිතට පැය විසිහතරේම එබ්බවීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


උදාහරණයක් ලෙස ඔබ කිසියම් විභාගයකට බිය වෙන්නේ එම විභාගයෙන් පසු ඔබට කුමක් සිදු වේද කියා හරියටම නොදන්නා නිසාය. නැතුව විභාගයටම නොවේ.

 “වෙනස්වීම” හෙවත් පෙරළිය, විපරිණාමය, පරිවර්තනය යනු අප දන්නා විශ්වයට පොදු සත්‍යයකි. උපන්දා සිට අප මුහුණ දෙන්නේ වෙනස්වීම්වලටය. නමුත් අප බිය වන්නේ එම වෙනස්වීම්වලින් පසුව කුමක් වේදෝයි නොදන්නාකමට හෙවත් අවිනිශ්චිතතාවයටය.


ඊනියා අරගලය නිර්මාණය කළේ ඒ ආකාරයට විශාල අවිනිශ්චිතතාවයක් ජනතාව තුළ ඇති කිරීමෙනි. කොරෝනා වසංගතය විසින් ඇති කළ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ඉතාම සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාවලියකි එය. පසුගිය වසරේ සිටම “අහවල් මාසය වෙනකොට රට බංකොලොත් වෙනවා” වැනි ප්‍රකාශ කරමින් සැබැවින්ම කළේ මෙන්න මේ “අවිනිශ්චිතතාවය” ඔබේ සිතට පැය විසිහතරේම එබ්බවීමයි.


පුද්ගලික ව්‍යාපාරිකයන්ට අයිති කෙටි පුවත් සේවා මේ සඳහා ප්‍රබල කාර්යභාරයක් සිදු කරන ලදී.

රටේ කොහේ හෝ සිදුවෙන අයිසොලේටඩ් විපතක් පොදු විපතක් ලෙස හුවා දක්වමින් මිනිත්තු දහයෙන් දහයට මිලියන ගණනක් වැසියන්ගේ දුරකථන හරහා “එසැණින්” බිය වැපිරවීම සිදු කළ ඔවුන් නූතන තාක්ෂණික දියුණුවට නිගා දෙන බාල ව්‍යාපාරය.

තාක්ෂණය භාවිතා කළ යුත්තේ ගැටලු විසඳීමට මිස ඒවා සිය දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිතා කිරීමට නොවේ. නමුත් ලංකාවේ එවැනි දියුණු තාක්ෂණවේදීන් නොමැත.

උදාහරණයක් ලෙස පෝලිමක සිටියදී කිසිවෙකු මිය ගියහොත් එය ප්‍රචාරය කළේ තෙල් පෝලිමේ “තවත්” මරණයක්… කියා Breaking News ගැසීමෙනි.

පෝලිමක හිටියත්, මහමුහුද මැද හිටියත්, ගල්ගුහාවක හිටියත් චුත වෙන වෙලාවට චුත වෙන එක සක්කරයටවත් නවත්වන්න බැහැ. ඒ මැරුණ පුද්ගලයා පෝලිමක නොමැරෙන්න ඔය කිසිම පුවත් සේවයක් තබා නිර්මාල් දේවසිරිවත් ෆුටා එකෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඒ මනුස්සයා ගැන වචනයක් කතා කරන්නේ නැහැ.

එහෙව් නිර්මාල් තමයි මොරල් කන්සිස්ටන්සි ගැන අනෙකාව විනිශ්චය කරන්නේ (හාහා).


Chamuditha 2022.09.24
චතුර,  රංගන, චමුදිත වැනි ඊනියා මාධ්‍යකරුවන් කළෙත් අර්බුදය වවාගෙන කෑමයි. සෑම උදෑසනකම අවිනිශ්චිතතාවය වපුරා ජනතාව බියට සහ කෝපයට පත් කිරීමයි.


 උදේ ඉඳන් රෑ වෙනකල් එකලා විපත්ම පෙන්වලා පෙන්වලා, ඊට පස්සේ තරුණ ව්‍යවසායකයන්ට “ධනාත්මකව සිතන හැටි” ගැන  දිලිත් ජයවීර දේශනා කරනවා (හාහා). මේ අර්බුදයෙන් හොඳටම හම්බ කළ පිරිසක් තමයි ලංකාවේ මාධ්‍ය ව්‍යාපාර අයිතිකරුවන්.



ක්ලාන්තය වෙන දරුවන් විකිණීමට පටන්ගෙන...


එවැනිම ව්‍යාපෘතියක් නැවතත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් තෙල් පෝලිම් නැති නිසා පෝලිමේ සිටිද්දී මැරෙන අයෙකු ගැන සංවේදී Breaking News ගහන්න බැහැ.

ඒ වෙනුවට දැන් කිසියම් පාසලක උදෑසන රැස්වීම අතරතුර ක්ලාන්තය වෙන දරුවන් විකිණීමට පටන්ගෙන තිබෙනවා. මේ කරන්නේ “ආහාර සුරක්ෂිතාවය” යන කාරණය අල්ලා ජනතාව තුළ අවිනිශ්චිතතාවය ඇති කිරීමයි.

මා පාසල් යන කාලයේත් ඇසෙම්බ්ලිය අතරතුර ශිෂ්‍යයන් ක්ලාන්තය වුණා මට මතකයි. මමත් බඩගින්නේ පාසල් ගියා මට මතකයි. අද වගේම හැමදාමත් බඩගින්නේ පාසල් යන ශිෂ්‍යයන් හිටියා. නමුත් ඔවුන් ගැන හැමදාම පැයෙන් පැයට නිව්ස් ගහන්න කවුරුවත් හිටියේ නැහැ අපේ හාමුදුරුවනේ.

මාධ්‍ය වාහිනීවලින් ඒවා පෙන්වන්නේ හරියට වෙන කිසිදාක මේ රටේ කිසිම දරුවෙක් බඩගින්නේ හිටියේ නැතිවාක් මෙනි. වෙනදාට ක්ලාන්තය වෙන දරුවන් ගැන වචනයක් කතා නොකළ ජඩමාධ්‍යකරුවන් අද එම සිදුවීම් හුවාදක්වන්නේ කිඹුල් කඳුළු සලමින්. බලාගෙන ගියාම 2019 වෙනකල් අප ජීවත් වී තිබෙන්නේ සදාතනික සුඛ ජීවනය සහිත ස්වර්ග රාජ්‍යයේය…


මේ එන්නේ අර ව්‍යාපෘතියමයි. මේ කරන්නේ අර්බුදය විසඳීම වළක්වමින් ඒ ගැන අවිනිශ්චිතතාවය ඇති කිරීමයි. මේ කරන්නේ ජනතාව බියට පත් කිරීමයි. මේ කරන්නේ ජනතාව කෝපයට පත් කිරීමයි. එහි විපාකය නැවත ජනතාව සාහසික වීමයි. ප්‍රචණ්ඩ වීමයි. අර්බුදය නොවිසඳීමයි.


ඊළඟ භීෂණය නිර්මාණය කෙරෙමින් තිබේ. ඒ ගැන අවිනිශ්චිතතාවයක් තියාගන්නේ කුමටද.


ධර්මය අපට මග වේවා!


(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

eranda

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...