The Leader News
BREAKING
Top Ad
Opinion

ගංජා වෙනුවට යමහා හදමු - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 26, 2022 • 5:20 AM

ගංජා වෙනුවට යමහා හදමු - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයට ගංජා විකුණා ජීවත් වන රටක ජීවත්වීමට මට ඕනෑ නැත. මගේ රට මෙක්සිකෝ කාටේලයක් නොවේ.
  • ඕනෑම මත්ද්‍රව්‍යයක් පාලනයක් ඇතුව පාවිච්චි කිරීමේ ශික්ෂණය ඇති සමාජයක ජීවත් වීමට ආශා කරමි.
  • හැම දෙයක් වෙනුවෙන් ම යම් ස්වයං විනයක් තමා තුලම වගා කලයුතු බව විශ්වාස කරමි.
  •   මේ රට යම් ආත්ම අභිමානයක් සහිතව ස්වයං පෝෂිතව පැවතුන අවස්ථාවල ඒ රජවරු එසේ කළේ ගංජා විකුණා නොවන බව විශ්වාස කරමි.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝකයට ගැහැණු විකුණා ජීවත්වන රටක ජීවත් වීමට ද මට උවමනා නැත. මගේ රට තායිලන්තය නොවේ.

පිංපියෙක් වී ජීවත් වීමට ද වුවමනා නැත. මගේ රට රුසියන් පාතාලය නොවේ.  

දළදා මාළිගාවට ගොස් මම මගේ පිටුවේ රේටින් වැඩිකර ගැනීමට ඡායාරූප ගන්නේ නැත. යම් හෙයකින් එවැන්නක් ගත්තත් එය ෆේස් බුක් දමන්නේ නැත.

කංසා නීතිගත කරනවාට මගේ කිසිදු විරෝධයක් නැත. ඕනෑම මත්ද්‍රව්‍යයක් පාලනයක් ඇතුව පාවිච්චි කිරීමේ ශික්ෂණය ඇති සමාජයක ජීවත් වීමට ආශා කරමි.

ලිංගිකත්වය කොතරම් විවෘත වුවත් එහි වරදක් මම නොදකිමි. ඒ සියල්ල සඳහා උසස් ශික්ෂණයක් මම බලාපොරොත්තු වෙමි.

හැම දෙයක් වෙනුවෙන් ම යම් ස්වයං විනයක් තමා තුලම වගා කලයුතු බව විශ්වාස කරමි.  

මේ රට යම් ආත්ම අභිමානයක් සහිතව ස්වයං පෝෂිතව පැවතුන අවස්ථාවල ඒ රජවරු එසේ කළේ ගංජා විකුණා නොවන බව විශ්වාස කරමි.

 

පරමාණු බෝම්බ දෙකකින් පසුත් ජපානය හිස එසවුවේ අප්‍රතිහත ධෛර්යයෙනි. යම් අරමුණක් කරා ගමන් කිරීමෙනි. ඔවුන් හැදූ ලෝකයේ දකින දකින තැන ටොයෝටා ය. සෝනි ය. යමහා ය. හොන්ඩා ය. සුසුකි ය. මේඩ් ඉන් ජපන් ගංජා නැත. ඇත්නම් ඇත්තේ ඉතාම අවම මට්ටමේය. අභිමානයෙන් විකුණන සකේ නම් ඇත. 

 

අප එකඟ වුවද නැතද පොහොට්ටුව බලයට ආවේ යම් ජාතිකත්ව අභිමානයක් ගැන පුරසාරම් කියමිනි. එවන් පසුබිමක ගංජා වෙනුවෙන් කතා පවත්වන උන්ට තමන්ගේ දේශපාලන වේදිකාව පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු යැයි මා සිතන්නේ නැත. මා කියන්නේ ගංජා නිසා ජාතිකත්වය අහෝසි වෙන බවක් නොව මුලින් කී දේවල් වලට සපුරා පටහැනි දෙයක් දැන් සිදුවීම ගැනයි.

දේශපාලන ඇතුලේ වැරදීම් විය හැක. හැබැයි තමන්ගේ ප්‍රතිපත්ති යනුවෙන් තියන දෙයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. අද එම ප්‍රතිපත්ති වලංගු නොවුණද ඒවාට වලංගු බවක් අනාගතයේ මතු විය හැක.

ආගම ගැන මට ලොකු සීන් එකක් නැතත් මිනිස් ශිෂ්ටබව කෙරේ එය යම් සමාරම්භක බලපෑමක් ඇති කර ඇත. නූතන ආචාර ධර්ම පද්ධතිය වෙනුවෙන් එයට ද යම් බලපෑමක් කළ හැක.  

පිස්සු වැටුණ පරම්පරාවක් හෝ රටක් බලාපොරොත්තු නොවෙමි. මා අරගලයට පක්ෂපාත වූවේ ඒ අරුතිනි.

'මේ මගේ වස්තුව යැයි' කියමින් කලාවැවට අත දිගුකළ රටක මහා සංවර්ධිත බිබික්කමක් මට වුවමනා නැති වුවත් සාඩම්බර රටක හිමිකරුවෙක් වීමට බලාපොරොත්තු වුණෙමි. අදටත් මා අරගලයට පක්ෂපාත ඒ අරුතිනි.

ඒ නිසා පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා කිවූ දේ සමඟ එකඟ වෙමි.

මේ මා සිතන හැටිය. ඒ අදහස් තුළ යම් බයි ගතියක් ඔබට හැඟේ නම් මගේ කණගාටුව ප්‍රකාශ කරමි. ඕනෑම බැණුමක් වෙනුවෙන් අවසර ඇත.  

සහල් නිෂ්පාදනය කරමු. තේ පිටරට අරිමු. හැකිනම් යමහා ද නිෂ්පාදනය කරමු.

කවදා හෝ වෙස්ට්මින්ස්ට ඇබේ හිදී එම පියානෝව පාවිච්චි වනු ඇතැයි සිතමු.




මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...