The Leader News
BREAKING
Top Ad
Opinion

පාගන්න-පෑගෙන්න ලංකාවෙ උන් මෙච්චර ආස ඇයි? - (චන්දන ප්‍රසන්න)

T

The Leader Desk

November 3, 2022 • 8:15 AM

පාගන්න-පෑගෙන්න ලංකාවෙ උන් මෙච්චර ආස ඇයි? - (චන්දන ප්‍රසන්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ මිනිස්සු හෙන ආසයි තව කාව හරි oppress කරන්න; සහ opress වෙන්න. මෙහෙ සමාජ සම්බන්ධතා හැම එකක ම වගේ තියෙන්නෙ ඔය
  • ඒ නිසා ම තමන්ට වඩා ලොකු එකෙක් ඉස්සරහා බල්ලෙක් වගේ ඉන්න වෙන එකත් උන් ඉවසනවා.
  • මම හිතන්නෙ ඒ වගේ බලය මූලික තැන්වල දි තමන් අනිත් එකාට තග දාලා ඌව තමන්ට පහළින් තියාගත්තෙ නැත්තං ඌ තමන්ගෙ උඩට ඇවිත් තමන්ට උගෙ කකුල් දෙල ළඟ ඉන්න වෙයි කියල සාධාරණය බයකුත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

oppressor -oppressed සම්බන්ධයක්.

 

ඒ අවස්ථාවෙ තමන්ට අනිත් එකාට වඩා බලයක් තියෙනව නම් ඒ උන්ට ඕන අනිත් එකාව පොඩ්ඩක්  පාච්චල් කරන්න; උට තග දාන්න; මුකුත්ම නැත්තං “උඹ පව්” වගේ එකක්වත් අරූට අඟවන්න. අර opress වෙන එකත් ගොඩක් වෙලාවට ලොකු විරෝධයක් නැතුව බල්ලෙක් වගේ ඒක කාගෙන ඉන්නවා. ඉඳලා උට වඩා දුර්වල එකෙක් හම්බුණාම ඌත් ඒක දානවා. මේක චක්‍රයක් වගේ යනවා. මම හිතන්නෙ ලංකාවෙ සමාජ සම්බන්ධතා විතරක් නෙවෙයි ආර්ථික සම්බන්ධතාවල දි පවා තීරණාත්මක සාධකයක් වෙන්නෙ මේ සම්බන්ධතා මොඩල් එක.

 

ඉස්කෝල සහ ටියුෂන් ගුරුවරුන්ට (සමහර විට කැම්පස්වල උගන්නන උන්ට පවා) ඕන “තොපි මොක්කුද” වගේ ඇටිටියුඩ් එකකින් අරුන් ව තමන් ඉස්සරහ දණගහලන ලෙවල් එකක පවත්වාගන්න. ගොඩක් ආයතනවල (රජයේ, පෞද්ගලික දෙකේ ම) එච් ආර් හෝ ‍ මොකක් හරි බලයක් තියෙන උන්ට ඕන අනිත් උන් තමන් ළඟට ඇවිත් ‍නෝන්ජල් හිනාවක්වත් දාලා වැඩේ කරගන්නවා දකින්න.


තමන් ගාවට එන එකා බැලූබැල්මට තමන්ට වඩා පංතියෙන් උඩ එකෙක් නෙවෙයි නම් දොස්තරට ඕනෙ තමන්ට දෙවියෙක් වගේ සලකන ලෙඩෙක්. බස් එකේ කොන්ඳට ඕන මගීන් ව තමන්ගෙ ආධිපත්‍යයේ තියාගන්න. ඒ අතර ඉඳල හිටල මගියෙකුට ඕන වෙනව “තෝ මොකාද, මම තමයි මෙතන පොර” කියල පෙන්නන්න. ඒ කොන්දොස්තරයි ඩ්‍රැයිවරුයි පොලිස්කාරයෙක්ට අහුවුණාම පොලිස්කාරයට ඕන උන්ට තගදාන්න. පාර ලෝකු වාහනවල උන්ට ඕන පොඩි වාහනවලට තගදාන්න. සිල්ලර කඩේක වගේ නම් මුදලාලියා නෝන්ජල් හිනාවක් දාළා ඔළුව පැත්තට නවලා “හිහි, මැඩම් මොනව ද බැලුවෙ” කියල අහනව ද නැත්තං අහක බලාගෙන ටිකක් සැරෙන් “මොනාද ඕන” කියල අහනව ද කියන එක තීරණය වෙන්නෙ බඩු ගන්න එකා බැලූබැල්මට තමන්ට වඩා උඩ එකෙක් ද පහළ එකෙක් ද කියන නිගමනය උඩ.

 

governament


රජයේ ආයතන සහ සමහර පෞද්ගලික ආයතනවලත් වැඩක් කරනගන්න එන කෙනෙකුට දක්වන ප්‍රතිචාරය තීරණය වෙන්නෙත් ඒ විදියට. මම හිතන්නෙ ලංකාවෙ තෝරගත්ත රස්සා කැටගරියට අධික ඉල්ලුමක් තියෙන්නෙත්, අනිත් රස්සාවලට (අරට වඩා සල්ලි හම්බුණත්) යන්න මොකෙක්වත් කැමති නැත්තෙත්, මුන් රස්සා තෝරද්දි ඒ රස්සාව හරහා තමන්ට oppress කරන්න පුළුවන් කාව ද, තැන්නං තමන්ට oppress වෙන්න වෙන්නෙ කාගෙන් ද කියන එක ප්‍රධාන සාධකයක් විදියට බලන නිසා. සමහර විට මිනිස්සු නොකා නොබී ලොකු ගෙවල් හදල ඒ ගෙවල් ඉස්සරහා ලොකු වාහනයක් නවත්තල තියන්න ට්‍රයි කරන ප්‍රධාන හේතුවත් අහළපහළ මිනිස්සු සහ නෑ‍දෑයෝ අතර ඔය oppression Olympic එකේ උඩට යන්න වෙන්න ඉඩ තියෙනවා.  


හැමෝම ආසයි මොකක්ව හරි තමන්ගෙ බලුගැත්තා ගාණට දාගන්න තියෙනව නම්. ඒ නිසා ම තමන්ට වඩා ලොකු එකෙක් ඉස්සරහා බල්ලෙක් වගේ ඉන්න වෙන එකත් උන් ඉවසනවා. කාටවත් ඕන නෑ සමාජ සම්බන්ධතාවල දි තමන් සහ අනිත් පාර්ශවය සමානයෙක් විදියට දකින්න. සමාන මිනිස්සු දෙන්නෙක් අතර දෙන්නට දෙන්නා ගෞරව කරනව වගේ එකක් මුන්ට තේරෙන්නෙත් නැද්ද කොහෙද මම හිතන්නෙ.

 

සමාජ මට්ටමින් පහළට යන්න යන්න මේක තව වැඩි වෙනවා. ඔය හැම එකාට ම “සහෝදරයා” ගාන පක්ෂවල ඉඳන් හැම දේශපාලන පක්ෂයක ම වගේ මේක දරුණුවට ම තියෙනවා. මම හිතන්නෙ ඒ වගේ බලය මූලික තැන්වල දි තමන් අනිත් එකාට තග දාලා ඌව තමන්ට පහළින් තියාගත්තෙ නැත්තං ඌ තමන්ගෙ උඩට ඇවිත් තමන්ට උගෙ කකුල් දෙල ළඟ ඉන්න වෙයි කියල සාධාරණය බයකුත් ඇති.

 

මෙච්චර කාලෙකට ඔය වැඩවසම් මානසිකත්වය යම් තරමකට හෝ වෙනස්කරල තියෙන්නෙ ඔය මහ ලොකු දේශපාලන ව්‍යාපාර නෙවෙයි. සුපර් මාර්කට් චේන් සහ KFC වගේ පිටරට ෆ්‍රැන්චයිස් කඩ. ඒවයෙ වැඩකරන උන්ට උගන්නල තියෙන්නෙ හිඟන්නෙක් ආවත් “සර්” කියන්න. ඒවට යන කස්ටමර්ලත් ඒවයෙ සේවකයන්ට ගෙම්බර් දාන අවස්ථා එළියෙ සමා‍ජෙට සාපෙක්ෂ ව අඩුයි, මම හිතන්නෙ. මේක බලෙන් නීති දාලා කරන දෙයක් වෙන්න පුළුවන් වුණත් ඒකෙන් ටික ටික හරි සමානාතාත්මතා කල්චර් එක මිනිස්සු අතරට කාන්දු වෙනව කියල මම හිතන්නෙ. මේවා සාපේක්ෂ ව “පොෂ්” තැන් විදියට ගොඩක් ‍උන් හිතන නිසා “පොෂ්” උන්ගෙ කල්චර් එක කොපිකරන්න තියෙන පෙළඹීම උඩ සමහර විට මේක තව ටිකක් ව්‍යාප්ත වෙන්න ඉඩ තියෙනවා.


කොහොමත් මුන්ට තේරෙන එකම බාසාව oppress කරන එක හෝ oppress වෙන එක නිසා මුන්ට සමානාත්මතාව වගේ දේවල් උගන්නන්න නම් ඒ පුද්ගලයා හෝ ආයතනයත් මුන්ට වඩා ලොකු, මුන් ව බයකරන්න පුළුවන් මට්ටමේ එකක් වෙන්න ඕන නෙ. ලංකාව වෙනස්කරන්න නම් ලංකාවට එළියෙන් එන උන්ට පුළුවන් තරම් මේක ඕපන් කරන්න ඕන කියල මම කියන්න එක හේතුවක් තමයි ඕක.



බිස්කට් 'පවු' ද? අපි 'පව්' නැද්ද? - (චන්දන ප්‍රසන්න)(චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk

nidahasa@gmail.com

(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...