The Leader News
BREAKING
Top Ad
Opinion

ගොඩයමූ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 11, 2022 • 2:01 PM

ගොඩයමූ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ගොඩයමු” නමින් කිසියම් දේශපාලන ව්‍යාපෘතියක් පටන්ගෙන තිබෙනවා.
  • ඔවුන් ඊනියා අරගලයේ එක් එක් අවස්ථාවල එක් එක් ආකාරයේ පාර්ශවකරුවන් ලෙස හැසිරුණු අයයි.
  • ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බලකරමින් ඔවුන් ප්‍රකාශ නිකුත් කළා.
  • ඔවුන්ගෙන් ඇතැමුන් ප්‍රචණ්ඩත්වයට ජනතාව පෙළඹුවා.
අකුරු ප්‍රමාණය (Font Size):



එහි මාධ්‍ය හමුවක් තිබුණා නිදහස් චතුරශ්‍රයේ. එහි දේශකයන් වුණේ අජිත් පැරකුම් ජයසිංහ, රොහාන් සමරජීව, පැතුම් කර්නර්, රසික ජයකොඩි, සමාදානී කිරිවන්දෙණිය, හේමින්ද ජයවීර සහ චින්තන ධර්මදාස වැනි අයයි. ඔවුන් කතා කළේ ලංකාවේ ආර්ථික ප්‍රතිසංසකරණ සිදු විය යුතු ආකාරය ගැනයි. ඔවුන් ඊනියා අරගලයේ එක් එක් අවස්ථාවල එක් එක් ආකාරයේ පාර්ශවකරුවන් ලෙස හැසිරුණු අයයි.

ඔවුන්ගේ වෙබ් අඩවිය තමයි godayamu.lk මේ වෙබ් අඩවියේ අයිතිය තිබෙන්නේ “සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස්” එකට. ඒක තමයි ලංකාවේ පරණම සහ ප්‍රබලම ව්‍යාපාරික සංවිධානය. ලංකාවේ ලොකුම සහ බලවත්ම ව්‍යාපාරිකයන්ගේ ක්ලබ් එක කිව්වොත් නිවැරදියි. ඔවුන්ගෙන් බොහෝ දෙනා එක්තරා ආගමික කල්ලියක සාමාජිකයන්. ඔවුන්ට තමයි ඔය “ගොඩයමු” වෙබ්සයිට් එක අයිති.

xdfse

අපි දැක්කා මේ චේම්බර් එක ඊනියා අරගලයට මුල සිටම සහාය දක්වනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බලකරමින් ඔවුන් ප්‍රකාශ නිකුත් කළා. එම සංවිධානයේ ලොකුම ව්‍යාපාරික සාමාජිකයන් එළිපිටම ගෝල්ෆේස් අරගලයට සහභාගී වුණා. ඔවුන්ගෙන් ඇතැමුන් ප්‍රචණ්ඩත්වයට ජනතාව පෙළඹුවා.



ලංකාවේ දේශපාලනය මෙහෙයවන්නේ ධනවත් ව්‍යාපාරික කල්ලියක් විසින්. ජනතාව හිතුවට ඔවුන් තමයි අරගල කරන්නේ කියා, සැබැවින්ම අරගලය පිටුපසින් ඉන්නේ මේ රටේ ව්‍යාපාරික පැලැන්තියයි. අන්තරේ හිතුවට අරගලය සංවිධානය කළේ ඔවුන් කියා ඇත්තටම ඒක කරන්නේ කුඩා ව්‍යාපාරික ක්ලබ් එකක් විසින්. ඔවුන්ගේ සහාය නැතුව ඔය කිසිම අරගලයක් කරන්න බැහැ. ඒක තමයි යථාර්ථය.



වසන්ත මුදලිගේව බේරගන්න ත්‍රස්ත පනතට විරුද්ධව පැමිණි පෙළපාලියට චේම්බර් එක විරුද්ධ වුණා. “හැදීගෙන එන සංචාරක කර්මාන්තය අරගල කරලා බිඳ දමන්න එපා” කියා ඔවුන් ප්‍රකාශයක් නිකුත් කළා. ඒ පෙළපාලිය අන්තිම අසාර්ථක වුණා. නමුත් මාර්තු මාසේ වෙනකොට හැදීගෙන ආව සංචාරක කර්මාන්තය බිඳ දමන්න ඔවුන් එදා කටයුතු කළා... අරගල කරන්නෙත් අරගල කඩන්නේත් මේ කුඩා ව්‍යාපාරික කල්ලිය විසින් බව ඔබ තේරුම් ගත යුතුයි.

ගොඩයමු ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ තමයි ලංකාවේ “සුබසාධනවාදී” ආර්ථික ක්‍රමය අවසන් කිරීම. සරලව කිව්වොත් සමාජයේ සුබසිද්ධියට ආණ්ඩුව මැදිහත් වීම වැළැක්වීම. උදාහරණයක් හැටියට කිව්වොත් “වෙළඳපොළේ භාණ්ඩවල මිල රජය විසින් පාලනය නොකළ යුතුය” යන ප්‍රතිපත්තිය. ඊනියා අරගලයේ ප්‍රධාන ජයග්‍රහණයක් තමයි ඒක. මෙහි පදනම තමයි “වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක විය යුතුය” යන්න.



මෙච්චර කල් වුණේ රටේ බහුතර ජනතාවගේ “සුබසිද්ධිය” ආණ්ඩුව විසින් ආරක්ෂා කිරීමයි. උදාහරණයක් ලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වැඩි වුණත් ලංකාවේ ජනතාවට දරාගත හැකි අඩු මිලකට තමයි තෙල් දුන්නේ. ඒක ජනතාව දැනගෙන හිටියේ නැහැ. ඔවුන් හිතුවේ අපි සල්ලි දීලා තෙල් ගහගන්නවා කියලයි. නමුත් ඇත්තටම ඔවුන්ට තෙල් දුන්නේ සහන මිලකට. පාඩුව ආණ්ඩුව දරාගත්තා ණය සහ වෙනත් ආදායම්වලින්. දැන් එහෙම කරන්නේ නැහැ. දැන් ගෙවන්නේ වෙළඳපොළේ ඇත්ත මිල හොඳ ලාබයකට.



මේකට තමයි ලිබරල් හෙවත් නිදහස් ආර්ථික ක්‍රමය කියන්නේ. 1977 ජේ ආර් ජයවර්ධන විසින් ආර්ථිකය විවෘත කළාට ඒක නිදහස් කළේ නැහැ. මොකද එහෙම නිදහස් කළා නම් බහුතරයක් ජනතාවට යන එන මං නැති වෙනවා. ඇත්තටම එහෙම වුණා උතුරේ. අඩු මිලට ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම නිසා එහෙ ගොවියන්ට යන එන මං නැති වුණා. ඒ ප්‍රාදේශීය ආර්ථික බිඳවැටීම තමයි කොටි ත්‍රස්තවාදය දක්වා යන්නේ. ඒ නිසා ආර්ථිකය හැම වෙලාවෙම පැවතුණේ සුබසාධනවාදී ප්‍රතිපත්තියක. නමුත් ඒක ව්‍යාපාරිකයන්ට අවාසියක්. මේ ඔක්කොම පරණ සිස්ටම් එකම තමයි.

ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය වුණේ “වෙළඳපොළ මත පදනම් වූ සමාජවාදී” ආර්ථිකයක්. ඒක ලිබරල් ප්‍රතිපත්තිය නොවෙයි. ඒක මහින්ද රාජපක්ෂගේ “මධ්‍යස්ත” ප්‍රතිපත්තියත් නොවෙයි. ඒක වඩාත් සමාන වෙන්නේ ඇත්පවුර වැනි වැඩසටහන් ඔස්සේ මා විසින් ඉදිරිපත් කළ සමාජ ව්‍යවසායකත්වයටයි. ගෝඨාභය දැක්ම සහ මාගේ දැක්ම සමපාත වෙන්නේ ඒ ප්‍රතිපත්තිමය සමානකම මතයි. ඒක ඔය පරණ සිස්ටම් එකට වෙනස් ක්‍රමයක්. අපි ඒ දවස්වල ඒවා ඉගැන්නුවට ඒ සංකල්ප තේරුම් අරගෙන නොවෙයි බොහෝ පාවෙන ඡන්ද ගෝඨාභයට ලැබුණේ. ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ වෙන දෙයක්.



ගෝඨාභයව ඉවත් කිරීමට මෙරට ධනවත්ම ව්‍යාපාරික කල්ලිය කටයුතු කළේ මේ නිසයි. ගෝඨාභය තමයි අලුත් සිස්ටම් එකක් හදන්න හැදුවේ. උදාහරණයක් ලෙස රටේ මිනිස්සුන්ට වසවිස නැති ආහාර නිෂ්පාදනය කිරීම “සුබසාධනවාදී” ප්‍රතිපත්තියක්. නමුත් මෙරටට කෘෂි රසායන ගෙන්වන මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට එයින් පාඩු වෙනවා. අර ව්‍යාපාරික කල්ලියේ ප්‍රබලයන් ඔවුන්. ඉතින් ඔවුන් ඊනියා ගොවි සංගම්වල නායකයන්ට ස්පොන්සර් කරලා ඒ සිස්ටම් චේන්ජ් එක නැවැත්තුවා. දැන් තියෙන්නේ පරණ සිස්ටම් එකමයි. ඒකත් අරගලයේ ජයග්‍රහණයක්.


xdgsde

රසික සහ කර්නර් වගේ අය නම් මුල සිටම හිටියේ මේ ප්‍රොජෙක්ට් එකේ තමයි. රොහාන්ගේ මුළු දේශපාලන ජීවිතයම වැය වුණේ මේ ලිබරල්කරණයට. අජිත් පැරකුම් නම් මේවා ගැන එතරම් දිගක් පළලක් හිතලා කටයුතු කරන කෙනෙක් නොවෙයි. අරගලයට මුලින් සහාය දීලා රැල්ලට ප්‍රචණ්ඩත්වයටත් චුට්ටක් පෙළඹිලා නමුත් ඒක වරදක් කියලා ඉක්මණට තේරිලා ඉවත් වුණා. කර්නර් සහ රසික තමයි ඉතාම දක්ෂ ලෙස මේ ව්‍යාපෘතියේ ප්‍රචාරණය කළේ. බොහෝ තරුණ තරුණියන් ඔවුන්ට වහවැටිලා ඉන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ අපව දණගස්වන්නේ මේ ව්‍යාපාරික කල්ලියම තමයි. රාජ්‍ය සේවය “කප්පාදු කරනවා” කියා නොකියා “කුඩා කරනවා” කියා ප්‍රසිද්ධියේ කියන්නට තරම් අනුර දිසානායකව අසරණ කරන්නේ ජාතික ජනබලවේගය පිටුපස සිටින ඒ ධනපති ව්‍යාපාරික කල්ලිය තමයි. මේ රටේ දේශපාලනය කරන්නේ ධනපති ව්‍යාපාරික පැලැන්තියයි. එය වෙනස් කිරීමට උත්සාහ ගත් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.


ධර්මය අපට මග වේවා!

Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 නොවැම්බර් 11



go 1go 2go 4



සබැඳි ලිපි :

එකා වගේ ගොඩයන්න - (චින්තන ධර්මදාස)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගොඩයමූ - (එරන්ද ගිනිගේ) | The Leader