The Leader News
BREAKING
Top Ad
Opinion

ගොඩයමු වේදිකාවට ගොඩවුනේ ඇයි ? - සමාදනී කිරිවන්දෙණිය කියයි

T

The Leader Desk

November 11, 2022 • 8:56 PM

ගොඩයමු වේදිකාවට ගොඩවුනේ ඇයි ? - සමාදනී කිරිවන්දෙණිය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩයමු ! යනුවෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්චාවට දිගින් දිගට පහර ගහන කිහිප දෙනෙක් එම සාකච්චාවට මා නියෝජනය කළා යැයි පැවසෙන දේශපාලන /මතවාදී කදවුරක් පිලිබදව මටත් වඩා දන්නා ලෙස ප්‍රකාශ කරන නිසා මෙසේ ලිය තබමි.
  • මේ මොහොතේ රට ඔසවා තැබීමට මා එක්වෙන්නේ ලිබෙරල් වාදීන් සමගද, මාක්ස්වාදීන් සමගද රනිල්වාදීන් සමගද, රාජපක්ෂවාදීන් සමගද යනාදී වශයෙන් ලේබල් සොයා සොයා යාමට මට අවශ්‍ය නැත.
  • එම අවස්ථාවට විවිද ක්ෂේත්‍රවලින් එක්ව සිටි විවිද මත දරන්නන් එකතු කල පොදු අදහස වුයේ විවේචන පමණක් නොකර අප තනි තනිව සහ එක්ව මතවාදී සහ ක්‍රියාකාරකම් මගින් ධනාත්මක යමක් සිදු කලයුතුය යන්නය.
අකුරු ප්‍රමාණය (Font Size):



විවිද දේශපාලන සමාජ ගැටළු පිළිබද විවේචන විචාර පමණක් සිදුකරන බොහෝ පුද්ගලයන් අතර, යම්කිසි ධනාත්මක යමක් සිදුකිරීමට කටයුතු කරන තරුණ සොහොයුරියක් ලෙස මා හදුනාගෙන සිටින රන්දුලා මාහට ආරාධනා කලේ මේ මොහොතේ අපගේ රට වැටී ඇති අවපාතයෙන් ගොඩ ඒම සදහා මා පුරවැසියෙක් ලෙස මේ මොහොතේ යෙදී සිටින කටයුතු පිළිබද මගේ  අදහස් ඉදිරිපත් කිරීමටය.

එම අවස්ථාවට විවිද ක්ෂේත්‍රවලින් එක්ව සිටි විවිද මත දරන්නන් එකතු කල පොදු අදහස වුයේ විවේචන පමණක් නොකර අප තනි තනිව සහ එක්ව මතවාදී සහ ක්‍රියාකාරකම් මගින් ධනාත්මක යමක් සිදු කලයුතුය යන්නය. එම අවස්ථාවට පැමිණි පුද්ගලයින් සාමුහිකයක් ලෙසට ගොනුවූ කණ්ඩායමක් නොව යම් ධනාත්මක ආකල්පයන් පුරවැසියන් තුල වර්දනය කිරීම සදහා අරම්බකල ගොඩයමු  මතවාදී ප්‍රචාරණ වැඩසටහන් පෝෂණය කිරීමට තම අදහස් ඉදිරිපත් කිරීමට එම වැඩසටහන සැලසුම් කළවුන්ගේ ආරදනයෙන් පැමිණි කණ්ඩායමක් බව මගේ  අදහසයි.

 අපේ රටේ පුරවැසියෙක් ලෙසත්, තරුණ දරුවන් දෙදෙනෙකුගේ මවක් ලෙසත්, දශක හයක් අපේ රටේ දුප්පත් මිනිසුන් ශක්තිමත් කිරීමට ස්වේච්චාවෙන් කටයුතු කල දෙදෙනෙකුගේ දුවක් ලෙසත්, අදුරට සාපනොකර එක ඉටිපන්දමක් හෝ දැල්වීම වටිනා බව විශ්වාස කරන නිසා එම කටයුත්ත සදහා මම අප විසින් සිදුකරන කටයුතු වෙනත් සමාජ කටයුතු වල නියැලෙන්නන් සමග  බෙදා ගැනීමට එදින නිදහස් චතුරශ්‍රයට සහභාගී වුනෙමි.

go 3

මේ මොහොතේ රට ඔසවා තැබීමට මා එක්වෙන්නේ ලිබෙරල් වාදීන් සමගද, මාක්ස්වාදීන් සමගද රනිල්වාදීන් සමගද, රාජපක්ෂවාදීන් සමගද යනාදී වශයෙන් ලේබල් සොයා සොයා යාමට මට අවශ්‍ය නැත. අපගේ රටේ ලේබල් ගසන්නන් සහ ලේබල් පලදින්නන් කවදා හෝ ලේබල් පසෙක තබා මනුස්සකමින් රට සහ ප්‍රජාව ලෙස බලන දිනයක මා ඔවුන් සමග එක්ව අපේ රටේ ගස්කොලන්, සතා සීපාවා සහ දුවා දරුවන් ආරක්ෂා කිරීමට කතා කිරීමට සුදානම් බවත් එතෙක් මාව ලේබල් කිරීමට දරන උත්සාහය පිලිබදව අනුකම්පා සහගත ව ඉවසා වදාරන බවත් පවසා සිටිමි.


(සමාදනී කිරිවන්දෙණිය)



සබැඳි ලිපි:

ගොඩයමූ - (එරන්ද ගිනිගේ)

එකා වගේ ගොඩයන්න - (චින්තන ධර්මදාස)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගොඩයමු වේදිකාවට ගොඩවුනේ ඇයි ? - සමාදනී කිරිවන්දෙණිය කියයි | The Leader