The Leader News
BREAKING
Top Ad
Opinion

අරවින්ද යක්ෂයෙකු සේ ඉතුරු වී සිටින්නේ ඇයි?

T

The Leader Desk

November 23, 2022 • 7:10 PM

අරවින්ද යක්ෂයෙකු සේ ඉතුරු වී සිටින්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුණු පොතේ මහේෂ් හපුගොඩ ලස්සන ලිපියක් ලියලා තිබ්බා " යක්ෂයාගෙ ක්‍රිකට් ගහමු " කියලා.
  • මහේෂ්ගෙ ලිපියෙ මං ආස ම කොටස තමයි අරවින්ද පැවතීම වෙනුවෙන් ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි ප්‍රහාරක බව නිසා ම රැඳිලා හිටිය (පැවතිලා හිටිය) ක්‍රීඩකයෙක් කියන එක.
  • අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න ලිපිය ලිව්වෙ නැති බව මහේෂ් කියනව තමයි.
  • හැබැයි මං කැමතියි මෙහෙම කියන්න; " අරවින්ද ටිකක් කලින් ඉපදුණ නිසා යක්ෂයෙක් විදියට ඉතුරු වුණා " 77 හඳුන්වා දෙන නව ලිබරල් ධනවාදයට ක්‍රිකට් අහුවෙන්න පටන් ගන්න කාලෙ වෙනකොට අරවින්දලා පීක් ම ලෙවල් එකට ඇවිල්ලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට හොඳ යි කියන්නෙ නැතුව ලස්සන යි කිව්වෙ ඒ ලිපියෙ තව මොනව හරි තියෙන්න ඕන තුනපහ ටිකක් අඩු යි කියලා හිතෙන නිසා. මහේෂ් ඒක හිතල ම කරපු ගතියකුත් ඒකෙ තිබ්බ නිසා මං හිතුවා පොඩ්ඩක් මට පුළුවන් විදියට මං හිතන අඩු ම කුඩු ම ටික ඒකට එක් කරන්න.

මහේෂ්ගෙ ලිපියෙ මං ආස ම කොටස තමයි අරවින්ද පැවතීම වෙනුවෙන් ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි ප්‍රහාරක බව නිසා ම රැඳිලා හිටිය (පැවතිලා හිටිය) ක්‍රීඩකයෙක් කියන එක. මං හිතන්නෙ එතන තියෙනවා මහේෂ්, සංගා හා අරවින්ද අතර අඳින බෙදුම් රේඛාව අඳුන ගන්න අවශ්‍ය කරන සංඥාව. මහේෂ් කරන සමස්ත සන්සන්දනයෙ තියෙනවා සංගා කියන්නෙ අර කියපු අරවින්දගෙ අනික් පැත්ත කියල කරන ඇඟවීම.

ඒ වුණාට මං කියන්නෙ මහේෂ් ටිකක් අරවින්දට ආත්මීය වෙනව වැඩි යි කියන එක. අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න ලිපිය ලිව්වෙ නැති බව මහේෂ් කියනව තමයි. හැබැයි මං කැමතියි මෙහෙම කියන්න;

" අරවින්ද ටිකක් කලින් ඉපදුණ නිසා යක්ෂයෙක් විදියට ඉතුරු වුණා "



77 හඳුන්වා දෙන නව ලිබරල් ධනවාදයට ක්‍රිකට් අහුවෙන්න පටන් ගන්න කාලෙ වෙනකොට අරවින්දලා පීක් ම ලෙවල් එකට ඇවිල්ලා. මෙතන අරවින්දලා කියලා කිව්වෙ අරවින්දගෙ සමකාලීනයන් බොහෝ දෙනෙකු ඇතුළෙ පොඩි අරවින්ද කෙනෙක් (යක්ෂයෙක්) හිටිය නිසා. සනත්ගෙ පවා...



ප්‍රාග්ධනයට ක්‍රිකට්වල රස දැනෙන්න පටන් ගන්න කාලෙ ම මේ යක්ෂ පැටව්නුත් විකිණෙන්න ගත්තා. කීල්ස් සොසේජස් කනවා, කොකා කෝලා බොනවා. කාර් පෙරේතයා වගේ කතා හැදෙනවා.

මං මෙහෙම කියන්නෙ අරවින්ද සංගා වගේ මැනේජර්ලා තියා ගත්තෙ නෑ කියලා  මහේෂ් කියල තියෙන නිසා. ඒ කියන්නෙ ඇත්තට ම වුණේ තමන්ට ම කියලා මැනේජර් කෙනෙක් ක්‍රීඩකයෙකුට තියා ගන්න පුළුවන් මට්ටමට ඒ වෙලාවෙ  ක්‍රිකට් ධනවාදයට අහුවෙලා තිබ්බෙ නෑ කියන එක. අහුවෙච්ච මට්ටමෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ටික ප්‍රාග්ධනය යි මේ ක්‍රීඩකයො යි දෙගොල්ල ම අන්‍යෝන්‍ය විදියට ගත්ත. මේ චෝදනාවෙන් බේරෙන්න පුළුවන් වෙන්නෙ අර්ජුන වගේ ක්‍රීඩකයෙකුට විතර යි. මං කියන්නෙ අර්ජුනත් උපාසකයා කියලා නෙවෙයි.



අරවින්දලා තාම අපි ළඟ ක්‍රීඩකයො විදියට විතරක් පැවතිලා ඉන්න එක ධනවාදයට අදාළව කාලය පිළිබඳ කාරණයක් මිස අරවින්දලාගේ ම ස්වාභිමතය අනුව වෙච්ච දෙයක් නෙවෙයි කියල යි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ කුණු වෙන්න කලින් අරවින්දලාගේ පැවතීම අවසන් වුණා.



ඊට පස්සෙ ක්‍රීඩාවට ආව ගොඩක් ක්‍රීඩකයො අපි අතර රැඳිලා ඉන්නෙ එක අනන්‍යතාවයකින් නෙවෙයි. ඒ ගොල්ලො ක්‍රීඩකයො වෙන අතරේ ම ව්‍යාපාරිකයො, වෙළඳ නියෝජිතයො, වෙළඳ ප්‍රවර්ධකයො,ආ යෝජකයො, දේශපාලකයො, පරිපාලකයො, දේශකයො, සමාජ සේවකයො වගේ අනන්‍යතා ගණනක් නඩත්තු කළා. ඒ ගොල්ලන්ට ක්‍රීඩාවේ අරමුණ ක්‍රීඩාව ම නෙවෙයි කියලා ප්‍රාග්ධනය කියලා දුන්නා. ප්‍රාග්ධනය කියලා දුන්න අරමුණ සම්පූර්ණ කර ගත්ත ම ඒ ගොල්ලන්ට ක්‍රීඩාව වැදගත් නැති වෙලා ම ගියා. සහන් රන්වලගෙ කණ්ඩායම ගායනා කරන අර " ලොකු වුණා ම වෙන්නෙ කවුද ? " සින්දුවෙ ඉන්නෙ මෙන්න මේ අරවින්දලාට පස්සෙ ක්‍රීඩාවට ආපු ක්‍රීඩකයන්ගෙ පොඩි කාලෙ චරිත ටික.

 මහානාම එයාගෙ කතාව ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා Retired hurt (වේදනාත්මක සමුගැනීම) කියල .මං නං කියන්නෙ මහානාමලා කලින් සමු ගන්න සිද්ධ වෙච්ච එක ගැන ඒ ගොල්ලො කණගාටු වෙන්න ඕන නෑ. තාම අපිට අරවින්දලා යක්ෂයො වගේ පේන්නෙ ඒ නිසා; කලින් ගිය නිසා.


(ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න)
[ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න ගේ ෆේස්බුක් පිටුවෙන්]


සබැඳි ලිපිය :
යක්ෂයාගේ ක්‍රිකට් ගහමු... - මහේෂ් හපුගොඩ

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...