The Leader News
BREAKING
Top Ad
Opinion

අයිස්වලින් මරණය වෙනුවට ආණ්ඩුවෙන් මරණය - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 25, 2022 • 10:27 AM

අයිස්වලින් මරණය වෙනුවට ආණ්ඩුවෙන් මරණය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයිස් ළග තබා ගැනීමේ වරදට මරණ දඩුවම දෙනවා කියල ප්‍රවෘත්තියක් දැක්කා. මේක රටක් විදිහට ගනු ලබන ඉතාම අසංවේදී ක්‍රියාමාර්ගයක් වෙනවා.
  • ඒ අයගෙ අනාගතයම නැවත ගොඩගත නොහැකි සේ අඳුරු වීමයි.
  • අයිස් කියන්නෙ අහිතකර මත්ද්‍රව්‍යයක් සහ ඒ නිසා විශාල තරුණ පිරිසකගේ ජිවිත හානි සිදුවන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):



අයිස් කියන්නෙ අහිතකර මත්ද්‍රව්‍යයක් සහ ඒ නිසා විශාල තරුණ පිරිසකගේ ජිවිත හානි සිදුවන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් මේ අලුත් නීතියෙන් බලාපොරොත්තු වෙන යහපත මොකක්ද කියල කල්පනා කරලා බලන්න වෙනවා.


මත්ද්‍රව්‍යයකට යම් කෙනෙක් ඇබ්බැහි වීම පුද්ගල වරදක් නෙමෙයි. ඒක සමාජ වරදක්. අයිස් ඇබ්බැහිය නිසා මේ තරුණ පිරිස් හානි කරගන්නේ තමන්ටම මිස අන් කිසිවෙකුට නොවේ. නමුත් මේ නීතියෙන් යෝජනා වෙන්නෙ ඒ තරුණ පිරිසම තවත් පීඩාවට හසුකිරීමට වැඩි දෙයක් නොවේ.


අන්තිමට වෙන්නෙ රටේ තවත් බොහෝ තරුණයන් මරණ දඩුවම ලැබ සිරකුටි වල ගාල්වීමයි. ඒ අයගෙ අනාගතයම නැවත ගොඩගත නොහැකි සේ අඳුරු වීමයි.


මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කියන්නෙම සමාජයෙන් පිටස්තරභාවයට alienation හෙලීමේ අවාසනාවන්ත ඉරණමක්.  ඒක දඩුවම් ලැබිය යුතු වරදක් නෙමෙයි,  උදව් ලබා දිය යුතු තත්වයක්. දුප්පත් පසුගාමී සමාජයක් වන අපි මෙතනදි කරන්නෙ ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනු තරුණයන්ගේ ජීවිත සපුරා ව්නාශ කිරීමට තීන්දු කිරීමයි.


සංවේදී ප්‍රගතිශීලී රජයක් මෙවන් අමානුෂික නීති පැන්වීමට කිසිසේත් ඉඩක් නැත. දඩුවමෙන් පාලනය වෙනුවට අප උත්සාහ කළ යුත්තේ මේ තරුණයන් මුහුණ දෙන සැබෑ අවුල ආමන්ත්‍රණය කිරීමටයි.




රනිල්ගේ අයවැයට හුළං ගැහීම - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...