The Leader News
BREAKING
Top Ad
Opinion

සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 25, 2022 • 10:53 AM

සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ වියදම් පාලනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි කාලයේදී එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර
  •   අසත්‍ය කරුණු සදහන් කර තිබුණහොත් එය වරදක් ලෙස සළකා දඩුවම් නියම කිරීමටද, බොරු දිවුරුම් ප්‍රකාශ ලබාදීම පිළිබදව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා දඩුවම් කිරීමේ බලයක් මෙම පනත යටතේ හිමි වේ.
  • වියදම් සීමා ඉක්මවා තිබුණහොත් හෝ අසත්‍ය කරුණු සඳහන් කර ඇති බව සනාථ වුවහොත් ජයග්‍රහණය කළ ද මන්ත්‍රී ධුරය අහෝසි වේ.
  • මෙය ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදයකට යාමට නම් එම ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කළ හැකි මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මෙම නීති සංශෝධනය පිළිබඳ නිවේදනය කළ කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.


මෙම නීතිය අනුව මැතිවරණ සඳහා තරඟ කරන සියලු අපේක්ෂකයන් තමන් මැතිවරණ වෙනුවෙන් වැය කරන මුදල් සහ එම මුදල්වල ආදායම් මූලාශ්‍ර හෙළි කළ යුතුය.

 

එක් එක් මැතිවරණය හා මැතිවරණ කොට්ඨාසය අනුව වැය කළ යුතු උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් නිරණය කරනු ලැබේ. සියලු මැතිවරණ වියදම් එක් ගිණුමක් ඔස්සේ සිදුකළ යුතු අතර මැතිවරණයෙන් පසු සති තුනක් ඇතුළත සියලු අපේක්ෂකයන් වියදම් කළ මුදල් ප්‍රමාණය කොපමණද එය කෙලෙස ලබාගත්තේද කවුරුන්ද ලබාදුන්නේ යන්න පිළිබද සම්පූර්ණ තොරතුරක් දිවුරුම් ප්‍රකාශයක් මගින් ගිනුම් සාරාංශයක් ලබාදිය යුතුය.

 

අසත්‍ය කරුණු සදහන් කර තිබුණහොත් එය වරදක් ලෙස සළකා දඩුවම් නියම කිරීමටද, බොරු දිවුරුම් ප්‍රකාශ ලබාදීම පිළිබදව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා දඩුවම් කිරීමේ බලයක් මෙම පනත යටතේ හිමි වේ.


වියදම් සීමා ඉක්මවා තිබුණහොත් හෝ අසත්‍ය කරුණු සඳහන් කර ඇති බව සනාථ වුවහොත් ජයග්‍රහණය කළ ද මන්ත්‍රී ධුරය අහෝසි වේ. ඊළඟට පත්වීමට සිටින අයට ද එම නීතිය ම අදාළ වේ.


එමෙන්ම රජයේ දේපළ, රජයේ යාන වාහන, රජයේ සම්පත් සහ රජයේ සේවකයන් දේශපාලන කටයුතු වලට යොදාගැනීම මෙන්ම අයථා ක්‍රමවලින් මැතිවරණ සඳහා මුදල් ලබාගැනීම ද තහනම්ය.


මෙය ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදයකට යාමට නම් එම ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කළ හැකි මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මෙම නීති සංශෝධනය පිළිබඳ නිවේදනය කළ කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී පැවසීය.

 

පසුගිය සමයේදී දිගින් දිගටම ඇතැම් මැතිවරණ අපේක්ෂකයෝ මැතිවරණ ප්‍රචාරය සඳහා අතිවිශාල ධනස්කන්ධයන් වැය කළහ. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ රාජපක්ෂ පවුලේ සමීප නෑයකු වන නිපුණ රණවක මෙසේ විශාල මුදලක් වියදම් කර ප්‍රවීණ දේශපාලනඤයන් පවා පසුබස්වා ඉහළම මනාප ලබාගත්තේය. ඔහු සෙලවූ සල්ලි ගස නිසා තව පොඩ්ඩෙන් වත්මන් කතානායක මහින්ද යාපා පවා පාර්ලිමේන්තුවෙන් එළියට විසිවීමට ඉඩ තිබිණි. කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්තිට ද තේරී පත්වන්නට බැරි විය.

 

මෙම ක්‍රමය හේතුවෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා ආදියේදී අලුතෙන් මහජන නියෝජිතයන් ලෙස පත්වීමේ හැකියාව ලැබී තිබෙන්නේ දේශපාලන හා ව්‍යාපාරික පවුල්වල අයට පමණි. සැබෑ උවමනාවකින් දේශපාලනය කරන, ජනතාව අතර ද වැඩ කළ බොහෝ දේශපාලනඥයන්ට මේ හේතුව නිසා මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වීමේ අවස්ථාව අහිමි වේ.



අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader