The Leader News
BREAKING
Top Ad
Opinion

මම ආසයි සිලෝනෙට...- (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 30, 2022 • 4:49 AM

මම ආසයි සිලෝනෙට...- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදේ දැක්ක සිලෝන් ඔක්සිජන් කියල ගහගෙන ලොරි පතයක් යනවා. සිලෝන් කියන නම ආයෙත් වැදුණේ ඒකත් එක්ක. හැබැයි මේක දැකල කට්ටිය ටිපර්
  • ඇත්තටම ගත්තොත් උගෙත් නෙවෙයි.
  •   තියරි දාල කිව්වොත් ඔවුන් හඳුන්වල දුන්න ධනවාදී ක්‍රමය ඇතුලේ දේවල් පහසුවෙන් හුවමාරු කරගන්න, මිනිස්සුන්ට පහසුවෙන් එහා මෙහා යන්න, අනන්‍යතාව දැනගන්න ටිකක් ලෝකෙටම හරියන බ්‍රෑන්ඩ් නේම් එකක් (ගෝලීය සන්නාමයක්).
  • හැබැයි මේ ''නැතිකම'' නැත්නම් ''අඩුව'' නැත්නම් ''හිස්බව'' නිසා ඒ යන ඕනෑම තැනක ඕනෑම දෙයක් වෙන්න පුළුවන් විශ්වීය ශක්‍යතාවක් (universal potential) දැන් ඔබට තියනවා කියල ජිජැක් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාක් කරන්න පුළුවන්. කමක් නැහැ.


සිලෝන් කියන නමට කලින් මොකක් තිබ්බද මම දන්නේ නැහැ. සෙරන්ඩිබ් ද, රාවණ දේසේ ද, සිංහල දීපෙ ද මොකක්ද දන්නේ නැහැ. මොකක් වුණත් වැඩක් නැහැ. සුද්ද නැත්නම් යටත් විජිත ස්වාමියා දුන්න අලුත් නම ඒක.


ඊඩිපස් විදියට කිව්වොත් පියා දුන්න නම කියන්නත් පුළුවන්. දෙවියන්ගේ වචනෙන් කිව්වොත් බෞතිස්ම කියන්නත් පුළුවන්.


ඉංගිරිසි සුදු ස්වාමියා ලෝකෙ වටේ යන ගමනෙදි හමුවෙච්ච එක නැවතුමක් මේ සිලෝනෙ. ඌ ඌට පහසු විදියට උච්චාරණය කරන්න පුළුවන් නමක් ඒකට තිබ්බ. ලංකා. සිරි ලංකා, සිංහල දීප, සෙරන්ඩිබ්, රාවණ දේස ඌට හරිගියේ නැහැ. ඌ කිව්වා සිලෝනෙ කියල. නිකම්ම සිලෝනෙ නෙවෙයි. උගේ කෑල්ලත් එකතු කරලා බ්‍රිතාන්‍ය සිලෝනෙ කිව්වා (British Ceylon). ඒ කියන්නේ පියාගේ කෑල්ලත් එකතු කරලා දරුවට නම තිබ්බ.


පෘතුගීසි සයිලාඕ (Ceilão) කියන එක ඌ කඩාගත්ත සිලෝන් කියල. තැප්රොබානා, තම්බපන්නි, සෙරන්ඩිබ්, සිංහලදීප ඔක්කොම පැත්තක දාල ඌ අපිට ගෝලීය නමක් දානවා. ඒක සිංහලත් නෙවෙයි, දෙමළත් නෙවෙයි, තම්බිත් නෙවෙයි, මැලේත් නෙවෙයි, බර්ගරුත් නෙවෙයි. ඇත්තටම ගත්තොත් උගෙත් නෙවෙයි.


බෑන්ක් ඔෆ් සිලෝන්, සිලෝන් රේල් වේ, සිලෝන් පෙට්‍රෝලියම්, සිලෝන් ටුබැකෝ, සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, රේඩියෝ සිලෝන් වගේ නම් ගොඩයි. සිලෝන් ටී කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්. තවත් මාකට් ඒ නම.

 

තියරි දාල කිව්වොත් ඔවුන් හඳුන්වල දුන්න ධනවාදී ක්‍රමය ඇතුලේ දේවල් පහසුවෙන් හුවමාරු කරගන්න, මිනිස්සුන්ට පහසුවෙන් එහා මෙහා යන්න, අනන්‍යතාව දැනගන්න ටිකක් ලෝකෙටම හරියන බ්‍රෑන්ඩ් නේම් එකක් (ගෝලීය සන්නාමයක්). තනි වචනේ නමක්. මෙහෙටත් හරියන, එහෙටත් හරියන, වෙළඳපළටත් හරියන ඇහැට වදින නමක්.

 

සිලෝන් කියන එක උච්චාරණය කරන්න බ්‍රිතාන්‍ය කාරයටත්, ප්‍රංශ කාරයටත්, ජර්මන් කාරයටත්, රුසියන් කාරයටත්, ජපනටත්, චීනටත් පුළුවන්.


දැන් නිකම් හිතෙනවා නේද ''සිරි ලංකා'' කියන නම නැතුව මොකක්දෝ එකක් නැහැ වගේ. අඩුයි වගේ. හිස් බවක් වගේ. ඒක තමයි මිනිස් පැවැත්මේ අඩුව.


මේ නැහැ කියල හිතන ''අඩුව'' නිසා තමයි අපිට ගෝලීය වෙන්න පුළුවන් වෙන්නේ. පාස්පෝට් එක දෙනකොට ලෝකේ ඕනෑම ඉමිග්‍රේෂන් කවුළුවකට මේ අඩුව හිතට එනවා නේද?


ඒක රැඩිකල් හිස් හැඟීමක්.


හැබැයි මේ ''නැතිකම'' නැත්නම් ''අඩුව'' නැත්නම් ''හිස්බව'' නිසා ඒ යන ඕනෑම තැනක ඕනෑම දෙයක් වෙන්න පුළුවන් විශ්වීය ශක්‍යතාවක් (universal potential) දැන් ඔබට තියනවා කියල ජිජැක් කියනවා.


මොනවා හරි අලුත් දෙයකින් ඒ හිස්බව පුරවාලන්න.


ගොඩක් අය එළියට යන නිසා ලිව්වේ. පරිස්සමෙන් යන්න.



පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...