The Leader News
BREAKING
Top Ad
Opinion

චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

December 13, 2022 • 5:24 PM

චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුතුගල සර් හින්ද දැන් රටේම චාර්ල්ස් ඩාර්වින් ගැනත් පරිණාමවාදය ගැනත් එකපාර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා.
  • විශේෂයෙන් එයාගෙ ස්වභාවික වරණවාදය කොයිතරම් දෝෂ සහිතද කියන එකත්, ඒ පිළිගැනීම් ලිංගික සහ සමාජ විෂයෙහි කොයිතරම් නරක ප්‍රතිඵල ඇති කළාද කියන එකත් මෙතනදි කතාවට ගැනෙනවා.
  • අපේ උනන්දුව ඇත්තේ සත්‍යය පිළිබඳ පමණි.
  • චාර්ල්ස් ඩාර්වින් – ද ඩිසෙන්ට් ඔෆ් මෑන් අත්තික්කා කොලයකින් ගොඩක් දේවල් වහගන්න පුළුවන් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



ඉතින් චාර්ල්ස් ඩාර්වින් මං ඉතා කැමති සෙක්ස් විෂයට බලපාන්නෙ කොහොමද කියන එක ගැන යමක් මේ සංවාදයට එකතු කරන්න කල්පනා කළා. විශේෂයෙන් එයාගෙ ස්වභාවික වරණවාදය කොයිතරම් දෝෂ සහිතද කියන එකත්, ඒ පිළිගැනීම් ලිංගික සහ සමාජ විෂයෙහි කොයිතරම් නරක ප්‍රතිඵල ඇති කළාද කියන එකත් මෙතනදි කතාවට ගැනෙනවා.

මේ පරිච්ඡේදය ක්‍රිස්ටෝෆර් රයන් සහ කැසිල්ඩා ජේතා විසින් රචිත ‘Sex at Dawn’ කියන පොතෙන් ගත්ත එකක්. මට පුළුවන් තරම් සරලව ඒක සිංහලෙන් කියන්න උත්සාහ කරනවා.

sex at dawn


ඩාර්වින් සෙක්ස් ගැන නොදැන සිටියේ කුමක්ද?

‘අප මෙතනදි බිය හෝ බලාපොරොත්තු ගැන උනන්දු වන්නේ නැත. අපේ උනන්දුව ඇත්තේ සත්‍යය පිළිබඳ පමණි. ඒ අපේ තර්කය විසින් එය අනාවරණය කර ගත හැකි තාක්ය’.

චාර්ල්ස් ඩාර්වින් – ද ඩිසෙන්ට් ඔෆ් මෑන්


chals darvin


අත්තික්කා කොලයකින් ගොඩක් දේවල් වහගන්න පුළුවන් ඇති. ඒත් මිනිසාගේ ලිංගය ප්‍රාණවත් වීම නම් ඒකෙන් වහන්න බෑ. මානව ලිංගිකත්වය ගැන තියෙන පොදු මහා නැරටිව් එක රවටනසුලු, පිළිගත නොහැකි මොනොගමියක සංවර්ධනයක් ගැන අදහස ස්ථාවර කරන්න ගොඩනගපු එකක්. මේ නැරටිව් එකේ හැටියට විෂම ලිංගික ස්ත්‍රී පුරුෂයන් යනු අපේ ප්‍රතිවිරුද්ධ ජානවල ඇජන්ඩාවක් අනුව ක්‍රියාත්මක වෙන යුද්ධයක ඉත්තන් වගේ වෙනවා. සියලු විනාශයට මුල අපේ ජීව විද්‍යාත්මක ඩිසයින් එක කියලයි අපිට උගන්නන්නෙ. පිරිමි තමන්ගේ බීජ පුළුවන් තරම් පතුරවන්න වෙහෙසෙනවා. (මේ අතර තමන්ට පමණක්ම කියල ස්ත්‍රීන් තබාගැනීමෙන් පිතෘත්වය සහතික කරන්න දගලනවා) මේ අතර කාන්තාවන් තමන්ගේ සීමිත ඒ නිසාම වටිනා ඩිම්බ නොවැදගත් පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. හැබැයි තමන්ට සපයා දෙන්න පුලුවන් සැමියෙක් සමග ලැබුනු පසු ඒ අය ජානමය වශයෙන් ඉහළ යැයි ගැනෙන මෝල්ඩර් වර්ගයේ හතරැස් හනු සහිත පිරිමින් සමග රහසින් රමණයේ යෙදෙන්න ඉඩ ලද සැණින් සාය උස්සනවා. මේක නිර්මාණය කරන්නෙ ලස්සන චිත්‍රයක් නම් නෙමෙයි.

ජීව විද්‍යාඥයෙක් වන ජොආන් රෆ්ගාර්ඩන් කියන්නෙ මේක අවුරුදු 150ට කලින් ඩාර්වින් විසින් විස්තර කළ චිත්‍රයේම දිගුවක් කියල. ස්ත්‍රී පුරුෂ ලිංගික භූමිකා ගැන ඩාර්විනියානු නැරටිව් එක අහම්බ පටලැවීමක් නෙමෙයි. අද විද්‍යාත්මකයි කියල පිළිගන්න අන්ඩරදෙමළ ඇතුලෙ මේක විද්‍යාත්මකව ඔප්පු කළ සත්‍යයක් වෙලා තියෙනවා. ස්වභාව ධර්මය ගැන ලිංගික වරණයේ දැක්ම විසින් යෝජනා කරන්නෙ ගැටුම්කාරී, රැවටිලිකාර, කැත ජාන මුහුවීමක්.

Amy Alkon Columnist


මේ ජනප්‍රිය කතාව Advice Goddess නමින් කොලමක් ලියන එමි ඇල්කන් හොඳටම විස්තර කරනවා.

‘ තනිව දරුවෙක් රැකබලාගන්නා මවකට පවතින්න නරක තැන් ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් වඩාත්ම නරක තැන වෙන්නෙ අවුරුදු මිලියන 1.8ට එපිට සැවානා බිමයි. අපිට සාර්ථකව ජාන මුහුකළ අපේ මිත්තනියන් වන්නේ තමන් පඳුරකට මුවාවෙන්නෙ කා සමගද යන්න හොඳින් තීරණය කළ අයයි. අධමයන්ගෙන් පියවරුන් වෙන් කරගත හැකි වූ අයයි. පිරිමින්ට වෙනත් ජානමය අවශ්‍යතාවක් තිබුන. තමන්ගේ නොවන දරුවන් තමන් විසින් මරාගත් බයිසන්ලා ගෙනත් පෝෂණය කරන්න ඒ අයට ඕන වුනේ නෑ. ලේසියෙන්ම රෙද්ද උස්සන කාන්තාවන්ට ගලක් උඩ පෙරලගන්නවට වඩා වටිනාකමක් දීම අවදානමක් වුනා’

බලන්න මේ කතා කොයිතරම් හොඳට එකිනෙක ගැලපෙනවද කියල. මවක් වීමේ අවදානම, අධමයන්ගෙන් පියවරුන් වෙන් කර ගැනීම, පියෙක් විදිහට ආයෝජනය, ඉරිසියාව, ලිංගික දෙබිඩිකම… ඒත් හොඳට ගැටගහලා තියෙන, ඔබේ නොවන පැකේජ් ගනිද්දි පරිස්සම් වෙන්න කියල එයාර්පෝර්ට්වලදි පවා දැනුවත් කරනවා.


‘ඉංග්‍රීසි කාන්තාවක් කියන්නෙ කවුද කියන එකත් මට දැන් අමතක වෙලා තියෙනවා. ඇය සතුව දිව්‍යමය යහපත් බවක් තිබුන’.

චාල්ස් ඩාර්වින් – බීගල් සිට ලියූ ලිපියක

‘වංශවතුන් ගැන අනුකම්පා කළ යුතුයි. ආදරයේදි ඔවුන්ට තිබුණු වාසි ඉතා අල්පයි. ඔවුන්ට කියන්න පුළුවන් ඔවුන් සුන්දර බිරිඳකගේ චුම්බනයක් බලාපොරොත්තුවෙන් දේවස්ථාන උද්‍යානයේ රැඳී ඉන්නවා කියල. ඒත් ඔවුන්ට කියන්න බෑ ඇය මට යටවෙලා, මගේ පිට පහුරු ගාමින් සිටියා කියල. මම මගේ ශුකානු ඇගේ පතුලටම විද්දා කියල..

රොජර් මැක්ඩොනල්ඩ්
මිස්ටර් ඩාවින්ස් ෂුටර්


අපේ සම්බන්ධතා සහ ලිංගිකත්වය අතර මේ අතිශය ගැටලුකාරී තත්වෙ ගැන අපි නැවත සිතා බලන්න පටන් ගන්නවා නම් ඒකට හොඳම තැන තමයි චාල්ස් ඩාවින්.

ඩාවින්ගේ විශිෂ්ට අධ්‍යයන විසින් නොදැනුවත්වම ශෘංගාර විරෝධී නැඹුරුවට සෑහෙන කාලයක් පවතින විද්‍යාත්මක මතුපිටක් සකස් කර දී තියෙනවා. කොයිතරම් විශිෂ්ටයෙක් වුනත් ඩාර්වින් සෙක්ස් ගැන නොදන්නා තරම වෙළුම් ගණන් ලියන්න පුළුවන්. මේ එයින් එකක් විතරයි.

1859 දි On the Origins of Species මුද්‍රණය වෙද්දි ක්ලැසිකල් ඊරා එකට කලින් තිබුනු මානව ජීවිතය ගැන දැනගෙන හිටපු දේ ඉතා අල්පයි. පූර්ව ඉතිහාස යුගය විදිහට සැලකෙන මේ අවුරුදු 200,000 ක පමණ කාලය, ඒ කියන්නෙ මිනිසා ශරීරමය වශයෙන් නූතන නමුත් කෘෂිකර්මය හෝ ලේඛනය නොමැතිව වාසය කරපු කාලය කියන්නෙ අනුමාන අඩමාන තියරිවලින් පුරවන්න පුළුවන් කාලයක් විතරයි. ඩාර්වින් සහ තවත් අය විද්‍යාවේ සහ ආගම අතර ගැටගැහුනු තැන් ලිහිල් කරන්න වෙහෙසෙන කාලෙ වෙද්දි අපේ ඈත අතීතය ගැන තිබුනු හැම විශ්වාසයක්ම ආගමික ඒවට සීමා වුනා. ප්‍රයිමේටාවො ( අපි වඳුරො වානර‍යො අයිති වෙන ක්ෂිරපායි කාණ්ඩය) ගැන දැනුම තිබුනෙ ළදරු තත්වයක. මේ හින්ද ඩාර්වින් නොදැකපු විද්‍යාත්මක කාරණා දිහා බලද්දි අපිට තේරෙනවා මේ විශිෂ්ටයා අන්ධ වූ පැත්තත් එයාගෙ ඉන්සයිට්ස් තරම්ම අපිට වැදගත් අවබෝධයක් ලබා දෙනවා කියල.


උදාහරණයක් විදිහට ඩාර්වින් ප්‍රශ්න කිරීමක් නැතුවම තෝමස් හොබ්ස් විසින් ආදි මානවයා ගැන දරපු මතවාදය බාරගත්තා. ඒ යුගයේ ජීවිතය මෘග, දුක්ඛිත,වේදනාකාරී, ප්‍රචන්ඩ සහ කෙටි එකක් කියන එක. මේ මතවාදය නූතන මිනිස් ලිංගිකත්වය විස්තර කිරීම දක්වාම ගමන් කරන්න ඩාර්වින් විසින් ඉඩ හැදුවා. පූර්ව ඉතිහාසික ලිංගිකත්වය ගැන පරිකල්පනය කරන්න කියපු ගමන් අපිට මතක් වෙන්නෙ මුගුරක් අතින් ගත්ත තඩි මිනිහෙක් ගෑනියෙක්ව කොන්ඩෙන් ඇදගෙන ගල්ගුහාවකට අරන් යනවා වගේ දර්ශනයක්.


xdftre


අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් මේ පූර්ව යුගය පිළිබඳ හොබ්සියානු අදහස් කොයිතරම් සාවද්‍යද කියන එක. ඒ වගේම ඩාර්වින් තෝමස් මැල්තුස් ගෙ කිසිම විදිහකින් ඔප්පු නොකළ අතීත මානව ජීවිතය ගැන තියරි එයාගෙ න්‍යාය ගොඩනැගීම පිණිස පාවිච්චි කළා. මේ නිසා ඩාර්වින්ට මේ පූර්ව යුගය ගැන තිබුනෙ අධිනිශ්චය කළ දුකක්, ඛේදයක් වගේ හැගීමක්. එයාට වික්ටෝරියානු ජීවිතය වඩා උසස් කියන අදහස තිබුණ. මේ මූලික වැරදි වටහා ගැනීම වර්තමානය දක්වාම එන පරිණාමවාදී කියවීම්වලට පසුබිම් වෙලා තියෙනවා.

මේ ප්‍රචන්ඩ පිරිමියා සහ තෝරනසුලු ගැහැණිය අතර නොනවතින නර්තනය ගැන නැරටිව් එක ඩාර්වින් විසින් ඉදිරිපත් කළ එකක් නෙමෙයි. ඒත් ඩාර්වින් මේ නැරටිව් එක ස්වභාවික සහ වෙනස් කළ නොහැකි එකක් විදිහට තහවුරු කරන්න ලොකු වැඩ කොටසක් කළා.

එයා මෙහෙම ලියනවා,

‘ගැහැණිය, ඉතාම කලාතුරකින් හැරෙන්නට, පිරිමියා තරම් (ලිංගික ක්‍රියාවට) කෑදර නැත. ඇය පොළඹවා ගත යුතුය. ඇය ලැජ්ජාශීලියි. ඇය බොහෝ කාලයක් පිරිමියා මගහැර යන්නට උත්සාහ කරයි.’

මේ කාන්තාවන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ චර්යාව බොහෝ ක්ෂීරපායී සතුන් අතර සංසර්ග ක්‍රියාවේදී දකින්න තිබුනත් ඒක මානවයන්ට කොහෙත්ම අදාල වෙන එකක් නෙමෙයි. ඒ වගේම අපිට බෙහෙවින් සමීප අනෙක් ප්‍රයිමේටාවො අතරත් මේ තත්වය දකින්න නෑ.

ඉදිරි කොටසින් හමුවෙමු.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)
December 13, 2022

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...