The Leader News
BREAKING
Top Ad
Opinion

ආදරය වගේම, ලිංගිකත්වය කියන්නේ උවමනාවක්, අයිතියක් - (චමින්ද ගුණසිංහ)

T

The Leader Desk

December 16, 2022 • 12:31 PM

ආදරය වගේම, ලිංගිකත්වය කියන්නේ උවමනාවක්, අයිතියක් - (චමින්ද ගුණසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දොරවල් වහගත්ත කාමර ඇතුලේ හෝ ආවරණය වෙච්ච තැනක මේ වැඩේ කරන එකෙන් විතරයි මිනිස්සු තිරිසනුන්ට වඩා සංස්කෘතික වෙන්නේ..
  • මිනිස්සු ඒක තිරිසනුන් ට වඩා රසවින්දනාත්ම කලාවක් බවට පත් කරගෙන තියනවා..
  • ඒකත් මනසින් උසස් බවේ ප්‍රබල මං සංදියක්..
  • අපේ රටේ ලිංගිකත්වය ගැන ප්‍රමාණික සාකච්චාවක් නෑ කියන එක දැන් අහල ඇති වෙච්ච එකක්..
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වැඩේදි අනික් හැම අතින් ම මිනිසුන් තිරිසනුන් අභිභවා යනව. ඒක ට තිරිසනුන් ට වඩා තිරිසන් වෙනවා වගේ තිරිසන් නිර්වචනයක්‌ දෙන්න නරකයි..


මිනිස්සු ඒක තිරිසනුන් ට වඩා රසවින්දනාත්ම කලාවක් බවට පත් කරගෙන තියනවා.. නැත්නම් ඒක art එකක් කරගෙන තියනවා..
ඒකත් මනසින් උසස් බවේ ප්‍රබල මං සංදියක්..


අපේ රටේ ලිංගිකත්වය ගැන ප්‍රමාණික සාකච්චාවක් නෑ කියන එක දැන් අහල ඇති වෙච්ච එකක්..

 

S 1අපි නම් ඉස්කෝලේ හයේ හතේ ඉඳන් ම යාලුවෝ එක්ක ඔය ගැන ප්‍රමානිකත්වය ඉක්මවා කතා කරලා තියනවා වගේ අදහසකුත් මට තියනවා හැබැයි ඒවා විද්‍යාත්මක ද, සංස්කෘතික ද වගේ තත්වයන් ගැන විවාද තිබුන ත් මෙච්චර කල් වැඩ ගත්තේ ඒ අවිදිමත් අද්‍යාපනය  ට පිං සිද්ද වෙන්න තමයි.

 

මං මේ වටේ යන්නේ පොඩ් දෙයක් කියන්න..


ඇත්තටම ලිංගික ව හැසිරෙන විදිය ගැන. ඉරියව් ගැන, වෙලාවල් ගැන, vedio කරනවද නැද්ද කියන එක කාටවත් සීමාවල් හෝ සිද්දාන්ත ඉදිරිපත් කරන්න බෑ,


ඒක අතිශය පුද්ගලික කැමැත්ත වගේම අයිතිය...


මෙහෙම කරොත් හරි මෙහෙම කරොත් වැරදි යි කියලා එකක් sex වලට නෑ.

 

FB Sex Tape 1


ඒක තමන්ගේ පුද්ගලික අය්තියක් කියලා පිළිගන්නකොටම අනිත් පැත්තේ න් ඒක සමාජයේ හැම මිනිහෙක් ගේම අතිශය පුද්ගලික අය්තියක් කියලා අපි පිළිගත්තා වෙනවා..

 

එහෙම නම් අනුන්ගේ නිදන කාමරවලට එබෙන එක අතිශය නරක වැඩක් බව තේරුම් ගත යුතු වෙනවා..


හැබැයි තමන් ඒ කරන වැඩේ වැඩි දෙනෙක් බලන එක ආදායමක් කරගත්ත porn site කරන අයට අදාලව මේක වලංගු වෙන්නේ නෑ මොකද අපි තමයි ඔවුන් ගේ ප්‍රදාන පාරිභෝගිකයෝ.. ඒක ඔය යන විදිහට කරගෙන ගියා ට මගේ අවුලක් නෑ..

 

# හැබැයි එහෙම නොවන පුද්ගලිකත්වය ගැන බරපතල විදිහට හිතන කෙනෙකුගේ vedio පටයක් නැරඹීමට ..


# තවත් කෙනෙකු ට share කිරීමට..

 

# කිසියම් device එකකින් සොරකම් කිරීමට, සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට පේර සිය දහස් වතාවක් සිතන්න..

 

එවැනි දේ ඔබ වෙත එවන මිතුරන් හෙට දවසේ ඔබේ vedio පටයක් ලැබුනත් එලෙසම රස විඳිමින් තලු මරණ බව අමතක නොකරන්න..


එවැනි දේ ට නොබියව විරුද්දවෙන්න කොන්දක් හදාගන්න..

 

 112858903 d87db00a 06a2 4345 afa5 0a7c03eed80c


එවැනි ආතතියක්‌ දරා ගත නොහැකිව සියදිවි නසා ගත් ජීවිතවල සැබෑ මිනී මරුවා උඹ වෙන්න පුළුවන් බව අමතක කරන්න එපා..


මිනිහෙකුට කෙල උනාම ඒක රස විඳින පුරුද්දක් අපිට කවදාවත් තිබිල නෑ.. බල්ලෙක් හැප්පිලා හිටියොත් වතුර පොවලා ජීවිතේ ගොඩ දාන්න බලපු සමාජයක් බලු වෙච්ච හැටි ගැන කතාවක් මං කිව්වේ....

 

මේ රටේ පාලකයෝ ලංකාවේ cyber නීතිය වහාම යාවත්කාලීන නොකලොත් තව අසරණයින්, වින්දිතයින් දහස් ගණනක් දිනපතා බිහි වේවී.

 

මමත් ඒ සටනට කර තියන්න ලෑස්තියි..


මේක පුරවැසියන්ට සහ පාලකයන්ට දෙගොල්ලොටම කරන්න තියන වැඩක්..


cg(චමින්ද ගුණසිංහ)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
Chamee.funny@gmail.com

#lanka change makers

 

 

 


සබැඳි ලිපි :
සයිබර් හිංසනයට ලක්වූවන්ට නිසි මගපෙන්වීමක් අවශ්‍යයි - Lanka change makers



 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...