The Leader News
BREAKING
Top Ad
Opinion

මුලින් වැඩේ කරමු. පස්සේ නම හැදෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 18, 2022 • 6:51 AM

මුලින් වැඩේ කරමු. පස්සේ නම හැදෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෝන් ...බටහිර පුද්ගල නම්වල සාම්පල් එකක් විදියට ගමු. මේක බටහිර ලෝකේ පට්ට පොදු නමක්. හැම එකාටම වගේ ජෝන් කෑල්ලක් තියනවා. පරණ
  • දැන් මේ නම පොදුයි, හැමෝටම තියනවා කියල හීනමානයක් ඇතිකර ගන්න ඕනි නැහැ.
  •   මොකද ඔය ඉහත සාම්පල් එකේ හැමෝම වගේ ජෝන් කියන පොදු නම තියාගෙන එයාලගෙම පැවැත්මක් - නමක් - අනන්‍යතාවක් අත්පත් කරගත්ත.
  • ඒ වැඩේ ඇතුලේ තමන්ගේ නම සනිටුහන් කරගත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):

තෙස්තමේන්තුවේ ඉඳන් මේක දකින්න පුළුවන්. ග්‍රීක භාෂාවෙන් පරණ තෙස්තමේන්තුවේ ලියවුණ ''යොහානා'' වගේ එකකින් ඒ නම එන්නේ.


ඉතින් ක්‍රිස්තියානි ලෝකේ නම් තියනකොට ඔය බයිබලයට සම්බන්ද මොකක් හරි වක්තෘ කෙනෙක්ගේ නම් කෑල්ලක් හැමෝටම වගේ දානවා. ඉස්ලාමික ලෝකේ නම් 'මොහොමඩ්' කෑල්ල. සියයට අනුවක් මුස්ලිම් අයගේ මේ මොහොමඩ් කෑල්ල තියනවා. පෝස්ට්මොඩන් අහුබුදු සුකුනි, බුකුනි, අතන තෙමුනා, මෙතන වේලුනා වගේ ඒවා නෙවෙයි. පරණයි. මූලාකෘතයි.  


මොහොමඩ් අලි, මොහොමඩ් අලි ජින්නා, යුසුෆ් මොහොමඩ්, මොහොමඩ් අල් සවාහිරි මේක කෙළවරක් නැහැ.


දැන් අපි බලමු ජෝන් ගැන...ජෝන් ලෙනන්, ජෝන් අප්ඩයික්, ජෝන් මෙලන්කැම්ප්, ජෝන් ජෙට්, එල්ටන් ජෝන්, ජෝන් කෙනෙඩි, ජෝන් ලොක්, ජෝන් ස්ටුවට් මිල්, ජෝන් මිල්ටන්, ජෝන් සෙකාඩා, ජෝන් වයින් ...ඔය තියෙන්නේ ඕනි තරම්.


දැන් මේ නම පොදුයි, හැමෝටම තියනවා කියල හීනමානයක් ඇතිකර ගන්න ඕනි නැහැ. මේ ලෝක සම්මතේට නොතිබුණ නමක් හොයන්න වදවෙන්න ඕනිත් නැහැ.  


මොකද ඔය ඉහත සාම්පල් එකේ හැමෝම වගේ ජෝන් කියන පොදු නම තියාගෙන එයාලගෙම පැවැත්මක් - නමක් - අනන්‍යතාවක් අත්පත් කරගත්ත. එයාලගෙම වැඩක් කළා. ඒ වැඩේ ඇතුලේ තමන්ගේ නම සනිටුහන් කරගත්ත.

 

john


ජෝන් ලෙනන් (සංගීතය) නෙවෙයි ජෝන් අප්ඩයික් (සාහිත්‍යය) කියන්නේ. ඒ වගේම රොක් මියුසික් ඇතුලේ ගත්තොත් ජෝන් ලෙනන් නෙවෙයි එල්ටන් ජෝන් කියන්නේ. පැහැදිළිව දෙන්නෙක්. වැඩ දෙකක්. අනන්‍යතා දෙකක්. ලෝක දෙකක්. හැබැයි එකම ලෝකයක්.

 


නමේ නෙවෙයි අවුල තියෙන්නේ. වැඩේ. වැඩේ අවුල් උනොත් නම් නම ජෝන් බාස් වෙනවා.


නම ගැන ඔච්චර කරදර වෙන්න එපා. ඉස්සෙල්ල වැඩේ කරන්න. පස්සේ නම හැදෙයි.

 

සියල්ලට පෙර තිබුණේ වචනය. වචනය අයිති උණේ දෙවියන්ට. ඉතිං දෙවියන් තමයි වචනය (ජෝන් 1.1).  

ඔබ ගොඩක් යුහුසුළුව ජීවිතය සැලසුම් කරද්දී ඒ සැලසුමේ කිසිදා නොතිබූ දෙයක් ඔබ ජීවිතයට සිදුවී ඇත්නම් එය ජීවිතය ලෙස තේරුම් ගන්න (ජෝන් ලෙනන්).



බලය ගලහෙන් එළියට... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...