The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 19, 2022 • 5:13 PM

ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ බිත්ති චිත්‍රය මතකද? ඒක තිබුණෙ කොතැනද කියල මට මතක නැහැ.
  • හේතුව, ඒ මේ රටේ 60%කට කිට්ටු බහුතර ප්‍රජාව.
  • මොන ගැටලු තිබුණත්, වර්තමාන ශ්‍රී ලංකාව ගොඩනැගුවෙ, රැකගත්තෙ ඒ ප්‍රජාව.
  • හීනමාන අතහැරලා සියලුදෙනා ඇතුළත් කරගන්නා ලංකාවක් ගොඩනගමු.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ චිත්‍රය ඇන්දෙ ගෝඨාභය බලයට ආපු වෙලාවෙ චිත්‍ර අඳින රැල්ල මැද. අනෙක් චිත්‍ර මැකුවෙ නැහැ. මේක මැකුවා. අවුරුදු තුනකට පස්සෙ කල්පනා කරල බලන්න (අන්‍රයියා කියනවා වගේ) මොකක්ද වුණේ කියලා.

ඇමරිකාව සිංහල-බෞද්ධ-ගොවිගම බලය බින්දා. ඒකට රාජපක්ෂ පවුලේ කෙනෙකුම පාවිච්චි කළා. හැබැයි, තවම වැඩේ ඉවර නැහැ, සජිත්-ගුනරත්නම්-සුමන්තිරන්-හකීම්-කාදිනල්-සෝභිත-පීරිස් හා තවත් නම් සහිත ‘අරගල’ සන්ධානෙ පසුබැස්සට ආයෙ එනවා කියල නිතර තර්ජනය කරන්නෙ කාගෙ හයියෙන්ද? කල්පනා කරල බලන්න.

රාජපක්ෂ බලය බින්දට සිංහල-බෞද්ධ-ගොවිගම බලය බිඳින්න යන එක අවදානම් සහගතයි. හේතුව, ඒ මේ රටේ 60%කට කිට්ටු බහුතර ප්‍රජාව. මොන ගැටලු තිබුණත්, වර්තමාන ශ්‍රී ලංකාව ගොඩනැගුවෙ, රැකගත්තෙ ඒ ප්‍රජාව. ඒ බලය බිඳින්න තරම් ඒක ප්‍රතිගාමී නැහැ. ඒ ප්‍රජාවට අයිති නැති අයට ලංකාවෙ ජනාධිපති වෙන්න පවා අවස්ථාව ලැබුණා.



හීනමාන අතහැරලා සියලුදෙනා ඇතුළත් කරගන්නා ලංකාවක් ගොඩනගමු. අපි වැඩකරන්නෙ ඒ වෙනුවෙන්. අපට බණින අය බණින්නෙ ඔය හේතුව නිසා. සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යයට විකල්පය ඒකයි. එහෙම නැතුව ඊනියා අරගලවලින් අරාජිකත්වය නිර්මාණය කරන එක නෙමෙයි.




Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? -(අජිත් පැරකුම් ජයසිංහ) | The Leader