The Leader News
BREAKING
Top Ad
Opinion

මෙසී : ඒ පුංචි කහපාට බෑන්ඩ් එක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 21, 2022 • 6:57 AM

මෙසී : ඒ පුංචි කහපාට බෑන්ඩ් එක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔව් ..2022 පාපන්දු ලෝක කුසලානේ මතකය. ගොඩක් දේවල් අවසන් වෙයි. කුසලානේ උණුසුම බැහැල යයි.
  • නූතනබවේ අනභිභවනීය පණිවිඩයක්.
  •   ඒ අධ්‍යාත්මය ඇති ආයෙත් නැගිටින්න.
අකුරු ප්‍රමාණය (Font Size):

වීදි බැහැපු ප්‍රේක්ෂකයෝ ආපහු ගෙවල්වලට යයි. හදපු ක්‍රීඩාංගන, අට්ටාල, නාමපුවරු ගැලවිලා යයි. නැත්නම් ගලවල දායි.  


හැබැයි මට අනුව එකක් ඉතිරිවෙනවා. එකම එකක්. ඒක ඉතිරිවෙන්න ඕනි. හෝ ඉතිරිකරගන්න ඕනි. ඒ තමයි මෙසී දුන්න ඒ ලස්සන පණිවුඩය.

පෙප්සි, කොකාකෝලා විශ්වයක මුළු ලෝකයක් ඒක දැක්ක. ආජන්ටිනාව කුසලානේ දිනුව නිසා ඒක වඩාත් කැපිල පෙනුණ. ඉනුත් විශේෂෙන් මෙසී අතේ තිබ්බ නිසා වඩාත් ලෝකයට නිරාවරණය උණා. ඒ පුංචි කහපාට බෑන්ඩ් එක.

 

අධ්‍යාපනය හැමටම ...Education for All...කියල ඒකෙ ලියවිලා තිබ්බ.

 

වමේ පණිවිඩයක්. ප්‍රගතිශීලි පණිවිඩයක්. නූතනබවේ අනභිභවනීය පණිවිඩයක්. සමාජයේ ප්‍රගමණය, පුද්ගල ප්‍රගමණය, උසස් සමාජයක් (higher moderniy) වෙත ගමන්කිරීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කොන්දේසියක්.

 

QSG5MO2OSZIAJEAOQ2HPMYLQZQ

ගැහැණු , පිරිමි, සංක්‍රාන්ති එකී මෙකී නොකී සැවොම වෙනුවෙන් ඒ හැමෝගෙම අනාගතය වෙනුවෙන් විශ්වීය පණිවිඩියක්.

 

මොනවාහරි හේතු නිසා ආර්ථිකය බංකොලොත් උනාට මිනිස්සුන්ගේ අධ්‍යාත්මය තවමත් බංකොලොත් නැහැ කියන්න අපූරු සදාතනික පණිවිඩියක්.

 

ඒ අධ්‍යාත්මය ඇති ආයෙත් නැගිටින්න.

හැමෝම ඉගෙනගන්න, හැමෝටම ඒ ඉගෙනීම වෙනුවෙන් සමාන අවස්ථාවක් දෙන්න..

ආදරෙයි ආජන්ටිනාව ...ආදරෙයි මෙසී නුඹට....

අපි හදවතින්ම ගන්නවා ඒ පණිවිඩය.



බලය ගලහෙන් එළියට... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙසී : ඒ පුංචි කහපාට බෑන්ඩ් එක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader