The Leader News
BREAKING
Top Ad
Opinion

සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතු ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 26, 2022 • 5:06 AM

සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතු ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා.
  • ආශු සම්බන්ධ වීඩියෝව ලබාගෙන ඇත්තේ අදාළ කාන්තාව බවත්, එහි ඇගේ කටහඩ මකාදමා ඇති බවත් දැනගන්නට ලැබුණා.
  • යම්කිසි වෙලාවක දෙන්නා විහිළුවට කළ දෙයක වීඩියෝවක් පසුව දුෂ්ට අරමුණකින් භාවිතා කිරීමක් ලෙසයි මා දකින්නේ.
  •     ආශුට එරෙහිව සමගි ජන බලවේගයේ පුවත්පත් සාකච්ඡාවෙදි ආදර්ශා කරඳන මෛත්‍රී වික්‍රමසිංහ හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හමුවීමට උත්සාහ කළ බව කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා කළා. එහිදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. කොරියානු ජාතිකයාගේ ඉදිරිපත් කිරීමේ තිබුණු කොටසක් අල්ලාගෙන තමයි 'ඩේලි මිරර්' ප්‍රවෘත්තියක් ප්‍රබන්ධ කළේ.

 



අනුප ප්‍රමාද වූ නිසා කොරියානුවා ඔහුට දෙහි කැපුවා කියන එකයි කියවුණේ. ඒත්, එය කතාවේ තිබුණු උදාහරණයක් පමණයි.

ආශුගේ සිද්ධිය ගැන මං කලිනුත් ලිව්වා. ආශු සම්බන්ධ වීඩියෝව ලබාගෙන ඇත්තේ අදාළ කාන්තාව බවත්, එහි ඇගේ කටහඩ මකාදමා ඇති බවත් දැනගන්නට ලැබුණා. යම්කිසි වෙලාවක දෙන්නා විහිළුවට කළ දෙයක වීඩියෝවක් පසුව දුෂ්ට අරමුණකින් භාවිතා කිරීමක් ලෙසයි මා දකින්නේ. එය අතිශය පෞද්ගලික දෙයක්. එය තනිකර සමගි ජන බලවේගයේ හිරුනිකාගේ මෙහෙයවීමෙන් සිදුවුණ දෙයක්. සජිත් ප්‍රේමදාස වගකිව යුතු කාරණයක්.

 

 

ආශුට එරෙහිව සමගි ජන බලවේගයේ පුවත්පත් සාකච්ඡාවෙදි ආදර්ශා කරඳන මෛත්‍රී වික්‍රමසිංහ හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හමුවීමට උත්සාහ කළ බව කියනවා. එහෙම හමුවෙන්නට කිසිම අවශ්‍යතාවක් නැහැ. 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත කියවලා බලන්න. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කෙනෙකුට පොලිසියට පවා නොගිහින් කෙළින්ම අධිකරණයට පැමිණිලි කරන්නට පුළුවන්. මෛත්‍රී වික්‍රමසිංහ හෝ සමන් ඒකනායක මේ කිසිවකට අදාළ අය නෙමෙයි. මේවා තනිකර හිරුනිකාගේත්, සජිත්ගේත් උවමනාව මත විවිධ පුද්ගලයන්ට අපහාස කිරීම සඳහා කරන දේ.

 

ආශු හා අනුෂ දෙදෙනාට මාධ්‍ය විසින් සිදු කළ හානිය නැවත ආපසු හැරවිය නොහැකි තරම්. එසේම, එමගින් ආණ්ඩුවට කළ හානියත් අති විශාලයි. සාපරාධී අපහාසයේ නිරන්තර ගොදුරක් වන රනිල් වික්‍රමසිංහ විසින්ම 2002දී සාපරාධී අපහාස නීතිය ඉවත්කිරීම සාධාරණද කියන එක පවා මා එක්ක කතාකළ කෙනෙකු සමග සාකච්ඡා කරන්නට සිදුවුණා.

අසත්‍ය ප්‍රවෘත්ති හා වෛරී ප්‍රකාශවලින් පුද්ගලයන්ගේ චරිතයට හා කීර්තිනාමයට හානි සිදුකිරීම අපරාධයක් ලෙස නැවතත් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කළ යුතුද?

මෙය මාධ්‍ය මර්දනය කිරීමක් ලෙසයි සැලකෙන්නේ. ඒත්, මාධ්‍යම තමයි මේ ක්‍රියාවේ යෙදෙන්නෙත්.

තත්වය ඒ තරම් අසික්කිතයි.


අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk






 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතු ද? - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader