The Leader News
BREAKING
Top Ad
Opinion

සමාජ පරමාදර්ශයන්ගේ බිඳවැටීම

T

The Leader Desk

December 30, 2022 • 8:53 PM

සමාජ පරමාදර්ශයන්ගේ බිඳවැටීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආශු මාරසිංහ සිද්ධියත් සමග එලියට පැමිනි හඩපට කතාන්දරය දිගටම ඇදෙමින් පවතී.
  • නමුත් මෙම සිද්ධිය හරහා අපටනම් ගම්‍ය වන්නේ ලංකාවේ දේශපාලන භූමිය කොතරම් ඛාදනයකට ලක්වී ඇත්ද යන්නයි.
  • යම් කිසි පුද්ගලයෙකු වීරයෙක් කිරීමට මෙන්ම තවත් පුද්ගලයෙකු අපවාදයට ලක් කර කිචකර දැමීම මේ යුගයේදී කොතරම් පහසුද යන්න කල්පනා කල විට අපි වැටී ඇති තත්ත්වය පිළිබඳව ඇතිවන්නේ අතිශයින්ම කනගාටුවකි.
  • විශේෂයෙන්ම ලංකාව තුල පරමාදර්ශ හැටියට පැවතිය යුතු ආගමික සංස්ථාව, දේශපාලනය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මුලුමනින්ම බිදවැටී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ලැබෙන ආරංචි මාර්ග අනුව මෙම ආදර්ශා කරදන නැමැති කාන්තාව සන්තකයේ දේශපාලඥයින් බොහෝ දෙනෙකුගේ හඩපටි ඇති බව දැනගැනීමට තිබේ.

ඇගේ දේශපාලන සම්බන්ධතා හෝ ඇගේ පුද්ගලික ජීවිතය පිළිබඳව ප්‍රශ්න කිරීමට අපි පෙළඹෙන්නේ නැත. එවැනි ප්‍රශ්න කිරීම් අයත් වන්නේ ලිංගික වශයෙන් කරන හිංසනයන්ටය.

එවැනි ප්‍රවෘත්ති කුනු රසින් යුක්ත වනවා පමණක් නොව වෙලදපොල තුල මිලකල හැකිද වන භාන්ඩයකි. නමුත් මෙම සිද්ධිය හරහා අපටනම් ගම්‍ය වන්නේ ලංකාවේ දේශපාලන භූමිය කොතරම් ඛාදනයකට ලක්වී ඇත්ද යන්නයි.



යම් කිසි පුද්ගලයෙකු වීරයෙක් කිරීමට මෙන්ම තවත් පුද්ගලයෙකු අපවාදයට ලක් කර කිචකර දැමීම මේ යුගයේදී කොතරම් පහසුද යන්න කල්පනා කල විට අපි වැටී ඇති තත්ත්වය පිළිබඳව ඇතිවන්නේ අතිශයින්ම කනගාටුවකි.



විශේෂයෙන්ම ලංකාව තුල පරමාදර්ශ හැටියට පැවතිය යුතු ආගමික සංස්ථාව, දේශපාලනය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මුලුමනින්ම බිදවැටී ඇත. තවදුරටත් ඒවා මහජනයාගේ ජීවන තත්ත්වය පිළිබඳව පූර්වාදර්ශයන් නොව සිය අශ්ලීල ආශාවන් කුළු ගන්වන සුලු ආයතන ලෙස රූපාන්තරණය වී තිබේ. මෙම ක්‍රීඩාව හරහා මිනිසුන්ගේ මෙතෙක් කල් යම්තරමකට හෝ රැකගෙන පැමිනි ආදරය, විශ්වාසය, ගෞරවය, භක්තිය වැනි ආත්මීය වූ කාරනා වාෂ්ප කරනු ඇතිවාක් පමනක් නොව සියලුම හැඟීම් වාෂ්ප වූ යාන්ත්‍රික මනුශ්‍යයෙකු ඉතිරි කරනු ඇත.

එසේම මෙවැනි දේට ඉඩදෙන්නා වූ දේශපාලනික නායකත්වයන් ද මෙම තත්ත්වයේ උරුමකරුවන් වන අතර තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය දිනවීමට භාවිතා කරන දේම තමන්ගේ ඔලුවටම කඩාවැටීමටද නියමිත බව දැනගත යුතුය. හිරුනිකා වැනි ලුම්පන් පවුල් පසුබිමකින් පැවතෙන්නියක් සිය බාල දේශපාලනය කෙරෙහි බලපෑම් සහගතකරවීම සජිත් ප්‍රේමදාස හිතන තරම් අහිංසක නැත.

ජනතාවගේ ආශාව රගපාන්නට යාමේ කෙලවර ඇත්තේ කොතනදැයි මහින්ද රාජපක්ෂ දැන් දන්නවාට සැක නැත. සජිත්ට , සමහරවිට එජාප ය තුල නොලැබී යන්නට ඇත්තේ මහින්දගේ භූමිකාව වන්නට ඇත. එය වසාගැනීමට සජිත් වැටී ඇත්තේ මහින්දගෙනුත් පහලටය.

(carbonnews.lk)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...