The Leader News
BREAKING
Top Ad
Opinion

විප්ලවයක් කරන්න බැරිනම් මේ අවුරුද්දේ හරියට කකුල් මාට්ටුවක්වත් දාමු !

T

The Leader Desk

January 2, 2023 • 6:49 AM

විප්ලවයක් කරන්න බැරිනම් මේ අවුරුද්දේ හරියට කකුල් මාට්ටුවක්වත් දාමු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පේලේ මියගියාට පස්සේ ආපහු පේලේ (Pele, 2016) ෆිල්ම් එක බැලුව. කළින් මට මතක හැටියට ''සත්හඬ'' තිබ්බ කාලේ මේ ෆිල්ම් එක ගැන පොඩි සටහනක් ලිව්වා මතකයි.
  • අන්තිමට හැමෝම තේරුම් ගන්නවා ඇත්තටම දිනන්න නම් ඒ ඇත්ත පේලේ, ඇත්ත ඉතිහාසය, ඇත්ත ගමන්මග හොයාගන්න ඕනි කියල.
  • ඔබ ඔබ බවට පත්වෙන්න'' කියල.
  • ඊට පස්සේ තමයි පේලේ පේලේ බවට පත්වෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):



මතක විදියට 'සත්හඬ'ට මම ලිව්වේ අපේම කියල සමහර දේවල් අපිට හොයාගන්න වෙනවා යම් නිශ්චිත සිරගතවීමකින් ගොඩ එන්න ඕනිනම් කියන එක පෙන්නන්න.

හාහපුරා කියල පේලේ සැන්තෝස් (Santos) ක්ලබ් එකට බැඳුනට පස්සේ ඒකෙ පුහුණුකරු කිව්වේ දැන් ඔය උඹල ගහන ගමේ රිලා නැටුම් (monkey game) නවත්වල ටවුමේ විදියට යුරෝපියන් පාපන්දු ගහන්න කියල. වෙස්ටන් ස්ටයිල් එකට ගහන්න කියල. ඒ කියන්නේ පොතට අනුව ගහන්න කියල. දැනට පිළිගෙන තියන න්‍යායට අනුව ගහන්න කියල.

හැබැයි ඔයගොල්ලො දන්නවා පේලේ එහෙම ගහන්න ගිහිල්ල අනික් අය ගහන අහලක් පහලක් ළඟටවත් යන්න බැරිවුණා කියල. අලුත් විදියට යන්න ගිහිල්ල සමස්ත කණ්ඩායමම එක තැනක හිරවෙන්න ගන්නවා. එතනින් එහාට ගමනක් නැති වෙනවා.

ඒ උනාට පේලේ පොඩිම කාලේ කරපු සෙල්ලම් වලින් දැනගෙන හිටිය එයාගේ ස්ටයිල් එක (style). එහෙන් මෙහන් දාල, පොඩි පටු පාරවල් වල වංගු දාල, බැරල් උඩින් බෝලෙ අරගෙන, එහෙට කපල මෙහෙට කපල, බෝලෙ ගෝල් එකට අරන් ගිය ලස්සන ගමන.

ඒ තමයි පේලේ. ඒ තමයි එයාගේ ඉතිහාසය. ඒ තමයි එයාගේ ගමන. ඒ තමයි එයාගේ හුරුව. විශේෂ ප්‍රාගුන්‍යය. ඒක අනික් අයගෙන් වෙනස්. ඒක අනික් අයට වඩා සුවිශේෂියි. අසමසමයි.

අන්තිමට හැමෝම තේරුම් ගන්නවා ඇත්තටම දිනන්න නම් ඒ ඇත්ත පේලේ, ඇත්ත ඉතිහාසය, ඇත්ත ගමන්මග හොයාගන්න ඕනි කියල. ඊට පස්සේ තමයි පේලේට කියන්නේ ''ඔව්... ඔබ ඔබ බවට පත්වෙන්න'' කියල. ඔබේ විදියට ගහන්න කියල. අර යුරෝපීය පොතේ ෆුට්බෝල් වලින් නිදහස් වෙන්න කියල. න්‍යායෙන් නිදහස් වෙන්න කියල.

ඊට පස්සේ තමයි පේලේ පේලේ බවට පත්වෙන්නේ. බ්‍රසීලය බ්‍රසීලය බවට පත්වෙන්නේ. වෙනත් විදියකින් කිව්වොත් එක මොහොතක බ්‍රසීලය පේලේ බවට පත්වෙන්නේ.





අපිට අරගලය ජයග්‍රහණයක් කරා ගෙනියන්න බැරිවුණා. 71ත්, 89ත් එහෙම උණා. මේ හැම එකකම අතුරු ධනාත්මක ප්‍රථිපල ඇති. ඒක නෙවෙයි මම කියන්නේ. අවසන් කඩයිම දක්වා අපිට මේ කිසිම අවස්ථාවක මේ බලවේග ''විප්ලවයක්'' දක්වා ගෙනියන්න බැරිවුණා කියන එක. ඒ අර්ථයෙන් මේ අවුරුද්ද ගැනවත් ඊළඟ අවුරුද්ද ගැනවත් සුබපතන්න බැහැ.

ඉතින් පේලේගේ මරණයෙන් පස්සේ එයාගේ ෆිල්ම් එක බලල අපිට ඉගෙනගන්න පුළුවන් විප්ලවීය පාඩම මොකක්ද? ඒ තමයි යුරෝපීය අධිපති පාපන්දු පුහුණු සැසිවල මොනවා ඉගැන්නුවත් අපේම කියල ශෛලියක්, ක්‍රමවේදයක් ප්‍රගුණ කරන්න වෙනවා අරමුණ කරා යන්න නම්.

සනත් එයාගේ විදියට ක්‍රිකට් ගැහුවා. සුසන්තිකා එයාගේ විදියට දිව්වා. අර්ජුන එයාගේ විදියට කණ්ඩායම හැසිරෙව්වා.

ඉතිං පේලේ ට තිබ්බ එයාගේ විදියට හුරුවෙච්ච රිලා කකුල්. ඒවාට යුරෝපය හිනාවෙන්න ඇති. හැබැයි ඒවා සංරක්ෂණය කරන්න තරම් වටිනා මැජික් කකුල්. ඒ රිලා කකුල් තමයි බ්‍රසීලයට ජයග්‍රහණ ගෙනාවේ.

මාක්සුයි එංගල්සුයි කියපු පොතේ විදියට විප්ලව කරන්න හිතුවොත් අපිටත් හැමදාම මෙහෙම දත නියව නියව ඉන්න වෙයි. මාක්ස්ගේ පොත් යන්තම් පැත්තකින් තියනකොට ඔන්න ජිජැක්ගේ පොතුයි මූෆ්ගෙයි ලැක්ලෝගේ පොතුයි ඇවිල්ල තියනවා. දැන් ඒ විදියට විප්ලව වෙනකල් අපි බලාන ඉන්නවා.

එයාලගේ ලස්සන වර්සෝ පොත් අපිට විශ්වාසයි. හැබැයි අපේ රිලා කකුල් ගැන අපිට ලැජ්ජයි. ඒ නිසා අපි හැමදාම එතැනමයි.

අඩුම තරමින් පේලේ ගේ 'මැජික් කකුල්' වල අසහාය බලය ගැන අපි පාඩමක් මේ අවුරුද්දේවත් ඉගෙන ගත්තොත් විප්ලවයක් කරන්න බැරි වුණත් හරියට කකුල් මාට්ටුවක්වත් දාගන්න පුළුවන් වෙයි.

ජයග්‍රහණයේ වසරක් ! ආදරෙයි !!




ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි පුවත් :

ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)


පේලේ නම් පාපන්දු පුරාවෘත්තයේ අමතක නොවන අවස්ථා කිහිපයක් මෙම BBC වීඩියෝවේ අන්තර්ගත වේ.




323451686 876989970311957 7010997211425006149 n 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විප්ලවයක් කරන්න බැරිනම් මේ අවුරුද්දේ හරියට කකුල් මාට්ටුවක්වත් දාමු ! | The Leader