The Leader News
BREAKING
Top Ad
Opinion

දළදා මාළිගාව පෝස්ට්මොඩන් කරමු ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 5, 2023 • 9:39 AM

දළදා මාළිගාව පෝස්ට්මොඩන් කරමු ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දළදාවට හෝ දළදා මාළිගාවට හෝ ඒ ගැන ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙක්ට අපහාස වෙන විදියේ දෙයක් මම අතින් කවදාවත් ලියවෙන්නේ නැහැ.
  • සීගිරිය මොන අගතීන් ඇතුලේ හැදුනත් දැන් ඒක අපිට ලෝකෙට පෙන්නන්න පුළුවන් දෙයකට තියෙන එක සුවිශේෂ තැනක්.
  •   ඒ කියන්නේ මේ දේවල්වලට නව නෛතිකබවක් (new legitimacy) අලුත් ආර්ථික අවකාශය ඇතුලේ ඇවිල්ල තියනවා.
  • මේ වගේ විශාල දේශීය විදේශීය නරඹන්නන් පිරිසක් ගැන ඒ කාලේ හිතන්න නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙන ආගම්වලටත් එහෙමයි. අදහස් ප්‍රකාශනය ගැන මට මගේමවන සීමාවක් තියනවා. එච්චරයි.

ඒකෙන් කියවෙන්නේ නැහැ ලංකාවේ ආගම විකුණගෙන කන සෙට් එකක් නැහැ කියල සහ අගතීන් නැහැ කියල. සහ ඒවා විවේචනය කරන්න ඕනි නැහැ කියල.

හැබැයි ඒ වගේම ආගමට පහර දීමෙන් ලාභය උපරිම කරගන්න සෙට් එකකුත් ඉන්නවා. ආගම්වල අගතීන් එක්ක වාසි ගන්න සෙට් එකයි ආගම් වලට පහර ගහල බඩ වඩා ගන්න සෙට් එකයි දෙකම එකයි.

 

sigiriya Lion rock

දළදා මාළිගාව සහ පෙරහැර කියන්නේ ලාංකික සංකේත (පෞරාණික අගතීන් සහිතව උනත්). ඒවා නිසා සෑහෙන ආර්ථික ප්‍රතිලාභ ගන්න පුළුවන්. සීගිරිය මොන අගතීන් ඇතුලේ හැදුනත් දැන් ඒක අපිට ලෝකෙට පෙන්නන්න පුළුවන් දෙයකට තියෙන එක සුවිශේෂ තැනක්.

 

ඒ කියන්නේ මේ දේවල්වලට නව නෛතිකබවක් (new legitimacy) අලුත් ආර්ථික අවකාශය ඇතුලේ ඇවිල්ල තියනවා.

ඒක එහෙම උනාට ඒ ආර්ථික අවකාශයයට සමාන්තරව මේ භෞතික අවකාශය පුළුල් වෙලා නැහැ.

 

මම කියන්නේ දළදා මාලිගාව කියන ගෘහ නිර්මාණ අවකාශය දැන් සියවස් ගණනකට කලින් නිර්මාණය කරපු දෙයක්. ඒ සීමාසහිත නරඹන්නන් පිරිසක් වෙනුවෙන්. මේ වගේ විශාල දේශීය විදේශීය නරඹන්නන් පිරිසක් ගැන ඒ කාලේ හිතන්න නැතුව ඇති. ඒ කාලේ තිබ්බේ ආගමික -දේශපාලන වටිනාකමක් විතරක් වුණාට දැන් තියනවා අමතර සංකේතීය - වෙළඳපල - සංචාරක  - ආර්ථික වටිනාකමකුත්.

 

ඇතුලට ගියාම හුස්ම ගන්න බැහැ. තෙරපීම වැඩියි. ඉඩකඩ ඉතාම පොඩියි. පෝලිමේ ඉන්න තියන වෙලාව වැඩියි.

 

maxresdefault

වතිකානුව

 

දැන් නිකම් හිතන්න මක්කම කබා පල්ලිය විසිරිලා තියන අවකාශය. වතිකානුවේ දැවැන්ත අවකාශය. ලක්ෂ ගණනකට එහෙ මෙහෙ ඇවිදින්න පුළුවන්. සනීපාරක්ෂක පහසුකම් දෙන්න ලේසියි. මාකටින් කරන්න ලේසියි.

දැන් දළදාව තියන තැන පුළුල් කරන්න බැහැ. ලෝක උරුම නගරයක් නිසා කිසිවක් කඩන්නත් බැහැ. හැබැයි කොච්චර සීමාසහිත උනත් සංකේත වටිනාකම තියෙන්නෙත් මෙතැන තමයි.

ඒ උනාට දළදාව කියන්නේ ඓතිහාසිකව ගත්තොත් එකතැන තිබ්බ දෙයක් නෙවෙයි. දළදාව එක එක කාලෙට එක එක තැන තිබිල තියනවා.

ඉතින් විශාල භුමිභාගයක් තියන තැනක සංචාරක ආකර්ශනයක් තියන වෙනත් නගරයක් කිට්ටුවෙන් වගේ දළදාව නැවත නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් හොඳයි.

පැරණි ගෘහ නිර්මාණය එක්කම, නූතන පහසුකම් එක්ක, පෙරහැර යන්න සහ නරඹන්න වෙනම මොඩන් පැවිලියන් එකක් එක්ක, ෂොපින් කම්ප්ලේක්ස් එකක් එක්ක, අලුත් හතර මහා දේවාල එක්ක, මේක ඉඩ තියන තැනකට ගෙනියමු කියන එක තමයි මගේ (පෝස්ට්) මොඩන් යෝජනාව.

කාලයක් යනකොට අලුත් එකත් ඔය පරණ එක වගේම ඓතිහාසික වෙයි. එතකොට එතනත් ඉඩ මදි උණොත් වෙනත් තැනකට ගෙනියමු..



ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...