The Leader News
BREAKING
Top Ad
Opinion

දිවෙන් බත්ඇට ඇහිලවීම හා පොලිසිය ලවා බෑග් පරීක්ෂා කිරීම -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

January 10, 2023 • 5:04 PM

දිවෙන් බත්ඇට ඇහිලවීම හා පොලිසිය ලවා බෑග් පරීක්ෂා කිරීම -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ රජයේ සේවයේ සෑම වෘත්තියක්ම ගෝත්‍රිකයි.
  • පසුගිය දවසක මා ලියපු පෝස්ට් එකක රජයේ ජ්‍යේෂ්ට නිලධාරීන් විශ්‍රාම යන විට ඔවුන් ඒ වන විට පාවිච්චි කළ වාහනය ගෙදර යා හැකි බව දැක්වෙන චක්‍රලේඛයක සබැඳියක් ඉදිරිපත් කළා.
  • ඔය ළමයින් ලවා මේසයක් උඩ තිබුණු බත්ඇට දිවෙන් අහුලවපු දික්වැල්ලේ ගොඩඋඩ පැත්තෙ පාසලේ විදුහල්පතිනියගේ චර්යාව ගැන පුදුම වෙන අයට මං කියන්නෙ මේවා පාසල්වල ඉතා සාමාන්‍ය තත්වයන් බවයි.
  • ඇතැම් ඒවාට විරුද්ධව කතාකර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



සාමාන්‍යයෙන් ගන්න වැටුප කීයද, ඕටී එක කීයද, වාහන සම්බන්ධ වරප්‍රසාද වගේ දේවල් කීයටවත් පිටතට ලීක් වෙන්නෙ දෙන්නෙ නැහැ.

පසුගිය දවසක මා ලියපු පෝස්ට් එකක රජයේ ජ්‍යේෂ්ට නිලධාරීන් විශ්‍රාම යන විට ඔවුන් ඒ වන විට පාවිච්චි කළ වාහනය ගෙදර යා හැකි බව දැක්වෙන චක්‍රලේඛයක සබැඳියක් ඉදිරිපත් කළා. ඒ චක්‍රලේඛය දැන් සංශෝධනය කරලාය කියා අඬාගෙන ආපු පරිපාලන නිලධාරීන්ට මා කීවා එහෙනම් අලුත් චක්‍රලේඛය දෙන්න කියලා. චක්‍රලේඛ වෙබ් අඩවියෙන් ඒක හොයාගන්නලු. හොයාගන්න අංකෙ කියන්න කිව්වටවත් කියන්නෙ නැහැ. දේව රහස්.

ඔය ළමයින් ලවා මේසයක් උඩ තිබුණු බත්ඇට දිවෙන් අහුලවපු දික්වැල්ලේ ගොඩඋඩ පැත්තෙ පාසලේ විදුහල්පතිනියගේ චර්යාව ගැන පුදුම වෙන අයට මං කියන්නෙ මේවා පාසල්වල ඉතා සාමාන්‍ය තත්වයන් බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය විතරක් නෙමෙයි දෙමව්පියනුත් මේවා හොඳින් දන්නවා. නොදන්නෙ මේ ෆේස්බුක්වල ඉන්න ඊනියා ප්‍රගතිශීලීන් විතරයි.

මගේ දෑසින් මෙවැනි ළමා අයිතිවාසිකම් උල්ලංඝනයන් හා ම්ලේච්ඡ ක්‍රියා බොහෝ ගණනක් දැක තිබෙනවා. ඇතැම් ඒවාට විරුද්ධව කතාකර තිබෙනවා. ඒත්, වැඩක් නැහැ. මේවා ඉතා සාමාන්‍ය තත්වයන්.



ගිස සතියෙ මගේ දුවක් කිව්වා වාර විභාගය පටන්ගැනීමට පෙර පාඩම් කරමින් සිටි ළමයකුගේ පොතක් ගුරුවරයකු උදුරාගෙන උඩ තට්ටුවෙන් පහළට විසිකළ බව. ඒ පොත රජයෙන් නොමිලේ දුන් පොතක් වෙන්න ඇති. මං අහගත්ත විස්තර අනුව ගුරුවරයා එහෙම කරලා තියෙන්නෙ මනෝ විද්‍යාත්මකව විභාගයට පෙර එහෙම පාඩම් කරන එක තේරුමක් නැති නිසා එහෙම කරන්න එපාය කියපු එක අහපු නැති නිසා. කොහොමද අධ්‍යාපන මනෝ විද්‍යාව?



බත්ඇට විදුහල්පති සමහර විට මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ දුන් හමුදා පුහුණුව ලබපු අයෙකු හෝ ශිෂ්‍ය භට බලකායේ නිලධාරිනියක හෝ නොවේ නම් විශ්වවිද්‍යාල/ අධ්‍යාපන විද්‍යා පීඨ රැග් ඔස්තාද්වරියක් වෙන්න පුළුවන්. එහෙම නැති අය පවා පාසල්වල ශිෂ්‍යයන්ට ශාරීරික හා මානසික වධහිංසනයන් පැමිණවීම සාමාන්‍ය තත්වයක්. විදුහල්පතිවරුන්/වරියන් හා ජ්‍යේෂ්ඨ ගුරුවරුන්/වරියන් සහෝදර ගුරුවර, ගුරුවරියන් ද හිංසනයට ලක්කරනවා. පාසල්වල ගුරු මණ්ඩල අතර කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පවා සුලබ තත්වයක්. වාචික ලිංගික හිංසනය එහෙම හිංසනයක්ද කියලාවත් අවබෝධයක් බොහෝ ගුරුවරුන්ට නැහැ.

ඒ බත්ඇට ප්‍රින්සිපල් කතාකරන භාෂාව බලන්න. එක් ළමයෙකුට කියන්නෙ මූ කියලා. වරෙන්, පලයන්, උඹ, තෝ භාෂාව පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතර සුලබයි. සමහරුන් ආදරේට එහෙම කතාකරනවා. ආදරේට එහෙම කතාකරන්න අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම, එහෙම කතාකිරීම පිටුපස විශේෂයෙන්ම කුලවාදය තියෙනවා. ජාතිවාදයත් තිබෙනවා.

xcvbhbdg

ඒ අතරෙ තමයි, පාසල් සිසුන්ගෙ බෑග් පොලිසියෙන් පරීක්ෂා කරපු එක ගැන මේ රටේ ඊනියා ෆේස්බුක් ප්‍රගතිශීලීන්ට ගොඩක් රිදිලා තියෙන්නෙ. සමහරු කියනවා, ඒක දෙමව්පියන් ලවා කරවාගන්න පුළුවන්ලු. දෙමව්පියන් කියන්නෙ කවුරුද? ඒ අතර ඕනැම ජාතියක කෙනෙකු ඉන්න පුළුවන්. පොලිසිය කියන්නෙ මේ හා සම්බන්ධ නීතිය දන්නා වෘත්තිකයන් පිරිසක්. මේ වැඩ ටියුෂන් පන්තිවලදි කරන්නෙ කිසිම ආකාරයක විධිමත් වෘත්තිකයෙකු නොවන සිකියුරිටි ගාඩ් කෙනෙකු වෙන්න පුළුවන්.



මව්පියන්, සිකියුරිටි ගාඩ්ලා, සුළු සේවකයන්, ශිෂ්‍ය නායකයන් ලවා කරවනවාට වඩා රජයේ පුහුණු වෘත්තිකයන් පිරිසක් වන පොලිසිය ලවා කරවීම හොඳයි. පොලිසියත්, සමාජයත් අතර යහපත් සම්බන්ධතා ගොඩනගන්නටත් මෙය ඉවහල් වෙනවා. රටක පොලිසිය සිවිල් ආයතනයක්. අපි ඒක නඩත්තු කරන්නෙ නීතිය හා සාමය ආරක්ෂා කරන්නට මිස අපව බය කරන්නට නෙමෙයි.



දවසක් මං පන්තියක ළමයි කිහිපදෙනෙකු පමණක් කරන කාණ්ඩ විෂයයක් උගන්වමින් සිටින විට ශිෂ්‍ය නායක ළමයින් වගයක් පන්තියට ආවා. අනෙක් ළමයින් වෙනත් කාණ්ඩ විෂයයන්ට පිටතට ගිහින්. ඔවුන්ට විදුහල්පති කියලා ළමයින්ගෙ බෑග් පරීක්ෂා කරලා ජංගම දුරකථන වගේ දේ තිබෙනවා නම් අරගෙන එන්න. සාමාන්‍යයෙන් පෞද්ගලික භාණ්ඩ පරික්ෂාවක් කරනකොට ඒක කරන්නෙ එම භාණ්ඩවල හිමිකරුවාගෙ ඉදිරිපිට. ඒ දෙදෙනාට අමතරව තවත් සාක්ෂිත් අවශ්‍යයි. මේ වගේ නීතිමය හා ආචාරධාර්මික කාරණා ඒ ශිෂ්‍ය නායකයන් තබා විදුහල්පතිවත් දැනගෙන හිටියෙ නැහැ. පාසල්වල තත්වය ඒකයි.

පාසල්වල තත්වයයි, රටේ තත්වයයි අතර ලොකු වෙනසක් නැහැ. මේ මුළු රටම බොහෝ පැතිවලින් පිරිහිලා. ඒ නිසා බටහිර මානව හිමිකම් ප්‍රමිති එක්ක සන්සන්දනය කරන්නට බැරි බොහෝ දේ මෙහි තිබෙනවා. ඒ නිසා එකක් ඒ ප්‍රමිතියට අනුකූලද කියල බලනකොට අනෙක් ඒවා ගැනත් හිතන්නට ඕනැ.



අපේ ළමයින්ට ලැබෙන්නෙ හොඳම දේ නෙමෙයි. එහෙම දෙන්න තරම් ආකල්පමය වශයෙන් දියුණු සමාජයක නෙමෙයි අපි ඉන්නෙ. කඩාකප්පල්කාරීත්වය තමයි මේ සමාජ මාධ්‍ය ඉහවහා ගිය මානසිකත්වය. ඒ නිසා සමාජ මාධ්‍ය බොරු අඳෝනාවල්වලට රැවටෙන්නෙ නැතුව ගැඹුරට විමර්ශනය කරන්න අවශ්‍යයි.




Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දිවෙන් බත්ඇට ඇහිලවීම හා පොලිසිය ලවා බෑග් පරීක්ෂා කිරීම -(අජිත් පැරකුම් ජයසිංහ) | The Leader