The Leader News
BREAKING
Top Ad
Opinion

ලැකානියානු බුද්ධාගම - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 11, 2023 • 8:28 AM

ලැකානියානු බුද්ධාගම - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුදුන් දැක නිවන් දකින්න පුළුවන්. බණ භාවනා කරලා නිවන් දකින්නත් පුළුවන්.
  • නිවන කැපකරලා මේ දුක්ඛිත යථාර්තයේ ඉන්නේ කෙනෙක් එහෙම යථාර්තයේ ඉන්නේ පොඩි දුරස් බවක් එක්ක.
  • හැබැයි ඒ බෝධිසත්ව හැඟීමෙන්.
  • රොක්, ෆැෂන්, සිගරට්ටුවක්, ගංජා උගුරක්, විස්කි අඩියක්, ලිවයිස් ඩෙනිමක්, ට්‍රිප් එකක්, සෙක්සි කෙල්ලක්, ටැටූ එකක් යන මේ එකී නොකී ඕනෑම දෙයක් ඇතුලේ තියෙන්නේ අර මහත් වූ දුක අමතක කරන්න හදපු අයිසිං.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි මම දුකින් මිදුනට වැඩක් නැහැ අනෙක් ලෝක සත්වයින් දුක්විඳිනවා නම්.

බුද්ධ ශ්‍රාවකයෙක් කියන්නේ දුක අවසන් කරන්න හදන කෙනෙක් (end of suffering). ජීවිතේ දුකයි කියල තේරුම් අරගෙන ඒ දුක අවසන් කරන්න මාවතක් සොයන කෙනෙක්. ඒ පුළුවන් තරම් ඉක්මනට.

හැබැයි මගේ දුක අවසන් කරලා මම දුකින් මිදුනොත් අනෙක් අය දුකෙන් ගලවගන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා කමක් නැහැ මම දුක තෝරා ගන්නවා. හැබැයි ඒ උඹල වෙනුවෙන්. මේක තමයි බෝධිසත්ව ආකෘතිය වෙන්නේ.

මේ ලෝකේ මේ මොහොතේ නිවන් දකින්න හදන කෙනෙක් (ශ්‍රාවකයෙක්) සහ මේ මොහොතේ නිවන කැපකරලා අනික් අය වෙනුවෙන් දුක් විඳින්න තෝරාගන්න කෙනෙක් (බෝධිසත්වයෙක්) අතර වෙනස්කමක් හට ගන්නවා.

ඒ තමයි අනික් අය වෙනුවෙන් නිවන කැපකරපු කෙනා (බෝධිසත්ව) මේ ලෝකේ යථාර්ථයට සම්බන්ද වෙන විදිය.

නිවන කැපකරලා මේ දුක්ඛිත යථාර්තයේ ඉන්නේ කෙනෙක් එහෙම යථාර්තයේ ඉන්නේ පොඩි දුරස් බවක් එක්ක. ඔව්..මම මේ ජරා යථාර්ථයේ ඉන්නවා තමයි. හැබැයි මම හිටියට ඉන්නේ උඹල නිසා. මට ඕනි නිසා ම නෙවෙයි.

මේ කැපකිරීම නිසා එයා ශ්‍රාවකයින්ගෙන් ඉල්ලනවා පොඩි අවධානයක්. උසස්බවක්. අනික් අයට වඩා ප්‍රභූත්වයක් (eliticism).

බලපල්ලා මගේ දුක දිහා. මම දුක් විඳින්නේ උඹල නිසා. ඒ නිසා මේ පැත්ත පොඩ්ඩක් බලපල්ලා. මම කියන දේ අහපල්ලා.

ඉතිං ''අනෙකාගේ විමුක්තිය වෙනුවෙන් දුක් විඳින මම'' දිහා නරපණුවෝ බලන්නේ නැති වුණාම මට කේන්ති යනවා...

කේන්ති ගියාම මම නපුරු වෙන්න පුළුවන්. නපුරු උනාම මම වෙඩි තියන්නත් පුළුවන්. හැබැයි ඒ බෝධිසත්ව හැඟීමෙන්.

බෝධිසත්වවරුන් මේ ලෝකෙට හානිදායක වෙන්න පුළුවන් සාමාන්‍ය දුක්විඳින මිනිස්සුන්ට වඩා. උපාධිය කැපකරලා විප්ලව කරන කෙනෙක් උනත් එහෙම වෙන්න පුළුවන්.

 

ඉතිං පැවැත්මේ කේන්ද්‍රය වසාගෙන තියන දුක්ඛ සත්‍යය නම් අඳුරු වලාකුළ යම් තරමකින් පළවාහරින්න අපි එක එක දේවල් කරනවා. ඒවා තේරුමක් නැති දේවල් හැටියටත් ඕනිනම් නම්කරන්න පුළුවන්. රොක්, ෆැෂන්, සිගරට්ටුවක්, ගංජා උගුරක්, විස්කි අඩියක්, ලිවයිස් ඩෙනිමක්, ට්‍රිප් එකක්, සෙක්සි කෙල්ලක්, ටැටූ එකක් යන මේ එකී නොකී ඕනෑම දෙයක් ඇතුලේ තියෙන්නේ අර මහත් වූ දුක අමතක කරන්න හදපු අයිසිං. ඔය අයිසිං ටිකත් නැතුව දුකම විතරක් ඉතුරු උනොත් මිනිස්සුන්ට පිස්සු හැදෙයි. උමතු වෙයි.

 

මනෝවිශ්ලේෂණය තියෙන්නේ මිනිසුන් උමතු බවෙන් මුදාගන්න.

ඉතිං ලැකානියන් බුද්ධාගම (Lacanian Buddhism) කියන්නේ මේ දුක සහ දුක අමතක කරන අයිසිං කියන දෙකම යථාර්තය හැටියට තේරුම් ගන්න අධ්‍යාත්මික ප්‍රවේශයකට.

දෙක අතර ආතතියක් තියනවා. පරස්පර බවක් තියනවා. විරුද්ධාභාෂයක් තියනවා.

වෙන කෙනෙක් වෙනුවෙන් කවුරුත් දුක් විඳින්න ඕනි නැහැ. මදුරුවෝ තල තලා කැලේ රිංගන්න ඕනි නැහැ. මිනිස් විමුක්තිය වෙනත් ලෝකයකට තල්ලු කරන්න ඕනිත් නැහැ. විමුක්තිය කල් දමන්න ඕනිත් නැහැ. විමුක්තිය තියෙන්නෙත් මේ පිස්සු ලෝකේ, මේ පිස්සු මිනිස්සු අතරම තමයි. වෙනත් තැනක නෙවෙයි.

මම නම් රොක් අහනවා. ඔයාලත් ඔය මොන මොනවා හරි කරන්න.  

අද ටොම් පෙටිගේ Free Falling අහමු. ඉමේජ් එක සටහනට සම්බන්ද නැහැ. ඉන්බොක්ස් කරපු බුකි යාළුවට ස්තුති.






වැදගත් වෙන්නේ මිෂන් එක, ප්‍රකාශනය නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...