The Leader News
BREAKING
Top Ad
Opinion

ඇත්ත නර්ස්ලා සහ කොත්තමල්ලි නර්ස්ලා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 15, 2023 • 2:51 PM

ඇත්ත නර්ස්ලා සහ කොත්තමල්ලි නර්ස්ලා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෑනු ජිම් යනඑක අනිවාර්ය කිරීම (compulsory) නිකම් ආතල් එකක් වගේ උනාට ඒකෙ පොඩි සාංදෘෂ්ටික අවුලකුත් තියනවා.
  • මේ ලෝකේ ඇත්ත නර්ස්ල එහෙම ජිම් ටයිප් නැහැ.
  • ඒ තමයි මොකක්දෝ පොතක් ''අනිවාර්යයෙන් කියවන්න'' විශ්ව විද්‍යාලවලට සතියක නිවාඩුවක් දෙන්න ඕනි කියල.
  • ඒවා ඇත්ත ශරීර ම නෙවෙයි මාකට් පරමාර්ථයක් වෙනුවෙන් (වෘත්තියක් වෙනුවෙන්) හුරුකරපු ශරීර.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් හිතන්න තමන්ගේ ඇඟ ගැන එතරම් සැලකිල්ලක් නැති කෙනෙක් ගැන. මම කියන්නේ එහෙම අයට එයාලට කැමති විදියට ඉන්න දෙන්න ඕනි.

රැකියාව නිසාම ජිම් යන්න, ව්‍යායාම කරන්න තියනවා නම් ඒක වෙනම දෙයක්. එහෙමනම් ගුරුවරු. වෛද්‍යවරු, කථිකාචාර්යවරු වගේ අයටත් එහෙම ව්‍යායාම මාලාවක් තිබ්බට කමක් නැහැ.

ගොඩක් කෙල්ලෝ යන්නේ ස්කූටි පෙප් වල. කන්නේ කේ. එෆ්. සී., පීසා, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්. රෝන්ග් ජෙනරේෂන් කොහොමත් ෆුඩීස් ල. ඒ උන්ගේ පැවැත්ම.

මේ ලෝකේ ඇත්ත නර්ස්ල එහෙම ජිම් ටයිප් නැහැ. උන් උන්ට ඕනි විදියට ඉන්නවා. ලාල් කියන ජිම් යන සෙක්සි නර්ස්ල ඉන්නේ සුනිල් පෙරේරාගේ ''කොත්තමල්ලි'' සිංදුවේ. 

 

 

මිනිස්සුන්ට පැවැත්මේ ආකෘති තෝරාගන්න අවස්ථාවක් දෙනවා මිසක් අනිවාර්යය කිරීම නම් ගැටළු සහගතයි. මෙතැන අවිඥානයේ වැඩ කරන්නේ පරණ වමේ ආධිපත්‍යය. අපි උඹල වෙනුවෙන් තෝරන්නේ නිවැරදි දේ නිසා ඒක අනිවාර්යයෙන් කළ යුතුයි. එච්චරයි. මැතිවරණ එහෙම දිනන්න ළඟ නිසා දැන් ලාල් ට ''එච්චරයි'' වගේ වැකි හැමවෙලේම කියවෙනවා. අපි කියනකොට අත උස්සපියව්! එච්චරයි!!



ආයේ වෙන කතා නැහැ. සංවාද නැහැ..අපි දෙන දෙයක් කාල හිටපියව්. මේ තග දැන් දැන් එන්නේ දිනන්නත් කලින්..ඕයේ...ඔජායේ....

මීට ටික දවසකට කලින් කොළඹ විශ්ව විද්‍යාලයේ සුමිත් චාමින්දත් මීට සමාන 'උදාන වාක්‍යයක්' කියල තිබ්බ. ඒ තමයි මොකක්දෝ පොතක් ''අනිවාර්යයෙන් කියවන්න'' විශ්ව විද්‍යාලවලට සතියක නිවාඩුවක් දෙන්න ඕනි කියල. ''රතු පොත අනිවාර්යයෙන් කියවන්න'' කියල ස්ටාලින් මාවෝ එහෙමත් ඔහොම කිව්වා බර්ලින් තාප්පේ පෙරළෙන්න කලින්.

බලන්න වමේ පරණ අවිඥාණය කොච්චර ප්‍රභලද කියල. මේ විදියට නම් වම දිනුවට පස්සේ විප්‍රදේශගත වෙන්න රටක් හොයල තියාගන්න ඕනි.

හැම නර්ස් කෙනෙක් ම ඔය කියන විදියේ ලුක් එකක් නඩත්තු කරන අය නෙවෙයි. ගුරුවරියෝ උනත් එහෙමයි. හැබැයි ඔය ලුක් එක සමකාලීන ලෝකේ අධිනිශ්චය වෙන්නේ හොලිවුඩ් එකෙන්. නැත්නම් සෙක්සි නර්ස් පෝනෝග්‍රැෆි වලින්.



සෙක්සි නර්ස් විතරක් නෙවෙයි සෙක්සි ටීචර්ලත් ඉන්නවා. ඒවා ඇත්ත ශරීර ම නෙවෙයි මාකට් පරමාර්ථයක් වෙනුවෙන් (වෘත්තියක් වෙනුවෙන්) හුරුකරපු ශරීර. ඒවායේ ඉන්නේ තමන්ම නෙවෙයි. අනෙකාගේ ඇස වෙනුවෙන් හුරුකරපු ආත්ම. අනික බලන්න හැම ඇඟක්ම එකම විදියයි. එකම පෙනුමයි. ගේස් එක එකමයි. ඒකද අපිට වෙන්න ඕනි? මේකද අපි සිහින දකින ලෝකේ? කෝ වෙනස් මිනිස්සු? කෝ ලිබරල් විවිධත්වය?



ඔය ජිම් යන ටයිප් ශරීර අනික් පැත්තේ ඒ දැක්ම වෙනුවෙන් ඉව අල්ල අල්ල යන්නේ කවුද? ජොනී සින් (ජොනී නම් පවුකාරය).

විජේවීර සහෝදරයාගේ උරුමය ජොනී සින් හරහා ලාල් කාන්තගෙන් මේ විදියට අවසන් වීම ගැන මට තියෙන්නේ සතුටක් ද මොකක්ද මට තේරෙන්නේ නැහැ.  

ඕනිවට වඩා පොනෝග්‍රැපි බලපුවම සමහර විට ඉස්පොල්ලේ යනවා ඇති. බොන්න කොත්තමල්ලි !

කොත්තමල්ලි නර්ස්ල ජිම් ගිහිල්ල රඟපානකොට එච්චර ලස්සන නැති බොඩි ෂේප් නැති හැබැයි නයිටිංගේල් පහන අතේ තියාගෙන මහා යුද්ධ මැද්දෙන්, ස්වභාවික ව්‍යසන මැද්දෙන් ගිහිල්ල ජීවිත පරදුවට තියල සියදහස් ගණනක් මිනිස් ජීවිත බේරුව නර්ස්ල ඉනට අත්දෙක තියාන.

dsdfdsf



Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...