The Leader News
BREAKING
Top Ad
Opinion

ලාල්ගේ කැරැල්ල - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 15, 2023 • 5:57 PM

ලාල්ගේ කැරැල්ල - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා.
  • ඒක දරුවන් හදන මැෂිමක්, නැත්තං තමන්ගේ උවමනාව සපුරා ගැනීමට ඇති වැදගත් නොවන (විප්ලවය තමයි වැදගත්ම) යමක් වගේ දැනීමක් තමයි විජේවීර ප්‍රකට කරන්නෙ.
  • ජවිපෙ විසින් රාජ්‍ය සේවකයො අඩු කරන්න- රජය කුඩා කරන්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ආදී දේට වචනෙන් හරි එකග බව කියනවා.
  • ලාල් ශෘංගාරය තමන්ගේ දේශපාලනය ඇතුලට ගේනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට ඇතුල්වෙන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. ජවිපෙ ශෘංගාරයට සහ සෙක්ස්වල අසීමිත බයක් දක්වන පක්ෂයක්. ඒක හරිම ආගමික පක්ෂයක්. සෙක්ස්වලින් ඒ පක්ෂයේ බොහෝ දේවල් අවුල් කරන්න පුළුවන්.

ඒ වගේම ජවිපෙ නායකයාගේ පටන් කාන්තාවන් ගැන අතිශය නොසැලකිල්ලක් දක්වපු පක්ෂයක්. විජේවීර විප්ලවය කරන අතර දරුවන් උපද්දන විදිහ සැලකිල්ලට ගැනීමම ප්‍රමාණවත්. ඒ ගැහැණියගේ ජීවිතය ගැන කිසිම හැගීමක් විජේවීර කියන ශ්‍රේෂට විප්ලවවාදියා තුල තිබුනෙ නෑ. ඒක දරුවන් හදන මැෂිමක්, නැත්තං තමන්ගේ උවමනාව සපුරා ගැනීමට ඇති වැදගත් නොවන (විප්ලවය තමයි වැදගත්ම) යමක් වගේ දැනීමක් තමයි විජේවීර ප්‍රකට කරන්නෙ. ජවිපෙ කියන්නෙ ලංකාවෙ සිංහල බෞද්ධ ලිංගික කුහකත්වයේ තරුණ ප්‍රවේශයක්.

 

මේ වෙද්දි අනුර කුමාර විසින් ජවිපෙ සෑහෙන තරම් ලිබරල් තත්වයකට ගෙනත් තියෙනවා. ජවිපෙ විසින් රාජ්‍ය සේවකයො අඩු කරන්න- රජය කුඩා කරන්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ආදී දේට වචනෙන් හරි එකග බව කියනවා. මේ අතර ලාල්කාන්ත ජවිපෙ ඉතාම තීරණාත්මක නිලය ස්පර්ශ කරනවා. ලාල් ශෘංගාරය තමන්ගේ දේශපාලනය ඇතුලට ගේනවා.

\

ලාල්කාන්ත හෙදියන් අමතා කළ කතාවෙ ප්‍රධානව දකින්න තියෙන්නෙ කාරණා දෙකයි. එකක් ජිම් යාමෙන්, ව්‍යායාම කිරීමෙන් තමන්ගේ නිරෝගී බව ආරක්ෂා කරගන්න කියන එක. අනික පුන් පයෝධර, සිහිනිඟසුග ඇතිව තමන්ගේ ශෘංගාරය පවත්වාගන්න කියන එක. තමන්‍ගේ රෝගීන්ට හෙදකමට අමතරව වසඟයද පවත්වාගන්න කියන එක. මේක ඉතාම සුන්දර ආරාධනයක්. විශේෂයෙන් ලෙඩ්ඩුන්වම දකින, ජීවිතේ අනිත්‍යබව සමගම ගැටෙන හෙදකම ශෘංගාරකරණයකට ලක් කිරීම අවශ්‍ය දෙයක්.

මේ ගැන බොහෝ ලිබරල්, පොලිටිකලි කරෙක්ට්, සෙක්ස්වලට බය ඉවුරෙ පිරිස් තමන්ගේ කණස්සල්ල පළ කරලා තිබුන. මේ අයට අනුව මේ ලාල්කාන්ත තමන් ආශක්ත කාන්තාව පිළිබඳ ප්‍රකාශ කිරීම අනෙක් තඩි, මහත, හෝ හීනි කාන්තාවන් පහත් කොට සැලකීමක් වෙනවා. පිරිමියා පතන ස්ත්‍රිය බලහත්කාරයෙන් ආරෝපණය කිරීමක් වෙනවා. ඒ අතරෙ කාන්තාව තමන්ගේ වෘත්තිය ඇතුලෙ ශෘංගාරකරණයකට ලක්කිරීම මහා පිරිමි පාපයක් වෙනවා.

sdfgg


මේ කතාවම ජෙන්ඩර් රිවර්ස් කරලා බලන්න. පිරිමි හෙදියන්ට කරන කතාවක්.

‘ඔය ගොල්ලො ජිම් ගිහින් සික්ස් පැක් හදලා සෙක්සි විදිහට ඉන්න ඕනි. ඇදේ ඉන්න ලෙඩා ඔය ගොල්ලොන්ව දැක්කම නැගිට්ටෙන්න ඕන..’මේකෙන් පිරිමි කවුරුවත් තමන්ව ඔබ්ජෙක්ටිෆයි කළා හෝ පහත්කොට සැලකුවා හෝ වගේ අර්බුදයකට යනවද? ඒක තමන්‍ගේ බෙස්ට් වර්ෂන් එකෙන් ඉන්න කියල කරන යෝජනාවක්. තමන්ගේ පෙනුම, ශරීරය ගැන හිතන්න කියලා මතක් කිරීමක්. තමන්‍ගේ අනුරාගයේ බලය තමන් වෙත රඳවා ගන්න කියල මෝටිවේට් කිරීමක්.

හෙදියක් දැකීමෙන් ඇඳක ඉන්න රෝගියෙක් ලිංගිකව ප්‍රාණවත් වීම පාපයක් නෙමෙයි. ඒක ආස්වාදජනක දෙයක්. ජීවිතේ ගැන ආශාව දැල්වීමක්.

හෙදියකට අනුරාගය විතරක් නෙමෙයි කරුණාව සහ දැනුම ආදී දේවලුත් අවශ්‍ය බව කවුරුත් දන්නවා. ඒ දේවල් ගැන ඕනවටත් වඩා කතා කරනවා. ඒත් නිතර අනුන්ගේ සෙම් සොටු ලේ කැත කුණු අතපත ගාන හෙදියන්‍ට තමන්ගේ ජීවිතයේ අනුරාගය, ශෘංගාරය අත් නොහැර ජීවත් වන ලෙස ඉල්ලීම වැරැද්දක් වෙන්නෙ කොහොමද?

මේක ශෘංගාරභීතිය විසින් අපේ වගේ ලිංගිකව කුහක සමාජ ඇතුලෙ ඇති කරන තත්වයක්. වඩාත්ම භයානක වෙන්නෙ මේක හරිම ප්‍රගතිශීලී එළඹුමක් විදිහට ඉස්මතු වෙන එකයි. අවසාන වශයෙන් ඒ විරෝධයේ පවතින්නෙ ශෘංගාරයට, ලිංගික ආස්වාදයට ඇති ප්‍රතික්ෂේපයම විතරයි.මේ කතාව ලාල්කාන්ත එදා නර්ස්ලට කිව්වට එය ජවිපෙ දේශපාලනය ප්‍රචන්ඩ විදිහට ප්‍රසාරණය කිරීමක්. මේ කතාව ජවිපෙ ජාජාබෙ කියන අලුත් ලිබරල්ස්ලා වගේ ජවිපෙ පරණ සෙට් එක වෙන සිංහල බෞද්ධ මාක්ස්වාදියාත් තිගැස්සුමට ලක් කරනවා.



දේශපාලනය ඇතුලට විවෘතව ශෘංගාරය කැඳවීම විප්ලවීය වැඩක්. ජවිපෙ කියන්නෙ කො‍හෙත්ම මේ ශෘංගාර අර්ධය නිරූපණය නොකරන වමේ කණ්ඩායමක්. ඒ අයගෙ දේශපාලනය පවතින්නෙම දුක පැත්තෙ. අනෙකා විඳින සතුටට ඉරිසියා කිරීම පැත්තෙ. තමන්ගේ සතුට අනෙකා විසින් සොරාගෙන ඇතැයි ඇදහීම පැත්තෙ. තමන්ගේ පුද්ගලික සුඛ විහරණය, කාමාස්වාදය වරදක් යැයි හිතන පැත්තෙ. මේ අතරෙ තමන්ගේ සුඛය ගැන ශෘංගාරය ගැන, ආස්වාදය ගැන හිතන්න කියල හෙදියන්ට ලාල්කාන්ත කියද්දි ඒක කැරැල්ලක්.




Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම facultyofsex.com)

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලාල්ගේ කැරැල්ල - (චින්තන ධර්මදාස) | The Leader