The Leader News
BREAKING
Top Ad
Opinion

උගතුන් නිකමුං වීම

T

The Leader Desk

January 23, 2023 • 7:00 AM

උගතුන් නිකමුං වීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්වවිද්‍යාලීය ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය(FUTA) විසින් ගාලුමුවදොර පිටියේදී උද්ඝෝෂනයක් සහ විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබීමත් එයට පොලීසියෙන් එල්ලවුණු බාධාකිරීම් හා එහිදී දෙපාර්ශවය අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව සමාජමාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ.
  • නොමැතිනම් විශ්‍රාම ගොස් හෝ විදේශගතවී ඇත.
  • සාමාන්‍ය කම්කරුවන්ගේ උද්ඝෝෂනයක හෝ ලුම්පන් සමාජ තීරුවක සිදුවන ගැටුමක හෝ තිබෙන අවම සදාචාරයවත් ඔවුන්ට නැත.
  • රාජ්‍ය, ත්‍රස්ත්‍ර කර සිය ඉල්ලීම් ඉටුකරවා ගැනීමේත්, සිය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේත් සිහිය මිස තමන් වනාහී වෙනත් ප්‍රබුද්ධ හෝ සදාචාරයක් ඇති පිරිසක් වශයෙන් පෙන්නීමට ඔවුන් අපොහොසත් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 

විශ්වවිද්‍යාලය යනු පුරවැසියන් බවට පත්වෙන තරුන, තරුනියන්ගේ පූර්වාදර්ශබවට පත්වෙන දැනුමේ හා බුද්ධියේ කේන්ද්‍රය යි. එහි තිබිය යුත්තේ හා වර්ධනය විය යුත්තේ රටක ඉදිරි වර්ධනය පිළිබඳව වන න්‍යායික දැනුම හා බුද්ධියයි. ඒවා ලැබෙන්නේ වඩ, වඩා පරිනතබාවයට පත්වන හා න්‍යායික කටයුතු වල නියැලෙමින් කටයුතු කරන ආචාර්‍ය, මහාචාර්‍ය වරුන්ගෙන් විනා තමන්ගේ අධිපරිභෝජනවාදී රටාවට තිරිංග යොදන “රාජ්‍ය” හා රස්තියාදුකාර මොඩල් එකෙන් ගැටෙන්නන්ගෙන් නොවේ.

 

ලංකාවේ විශ්වවිද්‍යාලීය ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් වශයෙන් සිය න්‍යායික ඉදිරිපත් කිරීම්, හැදෑරීම් හරහා ලංකාවේ සමාජය වෙත බලපෑම් සහගත වූවන් කොතෙක් සිටී. නමුත් ඔවුන් සියලුම දෙනා අවාසනාවට මෙන් අතීතයට අයිති වූවන් ය. එක්කෝ ඔවුන් මියගොස් ඇත. නොමැතිනම් විශ්‍රාම ගොස් හෝ විදේශගතවී ඇත. මේ සමකාලීන යුගයේදී සිටින්නේ ඒ පැරණි අර්ථයෙන් සිටින විශ්වවිද්‍යාලීය ආචාර්‍ය, මහාචාර්‍ය් වරුන් නොවේ. ප්‍රබුද්ධ සමාජ තීරුවක් වශයෙන් ඔවුන්ගේ න්‍යායික කාර්‍යයන් මෙන්ම හැසිරීමද අවසන්ව තිබේ. සාමාන්‍ය කම්කරුවන්ගේ උද්ඝෝෂනයක හෝ ලුම්පන් සමාජ තීරුවක සිදුවන ගැටුමක හෝ තිබෙන අවම සදාචාරයවත් ඔවුන්ට නැත. රාජ්‍ය, ත්‍රස්ත්‍ර කර සිය ඉල්ලීම් ඉටුකරවා ගැනීමේත්, සිය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේත් සිහිය මිස තමන් වනාහී වෙනත් ප්‍රබුද්ධ හෝ සදාචාරයක් ඇති පිරිසක් වශයෙන් පෙන්නීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

 

GMOA 1

GMOA විසින් වෛද්‍යවරුන් සතුව පැවති වෙස්මුහුන ගලවා ඉවත්කර සිය සැබෑ ස්වරූපය පෙන්වා සිය ගරුත්වය නැතිකරගත්තා සේම FUTA එක හරහා ආචාර්‍ය, මහාචාර්‍යවරු ද සිය වෙස්මුහුන ගලවා දමා සිය නිරුවත පෙන්වා ඇත. බැසිල් රාජපක්ෂ සමග කල සාකච්ජාවලින් ලැබුනු ඉහල වැටුප් වැඩිකිරීමේදී සිය පංගුව බේරාගෙන හීලෑවී සිටි මෙම මහත්වරුන් හා නෝනාවරුන් නැවත කලඑලි බැස ඇත්තේ පවතින ආර්ථික අර්බුධයේ කොටසට තමන්ද දායක වූ බව නොදැන නොවේ.

ඉදිරියේදී සාමාන්‍ය ජනතාව හා මේ අචාර්‍ය මහාචාර්‍ය වරුන් අතර ඇති සීමා ඉර මකාදැමීමේ හිමිකම FUTA එක බාරගත්තද ,නොගත්තද, විශ්වවිද්‍යාලීය ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් ද තමන් වැනිම පුද්ගලයන් බව සාමාන්‍ය ජනතාව තේරුම්ගන්නවා ඇත.

 

යම් කිසි දේකට ඇති සංඛේතීය අනන්‍යතාවය බිදවැටුනු පසු එය තවදුරටත් පැවති දේ නොවේ. පරමාදර්ශ බිදවට්ටවා සියල්ල වාෂ්ප කිරීම සමකාලීන ධනවාදයේ ස්වරූපය යි. පරිභෝජනවාදයේ කරවටක් ගිලීයමින් මේ කරමින් ඉන්න දේ අර්ථය විමුක්තිය නොවේ. ඊට වෙනස්ව අපි සියලුම දෙනා සමානයන් යැයි කියා පෑමයි.



(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...