The Leader News
BREAKING
Top Ad
Opinion

රැඩිකල් ගමනාන්තයක් යනු කුමක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 30, 2023 • 5:27 AM

රැඩිකල් ගමනාන්තයක් යනු කුමක් ද?  - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොහොමහරි එක්දාස් නවසිය තිහේ මුල්භාගේ ඉදල ලංකාවේ වමේ ව්‍යපාරය පැවතුණා.
  •   ඒ සීයට තුනේ දෛවය ඇතුලේ ඔවුන් ගොඩක් කාලයක් හිරවෙලා හිටිය.
  • පොදුවේ අපි අවසන් ෆැන්ටසිවල (end fantasy) පැටලෙන්න ආස වුණත් මෙතැනදී මම දකින්නේ මෙහෙම දෙයක්.
  •   පවත්නා රික්තකය ඇතුලේ ජාතික ජන බලවේගය විශාල ජයග්‍රහණයක් ලබන්න නියමිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සුරියමල් ව්‍යපාරය හරි මොකක් හරි එක්ක අධිරාජ්‍ය විරෝධී අරගලය සහ මතවාද බෙහෙවින් ජනප්‍රිය උනේ වමේ ව්‍යපාරය එක්ක. වමේ දේශපාලනයට සෑහෙන උරුමයක් මේ රටේ මේ පොළොවේ තියනවා.

කොමියුනිස්ට්, සමසමාජ, ලේනින්වාදී, ට්‍රොස්කිවාදී, ස්ටාලින්වාදී, මාවෝවාදී, රුසියන් පිල, චීන පිල යනාදී වශයෙන් නොයෙක් කල්ලි කණ්ඩායම් හැටියට වමේ පක්ෂ පැවතිලා තියනවා. ඒ ඒ කාලවලට සාපේක්ෂව යම් යම් ඓතිහාසික කාර්යයක් කරලා හෝ නොකර ඒ පක්ෂ මිලාන වෙලා ගිහිල්ලත් තියනවා. සමහර වෙලාවට නැත්තටම නැතිවෙලා අවසන් මරණය වැළඳගෙනත් තියනවා. ගොඩක් වෙලාවට මියගියා කියල තමයි කියන්න වෙන්නේ. මියයෑම තෝරාගත්ත කියලත් කියන්න පුළුවන්.

 

ඉහත වමේ පක්ෂ අතරින් ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂයි. ඒ තමයි අනික් අය මියයද්දිත් ඔවුන් දේශපාලනයේ දිගටම පැවතීම. පැවතුන ආකාරය ගැන කොතරම් විවේචන තිබ්බත් අපිට පිළිගන්න සිද්ද වෙනවා ඔවුන් යම් ආකාරයකට පැවතුණා කියන එක (survived). චන්ද්‍රිකාගේ කාලේ මන්ත්‍රී ධූර හතළිහක් විතර අරගෙන තරමක් ඉස්සහට ආපු ජ. වි. පෙ. ආපහු අනෙක් සියලු කාලවල සියයට තුනට බැස්ස. කවුරුත් නක්කලේට කිව්වේ ''සීයට තුන'' කියල.

 

ඒ සීයට තුනේ දෛවය ඇතුලේ ඔවුන් ගොඩක් කාලයක් හිරවෙලා හිටිය. ඒකත් යම් මරණයක් හා සමානයි.

ඒ ඩෙඩ්ලොක් (deadlock) එකෙන් එළියට එන්න ඔවුන්ට බැරිවුණා සෑහෙන කාලෙකට. ඊට පස්සේ තමයි ඔවුන් ඔවුන්ගේ සුපුරුදු සීමාවෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ල (out of the comfort zone) ජාතික ජන බලවේගය (NPP) පිහිටුවා ගත්තේ. ජනප්‍රිය විදියට කියනවා නම් 'මාලිමාව' හොයාගත්තේ.

 

WhatsApp Image 2023 01 25 at 13.00.44

එතැනදී ඔවුන් රැඩිකල් දෙයක් කරනවා. ඒ තමයි තමන් ගොඩක් නොදන්නා මිනිස්සු ටිකක් එක්ක නොදන්නා කළාපයකට ගමන් කරන එක. ඒ කියන්නේ බහුජන ව්‍යාපාරයක් දෙසට ගමන් කරන්න තෝරාගැනීම සහ ඒ මිනිස්සු කෙරේ විශ්වාසය තැබීම. මෙතෙක් වැඩකළේ ඔවුන් දන්නා ''කාඩරය'' එක්ක විතරක් නම් මේ මොහොතේ ඉඳල වෘත්තියකින්, තරුණයින්, විප්‍රදේශගත අය වගේ අවිනිශ්චිත, ද්‍රවශීල පිරිස් එක්ක වැඩ කරන්න පටන් ගැනීම. ඒක අවදානම් දෙයක්. හැබැයි ඒ අවදානම ඔවුන් ගත්ත.

දැන් ඒක අතිශයින් ජනප්‍රිය පොදුජන ව්‍යාපාරයක් වෙලා. හැමෝම කතා කරන්න අරගෙන. හැමෝම ඇස් දල්වාගෙන ඉන්නවා ඒ දිහා බලාන.

හරි. දැන් තමයි එයාලට මෙහෙම විවේචනයක් එන්නේ. ඒ විවේචනය එක්ක තමයි මේ පොඩි සටහන ලියවෙන්නේ. දැන් මේ පාර මාලිමාව (ජාතික ජන බලවේගය) චන්දෙන් දින්නොත් ඒ තමයි ජ.වි.පෙ. අවසානය කියන එක.

පොදුවේ අපි අවසන් ෆැන්ටසිවල (end fantasy) පැටලෙන්න ආස වුණත් මෙතැනදී මම දකින්නේ මෙහෙම දෙයක්. ඒ තමයි ජ.වි.පෙ 'මරණය' එයාල දන්නේ නැතුව ඉන්නවා නෙවෙයි කියන එක.

 

පවත්නා රික්තකය ඇතුලේ ජාතික ජන බලවේගය විශාල ජයග්‍රහණයක් ලබන්න නියමිතයි. ඒ ඔස්සේ යම් දුරකට ජවිපෙ මියයන්න පුළුවන්.

 

නමුත් වසර සියයකට ආසන්න ලාංකික වමේ දේශපාලනය ඇතුලේ තමන් මියයන්න ඇරලා තමාගේ මරණය මතින් වෙනත් ව්‍යාපාරයකට ජීවය පිඹින්න ලාංකික වමේ කිසිම පක්ෂයකට හැකි උනේ නැහැ. පරණ වම මරණය (death) තෝරාගත්ත. හැබැයි සමකාලීන ජවිපෙ රූපාන්තරණය (metamorphosis) තෝරාගත්ත.

 

jvp sj

ජාතික ජන බලවේගය තීරණාත්මක ලෙස දින්නොත් තවදුරටත් ජවිපෙ ජවිපෙ බවට පත්වෙන්නේ නැහැ. එය විශාල ජනතා ආකර්ෂණයක් සහිත වෙනත් දෙයක් බවට පත්වෙයි. එයම තමයි රැඩිකල් දෙය.

 

ජවිපෙ ඉඳීම ජාතික ජන බලවේගයට ලොකුම ලොකු හයියක් උණා. එහෙම නැතුව එයාලට එච්චර දුරයන්න බැහැ. නමුත් මේ ''අලුත් දේ'' එයාල අත්හදා බලන්නේ තමන්ගේ පාලනයෙන් මේ අළුත් දෙය ගිළිහෙන්න නියමිත බව නොදැන නෙවෙයි. හරියට වොයේජර් යානය (Voyager) කවදාහරි අපේ පාලනයෙන් ගිලිහෙනවා වගේ. ගිළිහිලා එයාගෙම රැඩිකල් ගමනාන්තයක් හොයාගන්නවා වගේ. තමන් නිර්මාණය කරපු දෙයින් (creater) එම නිර්මාණය (creation) නිදහස් වෙන්න ඕනි එයාගෙම ගමනාන්තයකට යන්න.

 

තමන් රැඩිකල් මරණයකට පත්වෙන දෙයක් කිසිම කෙනෙක් ලේසියෙන් තෝරාගන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ ජවිපෙ එහෙම කරලා තියනවා. ඒ නව රූපාන්තරණයේදී පරණ දෙයින් අලුත් දෙය විශාල ඛණ්ඩනයක් (radical break) සලකුණු කරයි අනාගතයේ. පරණ එක අවසන් වෙයි. මම හිතන්නේ ඔවුන් එහෙම කරන්න හිත හදාගෙන ඇති කියල. එහෙම හිත හදාගෙන නැත්නම් ඒකත් වෙනම කතාවක්.

අලුත් දේ ඇතුලේ පරණ දේවල් හොයන්න එපා. අලුත් එකට අලුත් ගමනක් යන්න ඉඩ දෙන්න.

 

Anura Kumara 2020.07.01

ඉතාම මෑතක මම සටහනක ලිව්වා 'අනුර කවදාහරි දින්නනෙත් අනික් අය දිනපු විදියටම තමයි' කියල. ඉන් මම අදහස් කලේ අනික් අය දිනුවේ ලක්ෂ ගණනක් වැඩි චන්දයෙන් නම් අනුර දින්නනෙත් ලක්ෂ ගණනක් වැඩි චන්දයෙන් තමයි කියන එක.

මාක්ස් විකෘති කරනවා කියන්නේ තවත් වරක් මාක්ස්ට භක්තිමත් වෙනවා කියන එක. ලෙනින් කළේ ඒක.

ගූගල් කරන්න ලොකේෂන් ෂෙයා කරන්න දෙයක් නැහැ අයියේ මේ පාර මාලිමාවට තමයි!

(සමකාලීන ජවිපෙ හෝ මාලිමාවේ ඉමේජ් එකක් වෙනුවට මම ආසයි වොයෙජර් යානයේ ඉමේජ් එකට).

මෙහි සඳහන් ''මරණය'' යන කරුණ ගැන සංවාද කිරීමට සුදානම් ය.


වැදගත් වෙන්නේ මිෂන් එක, ප්‍රකාශනය නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :
මේ පාර මාලිමාවට! - (චින්තන ධර්මදාස)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...