The Leader News
BREAKING
Top Ad
Opinion

සයිබර් මොබ් එකකට මැදිව - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

January 31, 2023 • 9:40 AM

සයිබර් මොබ් එකකට මැදිව  - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා.
  • ඒක හරියට ගේ ඇතුළෙ මිනීමරුවෙකු හැංගිලා ඉන්නවා වගේ තත්වයක්.
  • ඒ සමගම ඇතිවෙන්නෙ දැඩි අනාරක්ෂිත හැඟීමක්.
  • ඔබ දන්නවානෙ මම දේශපාලන ක්‍රියාධරයෙකු හා සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු බව.
අකුරු ප්‍රමාණය (Font Size):

බෑන් කරන්නට ඉතා කෙටි කාලයයි ගතවෙන්නෙ. ඒ අතරවාරයේ මිතුරෙකු ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මේ. මේක තමයි මේ මොහොතේ තියෙන ප්‍රචණ්ඩත්වයේ තත්වය. ඒක හෙට වෙනකොට ශාරීරික ප්‍රචණ්ඩත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.

wawq21සයිබර් ඇටෑක් එකක් කියන්නෙ දරුණු මානසික ප්‍රහාරයක්. අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ගිනුමට පිට පිට දෙවතාවක්ම එහෙම වුණා. මේ වෙනකොට ෆේස්බුක් එකෙන් ගිනුම ලොක් කරලායි තියෙන්නෙ.

ඒක සිදුවුණ හැටි ගැන යම් යම් අනුමාන මීට කලින් ලිව්වා. එහෙම දෙයක් වුණාම ඒක වෙච්ච හැටි දැනගන්න අපට අමාරුයි. හේතු නොදක්වාම හිටි හැටියේ ගිනුම තහනම් කරනවා. ප්‍රවේශය අහිමි වෙනවා.

පාවිච්චි කරන පරිගණක, ෆෝන් හැක් කරලාද කියලා හොයන්නට ඕනැ. ඒවායේ ආරක්ෂාව තහවුරු කරගන්නට අමතර කාලය ගතකරන්නට ඕනැ.

ඒක හරියට ගේ ඇතුළෙ මිනීමරුවෙකු හැංගිලා ඉන්නවා වගේ තත්වයක්. කොතන ඉන්නවාද දන්නෙ නැහැ.

ඒ සමගම ඇතිවෙන්නෙ දැඩි අනාරක්ෂිත හැඟීමක්. ඔබ දන්නවානෙ මම දේශපාලන ක්‍රියාධරයෙකු හා සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු බව. ඒ වගේම, මම හැමදාම මගේ මාධ්‍ය භූමිකාව ලෙස තෝරාගන්නෙ ජනප්‍රිය රැල්ලට පිටින් තියෙන දේවල්.

 

ජනප්‍රිය රැලි එක්ක නිර්මාණය වන මොබ් හෙවත් රංචු මානසිකත්වයන් හේතුවෙන් මගහැරෙන දේ ගැන මම අවධානය යොමු කරනවා. මොබ් මානසිකත්වයේ ඉන්න අයට මේක දරාගන්නට බැරිවෙනවා. එහෙම අය වහාම යොමුවෙන්නෙ තර්ජන කරන්න, නිහඬ කරන්න. එහෙම බැරි වුණොත්, ශාරීරිකව පහරදෙන්න, ඝාතනය කරන්නට පවා පෙළඹෙන්නට ඉඩ තියෙනවා. අපි ජීවත් වෙන්නෙ එහෙම අවකාශයක.

 

මම ලේඛකයෙක්. මං ලියන්නට කැමතියි. ඒ නිසා මං ලියනවා. මං ලියන දේ ඔබ කියවන එක තමයි මට තිබෙන සතුට. ඒ නිසා තමයි මගේ ලිවීම දිගට කරගෙන යන්නට මා මේ අවකාශය හදාගත්තෙ.

 

type cyberviolence

හැබැයි, මම දැන් කටයුතු කරන්නෙ ස්වයංව පනවා ගත් දැඩි වාරණයක් ඇතුළෙ. මේ ජනප්‍රිය රැල්ලට යන්නට ඉඩ අරින්නට අපට සිදුවෙනවා. ඒක වළක්වන්නට අපි උත්සාහ කරන්නෙ නැහැ. ඒකෙ ආදීනව ගැන පුරෝකථන කරමින් අනාගතයේදී හෝ එය කළමනාකරනය කරගන්න නායකයන්ට අවශ්‍ය නම් ප්‍රයෝජනවත් යයි සිතිය හැකි දෙයක් අපි මෙහි තවදුරටත් ලියනවා.

 

ආවේක්ෂණයට හෙවත් සර්වෙයිලන්ස් එකකට ලක්වී සිටීම හා ප්‍රහාරයන්ට ලක්වීම සයිබර් අවකාශයේදී වෙන එකයි, භෞතික ලෝකයේදී වෙන එකයි අතර තියෙන්නෙ ශාරීරික වේදනාව සම්බන්ධ වෙනස විතරයි. එවැනි තත්වයකදී කළ යුතුව තිබෙන දේ ආරක්ෂා වෙන එක. සයිබර් ප්‍රචණ්ඩත්වය ඕනෑම මොහොතක භෞතික ප්‍රචණ්ඩත්වයක් බවටත් පත්වෙන්නට පුළුවන් බව දැනගත යුතුයි.

 

නැවත ලියන්නට හෝ ආරක්ෂා විය යුතුයි. මොබ් එක්ක සටන් කරන්නට යාම මුග්ධ ක්‍රියාවක්. පැනල දුවන එක තමයි බුද්ධිමත්ම වැඩේ. බය වෙන එක වීරයෙක් වෙනවට වඩා පහසුයි. ඉදිරි කාලය මොබ්වල බලය මත බොහෝ දේ තීරණය වන කාලයක් බවට පත්වීමේ ලක්ෂණ දක්නට ලැබෙන නිසා ඔබත් පරිස්සම් වෙන්න.

මං වෙනුවෙන් පෙනීහිටිය සීමිත පිරිසට ස්තුතියි. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්ස් සියගණනක් තියෙනවා. ඇත්ත ගිනුම්ද කියා පරීක්ෂා කරන්නට කාලය අවශ්‍යයි. පුරුදු නමක් නම් දැක්ක හැටියෙ ඇක්සෙප්ට් කරනවා. දිගටම ලියනවා. හැබැයි, දැඩි ස්වයං වාරණයක් සහිතව.



Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)






 
JW
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...