The Leader News
BREAKING
Top Ad
Opinion

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවා ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 12, 2023 • 11:05 AM

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවා ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට.
  • ඒවගේ තියනවා යම් ආවේගශීලි බවක්.
  • ජනප්‍රිය දේශපාලනය ඇතුලේ මම ඒකෙ අවුලක් දකින්නෙත් නැහැ.
  • ඉක්මනින් පුපුරණසුළු දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):



මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ. එන්. පී. එක එයාලගේ පීක් එකේ කෑගල්ලේ ලොකු රැළි තියල තියනවා. ඉන් පස්සේ චන්ද්‍රිකා දේශපාලනයට ආපු වෙලාවේ ලොකු රැළියක් ආව. යුද්දෙන් පස්සේ මහින්ද. යහපාලනය සහ ඊටත් පස්සේ පොහොට්ටුව. ඒවා ඔක්කොම මහමැතිවරණ නැත්නම් ජනාධිපතිවරණ පසුබිම් කරගෙන ආපු රැළි.

 

rajapaksa campaign tisaranee article

රැළි කියන්නේ රැල්ලට ගිය රැළි. ට්‍රෙන්ඩින්. ඒවගේ තියනවා යම් ආවේගශීලි බවක්. හැඟීම්බර බවක්. කවුරු මොනවා කිව්වත් තාර්කික, සබුද්ධික, මාර අවබෝධයෙන් එන මිනිස්සුම නෙවෙයි මේ රැළිවල ඉන්නේ. මම කැමතියි මාලිමාව ඒ සන්දර්භයේම තියන්න.

 

මොකද මිනිස්සු ඉන්නේ මාරම කේන්තියෙන්. විශේෂයෙන් මිනිස්සු හිතුව අරගලයෙන් මුං එලවා ගන්න පුළුවන් වෙයි කියල. මුං එහාට මෙහාට ඇජස්ට් කරලා, එහෙන් මෙහෙන් ව්‍යස්ථාවේ වගන්ති පෙන්නලා, එහෙන් මෙහෙන් මුහුණු වෙනස් කරලා පරණ ගේමම ගහමින් යන එක මිනිස්සුන්ට ඉවසාගන්න බැහැ. නමුත් එයාලට වෙන කරන්න දෙයකුත් නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ මුංම හදල දුන්න සරුවජන සරුවපිත්තල චන්දේ. දැන් මිනිස්සු හිතන් ඉන්නේ ඒකෙන් ගහන්න. 'ජනතා කැමැත්ත' 'ජනතා කැමැත්ත' කියල උදේ හවා මුං මතුරන ජනතා කැමැත්තෙන් ම අකමැත්ත පෙන්නන්න මිනිස්සු දැන් සුදානම් වෙනවා. ඒ කියන්නේ ද්විතීයික දෙයක් මේ වෙලාවේ ප්‍රාථමික වෙලා තියනවා.

 

දැන් බලන්න ඒ තියෙන්නේ බුජ්ජිමත් මෙව්වා එකම නෙවෙයි පොදුජන විරෝධය. කේන්තිය. ජනප්‍රිය දේශපාලනය ඇතුලේ මම ඒකෙ අවුලක් දකින්නෙත් නැහැ. අවම වශයෙන් එහෙම වේදිකාවක් හරි හදල තිබ්බනේ.

තත්වය එහෙමනම් මාලිමාවේ අද්‍යතන දේශපාලනය මේ මොහොතේ පදනම් වෙන්නේ විරෝධය සහ කේන්තිය මත. එහෙමනම් එයාලට බලයට එන්න වෙන්නේ පොදුජන කෝපය විදාරණය වෙන ගිණිකන්දක් පාමුළ නෙවෙයි ඉස්මත්තේ තියාන.

කේන්තිය කියන්නේ ක්ෂණික දෙයක්. ඉක්මනින් පුපුරණසුළු දෙයක්. ඉක්මනින් විසඳුම ඕනි දෙයක්. 

 

ඒ කියන්නේ මාලිමාව ඉක්මනින් විසඳුම් දෙන්න වෙනවා මිනිසුන්ගේ මේ කෝපය - ආවේගය කළමනාකරණය කරන්න. ඒ කියන්නේ කේන්ති කළමනාකරණය වෙනුවෙන් වන ඉක්මන් විසඳුම් එයාල ළඟ තියෙන්න ඕනි (contingent plan for anger managemant).

ඒ වගේම මේ ''තමන් කරා වේගයෙන් එන'' ගමේ නගරයේ වෙනත් පක්ෂවලට අයත් ජනයා කළමනාකරණය කරගන්න වැඩපිළිවෙලක් එයාල දැන් ගේන්න ඕනි. ජනප්‍රිය දේශපාලනයේ එක අභියෝගයක් ඒක. මේක නිකම් සුනාමි තත්වයක් වගේ.

 

මම හිතන්නේ නැහැ ලංකාවේ සමකාලීන වමේ දේශපාලනය එහෙම ආපතික තත්වයන්ට හුරු ඇති කියල. හැබැයි ඈතින් ඉඳන් බැහැ බැහැ කියනවට වඩා අපිත් උදව් කරන්න ඕනි. ඒක වමේ වගකීමක්. දැන් මාලිමාව උණාට පස්සේ ඒක වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් වැඩකරන්න වෙනවා. එයාල පටන්ගැන්ම අරන් තියෙන්නේ.

මේකත් නොතිබ්බ නම් මේ මිනිස්සු කොහේ යන්නද? කොහේ යයිද?

 

මාලිමාව හැටියට තමන්කරා එන මේ විශාල ප්‍රජාව පෙන්නන්නේ මේ රටේ ජයග්‍රහණය නෙවෙයි. දේශපාලන වැඩපිළිවෙලක් හැටියට මාලිමාව වැඩපිළිවෙලේ සුවිශේෂ ආකර්ෂණයකුත් -නැවුම් බවකුත් නෙවෙයි. මේ සෙනඟ කියන්නේ රෝග ලක්ෂණයක්. ඒ කියන්නේ රටක අති දැවැන්ත කඩාවැටීමක නෂ්ටාවශේෂ තමයි මේ මිනිස්සු කියන්නේ. වෙන යන්න තැනක් ඇත්තෙම නැති නිසා ආපු මිනිස්සු.

 

හැබැයි මේ එන වේගයෙන්ම මේ අය යන්නත් පුළුවන්. වැදගත්ම දේ එයාලටත් වගකීම් දීල එයාල වැඩේ ඇතුළට ගන්න එක. නැත්නම් ආපහු මේ රැල්ල එක්ක බිහිවෙන්නේ පට්ට ප්‍රතිගාමී ට්‍රෙන්ඩ්. ජර්මනියේ වගේ.

ජනතාව එහා මෙහා වෙමින් (adjust) මේ මොහොතේ හැසිරෙන විදිය අපේ රටේ ඓතිහාසිකව විප්ලවීය උදාහරණයක් සපයන්න නියමිතයි.

 

දැන් තියන දේ ගැන නෙවෙයි මෙතනින් එහාට හිතමු. මේක තවත් විප්ලවයක ආරම්භයක් කරගන්න බලමු.





Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...