The Leader News
BREAKING
Top Ad
Opinion

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 18, 2023 • 5:26 AM

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන්
  • ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන් මේ ප්‍රචාරණය විශ්වාස කරනවා.
  • හැම පැත්තකින්ම ප්‍රශ්න දිහා බලන්න ඕනැ.
  • ඔවුන් සාමාන්‍ය ව්‍යවහාරය තුළ දේශපාලන බලවේගවල වහලුන් ලෙස හඳුන්වන්නට පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්සේ පමණක් දේශපාලනය කියැවීම. මේක හැමදාමත් තියෙන ප්‍රශ්නයක්. තමන් යම් දේශපාලනයක් තෝරගෙන කරනකොට ඔවුන් හිතනවා ඒ සමග කියවෙන දෙය තමයි නිවැරදිම එක, හැමෝම කළ යුතුව තියෙන්නෙ ඒකය කියලා. ඔවුන්ට හිතෙනවා වෙනත් අයත් ඔවුන් හිතන විදියටම හිතන්නට ඕනැය කියලා. වෙනස් විදියට හිතන අය වෙනස් කරන්නට ඕනැය, නිවැරදි කරන්නට ඕනැය කියලා. ඔවුන් හිතනවා ඒක ආචාරධාර්මිකයි කියලාත්.

උදාහරණයක් විදියට මහින්ද හොරා කියන දේශපාලනික ප්‍රචාරණය ගන්න. මහින්ද හොරකම් කරන්න ඇති. ඒ වගේම, ඒ සම්බන්ධ විශාල ප්‍රචාරණයකුත් තියෙනවා. ඒ සියල්ල ඇත්ත නෙමෙයි. ඒ වගේම හොරකම නිර්මාණය කරන දේශපාලන, සමාජ, පුද්ගල සංදර්භයකුත් තියෙනවා. දයලෙක්තික විදියට මේ කාරණා විග්‍රහ කරන අය ඒ සියල්ල සිතා බලනවා. හැබැයි, ප්‍රචාරණයෙදි එහෙම කරන්නට අවශ්‍ය නැහැ. ප්‍රචාරණය කරන්නෙ බලය ගොඩනගාගැනීම වෙනුවෙන්. ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන් මේ ප්‍රචාරණය විශ්වාස කරනවා.

තමන් හිතන විදියට හිතන පිරිස වැඩි වෙනකොට, ඒක රැල්ලක් වෙනකොට, මේ තත්වය උත්සන්න වෙනවා.

 

දේශපාලන ව්‍යාපාරවලට ශ්‍රමිකයන් අවශ්‍යයි. ඒ පිරිස තමයි ඔය විදියට නිර්මාණය කරගන්නෙ. හැබැයි, කළමනාකරුවන් ඊට වඩා වැදගත්. ඒ අය අතරෙ තියෙන්නෙ ශ්‍රමිකයන් අතරෙ තියෙන සාකච්ඡාව නෙමෙයි. ඒක වඩා දයලෙක්තිකයි. තමන්ගෙ ප්‍රතිවාදියා සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රචාරණයෙන් මිදිලා දේශපාලනිකව විග්‍රහ කරගන්නට උත්සාහයක් එතුළ තිබෙනවා. ඒ අයට තමන්ගෙ ප්‍රතිවාදීන් එක්කත් සංවාද තියෙනවා. කළමනාකරුවන්ගෙ මේ සංවාද ශ්‍රමිකයන්ට පෙනෙන්නෙ ඩීල් විදියට. ඒවා තමන්ට වාසිද අවාසිද කියන එක මත ඔවුන් විනිශ්චයන්ට එනවා.



දේශපාලන ශ්‍රමිකයන්ගේ මට්ටමෙන් ඉදිරියට යන්නට නම්, අඛණ්ඩව ප්‍රශ්න කරන්නට ඕනැ. අදහනවා වෙනුවට විමසන්නට ඕනැ. හැම පැත්තකින්ම ප්‍රශ්න දිහා බලන්න ඕනැ. පූර්ණ චිත්‍රයක් නිර්මාණය කරගන්නට උත්සාහ කරන්නට ඕනැ. ප්‍රචාරණයත් විග්‍රහයත් අතර පරතරය හැකි තරම් අවම කරගන්නට උත්සාහ කරන්න ඕනැ. ඒක ටිකක් අමාරුයි. දේශපාලනයෙදි ලැබෙන හැම තොරතුරක්ම ප්‍රසිද්ධියේ කියන්න බැහැ.

දේශපාලන ශ්‍රමිකයකු වීම ගැටලුවක් නෙමෙයි. තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් වැඩකිරීම නරක නැහැ. එහිදී අනෙකුත් සාධක අමතක කර දමා අරමුණ වෙනුවෙන් වැඩකරන එක පහසුයි. හැබැයි ඒකෙ අවදානමක් තියෙනවා. ඒ තමයි, දේශපාලන කළමනාකරුවන්ට අයථා අන්දමින් ශ්‍රමිකයන් පාවිච්චි කරන්නට හැකි වීම.

ප්‍රතිවාදියාට හානි කරන්නට දේශපාලන කළමනාකරුවන්ට ශ්‍රමිකයන් පාවිච්චි කරන්නට පුළුවන්. ඒක වැරදියි කියන්නත් බැහැ. එතනදී ශ්‍රමිකයාටත් හානි වෙනවා. ශ්‍රමිකයා මේ තත්වය ගැන අවබෝධයකින් වැඩ කළ යුතුයි.

වර්තමානයේදී සමාජ මාධ්‍ය අවකාශ තුළ අපට හමුවෙන වැඩි දෙනෙකු මේ වගේ ශ්‍රමිකයන්. ඔවුන් සාමාන්‍ය ව්‍යවහාරය තුළ දේශපාලන බලවේගවල වහලුන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔවුන් භයානක වෙන්නෙ ඒ නිසායි. හැබැයි, ඒක සාමාන්‍ය තත්වයක්. සරලව කියනවා නම්, දේශපාලනය එහෙම තමයි.



තමන් කරන දේත්, වෙනත් අයෙකු කරන දේත් තේරුම් ගන්නට උත්සාහ කිරීම තමයි වැදගත්. අපට කිසිවකු නිවැරදි කිරීමේ වගකීමක් නැහැ. සංවාද කරන්නට පුළුවන්. සංවාද කියන්නෙත් අදහස් අතර යුද්ධයක්. දිනන්නෙ බලවත් අදහස් මිසක් නිවැරදි අදහස්ම නෙමෙයි. නිවැරදි කියන එකත් සාපේක්ෂයි.



Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...