The Leader News
BREAKING
Top Ad
Opinion

මැක්ඩොනල්ඩ් සහ මකරා

T

The Leader Desk

February 21, 2023 • 6:16 AM

මැක්ඩොනල්ඩ් සහ මකරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව පාලනය වීමේ යතුර ඇත්තේ රට අභ්‍යන්තරයේයැයි කියන විට ඒහා බැඳෙන බාහිර සාධක අමතක වීමත්, අපි ජීවත් වෙන්නේ ජාතික රාජ්‍යය ඉක්මවා ගිය ගෝලීය ප්‍රාග්ධන යුගයක බවත් අපිටම අමතක වෙයි.
  •   ඇමෙරිකානු-ඉන්දියානු බල ව්‍යාපෘතිය තුල ඇති චීන විරෝධයද, ඉන්දියානු සාගර කලාපය තුල චීනය බලවත් වීමද, හරහා ලංකාවේ චීන හැසිරීම රාජපක්ෂ පාලනය විසින් සුජාත කිරීමද තාර්කික අවසානයකට ගියේ මේ සියලුම කාරනා වල සංකලනයෙනි.
  • මක් නිසාද යත් ලෝකයේ ඉදිරි ගමන නොනවත්වා ගමන් කිරීමට තිරිංග නොමැති බැවිනි.
  • චීනය දකුනේ ඇති සමහර පක්ෂ හරහා වෘත්තීය සටන් සහ වැඩවර්ජන තීව්‍රකිරීමේ හා IMF වැඩ පිලිවෙල කඩාකප්පල් කිරීමට ද උත්සාහ කිරීම් ද ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම අමතක වීම හරහා පුරවැසියන්ගේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳව ඇති හීනකම සහ ඒ නිසාම බාහිරින් ලංකාව ගිලගැනීමට මාන බලන සතුරෙකු පිළිබඳව වූ “බිය”මහජනතාව පාලනය කිරීම සදහා වන හෙන්ඩුවක් වශයෙන්ද භාවිතා කෙරෙමින් තිබේ.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF)විසින් සිය ණය වාරිකය නිදහස් කිරීම පිනිස ලංකාවේ ණය හිමියන්ගෙන් ඉල්ලූ “ප්‍රමාද කිරීමේ එකඟතා සහතිකය”ඉන්දියාව හා ජපානය විසින් ලබා දුන්නද චීනය එය හිතාමතාම කල් අරිමින් සිටීම දේශපාලනික ය. ඉන්දු-ලංකා කලාපය තුල සිය භූ-දේශපාලනික වුවමනාවත්, සිය වන්බෙල්ට් සාගර බල ව්‍යාපෘතියටත් අදාලව තමන්ට පාලනය කලහැකි පාලනයක් ලංකාව තුල පැවතීම චීනයේ අභිප්‍රාය වේ.

Billboard bearing portraits of China's President Xi Jinping and Sri Lankan President Mahinda Rajapaksa in Colombo. File photo: AFP

 

ඇමෙරිකානු-ඉන්දියානු බල ව්‍යාපෘතිය තුල ඇති චීන විරෝධයද, ඉන්දියානු සාගර කලාපය තුල චීනය බලවත් වීමද, හරහා ලංකාවේ චීන හැසිරීම රාජපක්ෂ පාලනය විසින් සුජාත කිරීමද තාර්කික අවසානයකට ගියේ මේ සියලුම කාරනා වල සංකලනයෙනි. රනිල් වික්‍රමසිංහ බලයට එන්නේ අභ්‍යන්තර තෙරපීම් නිසාම පමනක් නොවේ. එය චීන-ඉන්දියානු බල ව්‍යාපෘති අතර තිබූ තුලනයේ තාර්කික අන්තයකි. මෙහිදී ස්ථිර ජයග්‍රහකයෙකු නම් කිරීමට අපි ඉක්මන් විය යුතු නැත. මක් නිසාද යත් ලෝකයේ ඉදිරි ගමන නොනවත්වා ගමන් කිරීමට තිරිංග නොමැති බැවිනි.

 

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කන්ඩායමක් හදිසියේ ලංකාවට පැමිණීමත්, IMF විසින් චීන එකගතාවයකින් තොරව අදාල ණය මුදල ප්‍රදානය කිරීමට තීරණය කිරීමත් හරහා ලංකාව කෙරෙහි වන බාහිර සාධකවල හැසිරීම අපිට අතිශයින් වැදගත් ය. චීනය දකුනේ ඇති සමහර පක්ෂ හරහා වෘත්තීය සටන් සහ වැඩවර්ජන තීව්‍රකිරීමේ හා IMF වැඩ පිලිවෙල කඩාකප්පල් කිරීමට ද උත්සාහ කිරීම් ද ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.

 

ලංකාවේ මැතිවරණ යනු “නොපවතින සම්පත් වෙන්දේසියකි”. ලංකාව යන දූපතෙහි ලෝක ආර්ථිකය කෙරෙහි බලපෑම් සහගත වන සම්පත් කිසිවක් නැත. එහි වැදගත් කම ඇත්තේ පිහිටා ඇති ස්ථානයේ ඇති සුවිශේෂීබාවය පමණි. ඒ නිසාම අපේ ආර්ථිකය යනු නිෂ්පාදන ක්‍රියාවලියකින් ඔබ්බට යන සේවා ආර්ථිකයක් මත යැපෙන රටක් වශයෙන් තේරැම් ගැනීම වැදගත් ය.

 

US China 1

 

මෙම අන්තදෙකෙහි වන බලය තුලනය කිරීමට සමත් වන දේශපාලනයක් ඇතිවීම හා එය ලෝක මට්ටමින් සුජාතකරණය වීම හරහා සහ ඊට අදාල ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරනයන් සිදුකිරීමකින් මෙපිට අපිට ගැලවීමක් නැත.



(carbonnews.lk)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...