The Leader News
BREAKING
Top Ad
Opinion

'ලංකාව බංකොලොත් වෙද්දී රනිල් ජනරජ පෙරහැර ගියා වගේ' - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 21, 2023 • 3:04 PM

'ලංකාව බංකොලොත් වෙද්දී රනිල් ජනරජ පෙරහැර ගියා වගේ' - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔයාලට හිතෙන්නේ නැද්ද අපි ඉන්නේ මාරම මාරාන්තික වෙලාවක කියල?
  • තමන්ගේ විරෝධය හරි ප්‍රකාශ කරගන්න චන්දයක් දෙන්න නැතුව දේශපාලන පීඩනය අහස උසට.
  • ලංකාවේ නම් කියන්න වෙන්නේ 'ලංකාව බංකොලොත් වෙද්දී රනිල් ජනරජ පෙරහැර ගියා වගේ' කියල (Ranil paraded while Sri Lanka bankrupted).  නීරෝ බොහෝ විට එහෙම කළේ ආතතියෙන් බේරන්න වෙන්න ඇති කියල සමහර විචාරකයෝ කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ලංකාව තියෙන්නේ ගිණිගොඩක් උඩ. හැම පැත්තෙන්ම ගිණි ගන්නවා. කන්න බොන්න නැතුව, බේත් ටික නැතුව, බදු බරින් මිරිකිලා, අනාගතයක් නැතුව, රටේ ධනය හිඳිලා, කිසිම බලාපොරොත්තුවක් නැති මොහොතකට අපි ඇවිල්ල ඉන්නවා. ඒ අස්සේ සියල්ල අවදානමට දාල රටින් යන එවුන් අප්‍රමාණයි. තමන්ගේ විරෝධය හරි ප්‍රකාශ කරගන්න චන්දයක් දෙන්න නැතුව දේශපාලන පීඩනය අහස උසට. ඒ නිසා හැම තැනකම ගින්දර.

 

ඒ අස්සේ මොන ජනතා විරෝධය තිබ්බත් නිදහස් ආතල් එක ගත්ත. දැන් ජනරජ පෙරහැර ආතල් එක ගන්නවා. මිනිස්සු පෙරහැරක් පැත්ත බලන්නේ නැති වුණත් නිකම් මෝඩ ආතල් එකක් රටේ පාලකයා ගන්නවා.

ඒක කරන්නෙත් නිකම් නෙවෙයි. පරාණ බය නිසා දහස් ගණන් පොලිස් හමුදා ආරක්ෂාව දාගෙන. මේක රෝග ලක්ෂණයක් නෙවෙයි ද?

මොකක්ද මේකෙන් කියවෙන්නේ? ඓතිහාසික උදාහරණයක් ගත්තොත් මේකට තියෙන්නේ 'රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා' කියන එක (Niro fiddled while Rome burned). බර්නි සැන්ඩර්ස් කියන විදියට කිව්වොත් 'ඇමෙරිකාව ගිණිගනිද්දී ට්‍රම්ප් ගොල්ෆ් ගැහුවා' (Trump golfed while America burned).



ලංකාවේ නම් කියන්න වෙන්නේ 'ලංකාව බංකොලොත් වෙද්දී රනිල් ජනරජ පෙරහැර ගියා වගේ' කියල (Ranil paraded while Sri Lanka bankrupted). නීරෝ බොහෝ විට එහෙම කළේ ආතතියෙන් බේරන්න වෙන්න ඇති කියල සමහර විචාරකයෝ කියනවා. ට්‍රම්ප් නම් හුදෙක්ම නොසැලකිල්ලෙන්. හැබැයි මෙයා නම් කරන්නේ නරුමත්වයෙන්.



එයා දන්නවා මේක ගිලෙනවා කියල. තමනුත් ඒ ගිළෙන නැව එක්ක ගිලෙනවා කියල. එයා නීරෝටත් වඩා නීරෝ කෙනෙක් වෙන්න අධිෂ්ටාන කරගෙන ඉන්නවා.  
අවම වශයෙන් තියන සල්ලි ටිකෙන් වත් ප්‍රයෝජනවත් දෙයක්, මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියල හිතන එක ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්නවා (disavowal). මේක තමයි මේ මිනිස්සුන්ගේ නග්න නරුමත්වය (cynicism).



අන්තිම පැයේ කොහොමත් මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම මරුවිකල්ලෙන්...?.



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...