The Leader News
BREAKING
Top Ad
Opinion

හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

February 23, 2023 • 9:22 AM

හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. ‍සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.
  • මිනිස් වරදකාරීත්වයේ පැත්ත ගැනීමයි. සරලබව එයට ආවේණික ආකර්ශනය දිනාගනිමින් තියෙනවා.
  • නමුත් සරලබව තුල මුග්ධභාවයද පැවතිය හැකි බැව් අමතක වෙමින් යනවා.
  • තමා තුල ඇති සොරා අමතක කොට එලියෙ පවතින සොරෙකුට තඩබෑමේ සන්නි යැකම් ආකෘතිය දේශපාලනයෙත් වැඩ කරමින් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තරමට බහුතරය හොඳ වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලන කන්‍යාභාවයක්, පාරිශුද්ධභාවයක් අධිනිශ්චය වෙමින් තියෙනවා. නිවැරදිභාවයක රෝගයක් විසින් සමාජය ආක්‍රමණය කරමින් තියෙනවා. ඒ මොහොතේ වැදගත්ම පෙනී සිටීම පවතින්නෙ වැරදිකාර පක්ෂයෙයි.

දේශපාලන නිවැරදිභාවයේ පෙනී සිටීම සහ දේශපාලන භාවිතාව අතර විශාල පරතරයක් සුවිසල්ව නමුත් නොදුටු විලාසයෙන් පවතිනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රචන්ඩත්වය, කඩාකප්පල්කාරීත්වය සහ වගකීම්විරහිතභාවය පෙනී සිටිමින් ඉන්නවා. සමාජවාදීන් ඉතාම හදිස්සියෙන් ලිබරල්වාදයේ ප්‍රතිමූර්ති විදිහට පෙනී ඉන්න ගන්නවා.

Paulicke2

 

මේ වගේ මොහොතක වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ වරදෙහි අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි. මිනිස් වරදකාරීත්වයේ පැත්ත ගැනීමයි. සරලබව එයට ආවේණික ආකර්ශනය දිනාගනිමින් තියෙනවා. නමුත් සරලබව තුල මුග්ධභාවයද පැවතිය හැකි බැව් අමතක වෙමින් යනවා. ඉතාම සුවිසල් අර්බුදවලට සරල විසඳුම් යෝජනා වෙනවා. තමන්ගේ වරද පැවරිය හැකි අනෙකෙක් නිර්මාණය කරගැනීමෙන් තමන් යුක්තිසහගත වීමේ සාංදෘෂ්ටික ආසාවකින් ජනතාව පෙලෙනවා.

කොරොනාවට සරල පැණියක් මෙන් අර්බුදය විසඳීමට සොරුන්ට දඩුවම් කිරීම ප්‍රතිකර්මයක් වෙනවා. තමා තුල ඇති සොරා අමතක කොට එලියෙ පවතින සොරෙකුට තඩබෑමේ සන්නි යැකම් ආකෘතිය දේශපාලනයෙත් වැඩ කරමින් තියෙනවා. මේක සුවිසල් යාතුකර්මයක් වගේ. තමන්ගේ වරද බාරගත නොහැකි ජනතාව තමන්ගෙන් පිටත වරදකරුවෙක් නිර්මාණය කරගැනීමේ අරගලයක ඉන්නවා.

ඒ වගේ වෙලාවක වැදගත්ම පෙනී සිටීම මිනිස් පැවැත්මෙහි වරද වෙනුවෙන් පෙනී සිටීමයි. එය ශුද්ධ වූ නිවැරදිභාවයට පමණුවන්නට තනන ආගමික බලවේගවලට විරුද්ධ වීමයි.

 

Chinthana D

 

 

 

 

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...