The Leader News
BREAKING
Top Ad
Opinion

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 23, 2023 • 10:26 PM

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.
  • 74 අවුරුද්දක් පවත්වපු නිදහස් සමරුවවත් පවත්වන්නට ලංකාවෙ රජයට බැරිවුණාය කියලයි කියන්නෙ.
  • ඒවයින් මුද්‍රණාල කම්කරුවන්ට, හරි සෙතක් වෙනවා.
  • අපේ රටේ මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙනකල් තිබුණු ආර්ථිකය තුළ දැවැන්ත උත්සව කළමනාකරණ ආර්ථිකයකුත් තිබුණු බව මතක තියාගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය නම් ලංකාව ගැන පුළුවන් තරම් හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්නට ඕනැ. මේක බිස්නස් ගැන දන්න අයට නම් හරි සරල කාරණයක්. වහන්න තියෙන කඩේක බඩු ටික සේල් දැම්මත්, ඒක කරන්න ඕනැ ව්‍යාපාරික විදියට මිසක් හිඟන විදියට නෙමෙයි.



නිදහස් දින සැමරුම ගැන නම් කියන්න තියෙන්නෙ, වෙනදා නිදහස් දින සැමරුම්වලට වඩා වෙනසක් එතන තිබුණෙ නැහැ. ඒක පැවැත්වූයේ නැතිනම්, මේ වෙනකොට කියන්නෙ ඔය කතාව නෙමෙයි. 74 අවුරුද්දක් පවත්වපු නිදහස් සමරුවවත් පවත්වන්නට ලංකාවෙ රජයට බැරිවුණාය කියලයි කියන්නෙ. පෙරහැර කියන්නෙ සංචාරක ප්‍රවර්ධනයට ඉතාම හොඳ පිරිවැය අනුව ඵලදායී වැඩක්. දළදා මාළිගාවෙ මුට්ට කාසි නැට්ටුවන් ආදී මිනිසුන් අතට කාන්දු වීම ඉතා ප්‍රගතිශීලීයි.



ජවිපෙ රැස්වීම් තියන එක වුණත් එහෙමයි. කොහෙන් හරි ලැබුණු සල්ලි ඔවුන් බස්වලට, ටෙන්ට්වලට, පුටුවලට, සවුන්ඩ්වලට වියදම් කරන එකෙන් තව පිරිසකට වාසියි. සෙනග ඒකරාශී වුණාම ඒ ටවුමෙ බුලත් විටකාරයා දක්වා හැමෝටම වාසියි.

පෙරටුගාමීන්ගෙ පෝස්ටර් ගැහිල්ලත් එහෙමයි. ඒවයින් මුද්‍රණාල කම්කරුවන්ට, හරි සෙතක් වෙනවා. ආහාරයක් වන තිරිඟු පිටි නාස්ති වෙන එක වෙනම කාරණයක්.



අපේ රටේ මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙනකල් තිබුණු ආර්ථිකය තුළ දැවැන්ත උත්සව කළමනාකරණ ආර්ථිකයකුත් තිබුණු බව මතක තියාගන්න. තාවකාලික වැසිකිළි පිරිසිදු කරන සනීපාරක්ෂක කම්කරුවන්ගෙ ඉඳන් බෙරකාරයන්, නැට්ටුවන්, සංගීතකාරයන්. කැමරාකාරයන්, ටීෂර්ට් නිෂ්පාදකයන්, සාරවිටකාරයන්, අයිස්ක්‍රීම් වෙළෙන්දන්, වේටර්ලා, කෝකියන් ආදී ලක්ෂ ගණනක් මිනිසුන් මේ උත්සව ආර්ථිකයෙන් යැපුණා. ආර්ථික අර්බුදයෙන් බැටකන අය අතර ඒ මිනිසුනුත් ඉන්නවා. ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගත කළොත් තමයි ඒ අයට ජීවිතය ගැටගහගන්නට ලැබෙන්නෙ.



ඒ නිසා තමයි මිනිසුන් පරිභෝජනය කරන එක අවශ්‍ය. සබුද්ධික විදියට සංචරණය කරන එක පවා අවශ්‍යයි. මෝඩයන් වගේ සිරීපාදෙ නැගලා ඒක උඩ පොලිතින් ටොන් ගණනින් ගොඩගහන එක වෙනම දෙයක්. පරිභෝජනය අවශ්‍යයි. පාරිභෝජනවාදය කියන්නෙ වෙන දෙයක්.


(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය https://www.google.com/url?q=http://praja.lk&source=gmail&ust=1677274841647000&usg=AOvVaw31WgLSQM9kAjeKZ6r9Yl9j">praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...