The Leader News
BREAKING
Top Ad
Opinion

පුංචිහාවා - (විමලනාත් වීරරත්න)

T

The Leader Desk

March 8, 2023 • 11:51 AM

පුංචිහාවා - (විමලනාත් වීරරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්තු 07 වැනිදා සවස මැතිවරණ කොමසාරිස්තුමා ගෙදර ගියේ දාහට අරන් සීයට දුන්න විදියේ මානසික අවුලකට පත් වෙලා ය.
  • ඩෙනිමට බහින ගමන් මහින්ද හම්බවෙන්න යනවා කියා මැතිවරණ කොමසාරිස්තුමා කී අතර නෝනා එකපාරටම කිවේ election commission එකේ ප්‍රශ්න වැඩියි කියලා මං දන්නවා ඒත් බීලා ඕවා විසඳන්න බැහැ ඩලා කියාය.
  • මිලියන සීයක් දෙන තුරු ගංගානි ඡන්ද කොළ අච්චු ගහන්න බැහැ කිව්වාටත් වඩා මලපැන්න මැතිවරණ කොමසාරිස්තුමා බිරිඳට සද්දේ දමා කිව්වේ කවුද හලෝ බොන්න යනවා කිව්වේ මං යන්නේ මහින්ද සිරිවර්ධන හම්බවෙන්න කියාය.
  • දෙපැත්තකින් මං තැලෙනවා කියා මැතිවරණ කොමසාරිස්තුමා දුක්බරව කී අතර බිරිඳ ඒ දෙපැත්ත කුමක්ද කියා විපිලිසර වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):



ගෙදර ගිය ගමන් එතුමා ඩබල් එකේම කොහේ හෝ යන්නට ලෑස්ති වනවා දුටු කොමසාරිස්තුමාගේ බිරිඳ ඇසුවේ ආපු ගමන් කොහෙ යන්නද හදන්නෙ කියාය.

ඩෙනිමට බහින ගමන් මහින්ද හම්බවෙන්න යනවා කියා මැතිවරණ කොමසාරිස්තුමා කී අතර නෝනා එකපාරටම කිවේ election commission එකේ ප්‍රශ්න වැඩියි කියලා මං දන්නවා ඒත් බීලා ඕවා විසඳන්න බැහැ ඩලා කියාය.

මිලියන සීයක් දෙන තුරු ගංගානි ඡන්ද කොළ අච්චු ගහන්න බැහැ කිව්වාටත් වඩා මලපැන්න මැතිවරණ කොමසාරිස්තුමා බිරිඳට සද්දේ දමා කිව්වේ කවුද හලෝ බොන්න යනවා කිව්වේ මං යන්නේ මහින්ද සිරිවර්ධන හම්බවෙන්න කියාය.

බිරිඳටත් ටිකක් තද වී කිව්වේ ඡන්දයක් කෝල් කළාට පස්සෙ අදාළ ආයතන වල ක්‍රියාත්මක වෙන්න ඕනෙ ඔයාගේ නියෝග නේද, ට්‍රෙෂරි සෙකට්‍රිට ඔයා එන්න කිව්වම එයා කට්ටි පනින්නෙ මොකද කියාය.

මං ඕවා දන්නෙ නෑ මිනිහා අද ඡන්ද ගැන කතා කරගන්න ආවෙ නෑ, මං යනවා මෑන් හම්බ වෙලා සල්ලි ටිකක් ඉල්ලගන්න කියා ඩෙනිමේ බෙල්ට් එක තද කරන ගමන් කී මැතිවරණ කොමසාරිස්තුමාට බිරිඳ කිව්වේ මොකක්ද අනේ local government election එක ඔයාගේ පුද්ගලික වැඩක් නෙවෙයිනේ කියාය.

ඒ වුණට දැන් මේක මගේ පුද්ගලික වැඩක් ගානට ගිහින් තියෙන්නේ ඩලා කී මැතිවරණ කොමසාරිස්තුමා ගෙන් බිරිඳ ඇසුවේ කවුද එහෙම කියන්නෙ කියාය.

දෙපැත්තකින් මං තැලෙනවා කියා මැතිවරණ කොමසාරිස්තුමා දුක්බරව කී අතර බිරිඳ ඒ දෙපැත්ත කුමක්ද කියා විපිලිසර වූවාය.

අනතුරුව ඇය දෙපැත්ත ගැන දැනගන්න කොමසාරිස්තුමාගේ මූණ කන්න වගේ බලා සිටි අතර කොමසාරිස්තුමා කීවේ ජනාධිපතිතුමා හිතනවා මම ඕනෑවටත් ඡන්දෙ තියන්න දඟලනවා කියලා, අනිත් පැත්තෙන් ටිල්වින්ලා හිතනවා ඡන්ද නොතියන සීන් එකෙත් මම ඉන්නවා කියලා.

ඉතින් අනේ ඇත්තටම ඔයා ඒ ස්ථාවර දෙකේම ඉන්නවා වගේ වෙලාවකට මටත් පේනවා කී බිරිඳ දෙස බලා දත් මිටි කෑ කොමසාරිස්තුමා කොහොමද එහෙම කියන්නේ කියා අඩි පොළොවේ ගසා ඇසුවේය.

බිරිඳ කිව්වේ ඇයි අනේ ඔයා ඡන්දෙ තියෙන දවස 25 කියලා එනවුන්ස් කළාම ඒක ටිල්වින්ලට දුර වැඩියි. ජනාධිපතිතුමාට රටේ ආර්ථිකය තව ටිකක් ස්ථාවර කරගන්න ලැබෙනවා කියාය.

නළල රැළි කරගත් කොමසාරිස්තුමාට බිරිඳ කීවෙ ඡන්දෙ කරන්න ඕනෙ කියලා හිතන මැතිවරණ කොමසාරිස් කෙනෙක් නම් කීයටවත් ඔය වගේ දුර දිනයක් දාන්නෙ නැහැ කියලා ඕන ටිල්වින් කෙනෙකුට තේරෙනවනෙ මෙයා කියාය.


ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...