The Leader News
BREAKING
Top Ad
Opinion

වඩ වඩාත් මිනිස් වෙමු - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 11, 2023 • 12:30 PM

වඩ වඩාත් මිනිස් වෙමු - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැහැණියක් විසින් පිරිමියෙක් මෘදුබවට පත්කළාට නම් කමක් නැහැ හැබැයි ඔහු දුර්වලයෙක් කරන එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියල ෆ්‍රොයිඩ් කියනවා. ඒ වගේම ෆ්‍රොයිඩ් ඒකෙ අනික් පැත්ත එයාගේ
  • ඒ තමයි පිරිමියෙක් විසින් ගැහැණියක් දුර්වල හෝ පරායත්ත කරන එකත් එතරම් හොඳ දෙයක් නොවන බව.
  •  එයාල අහිංසක කරන්නත් එපා.
  • මොකද මිනිසා ඇතුලේ වෘකයෙක් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

Civilization and Its Discontents පොතේ කියන්නේ නැහැ. ඒ තමයි පිරිමියෙක් විසින් ගැහැණියක් දුර්වල හෝ පරායත්ත කරන එකත් එතරම් හොඳ දෙයක් නොවන බව.

අපි වගේ ගොඩ එන්න දඟලන රටවල් එකිනෙකා ශක්තිමත් කරන්න ඕනි (mutually empower). ධෛර්යය සපයන්න ඕනි. නිර්භීත කරන්න ඕනි. ස්වාධීන කරන්න ඕනි. හැබැයි ඒ සියල්ල එක්ක ස්වාධීන දෙන්නෙක් එකට ගමන්කරන්න ඕනි රිද්මයත් හොයාගන්න ඕනි.

ටික කළකට කලින් බුකියේ දැක්ක මේ ෆොටෝ එකට මම ආස හේතුව තමයි ගොඩක් මහළු වයසට ගිහිල්ල තිබ්බත් මේ තාත්ත තාමත් වැඩේ අත්හරින්නේ නැතිකම. මේක නිකම් අමුතු දසුනක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගමේ ගොඩේ හැම තැනකම මේ වගේ මිනිස්සු දකින්න පුළුවන්. අපේ ගමේ එක තාත්ත කෙනෙක් හිටිය එයා අවුරුදු අනුවක් ගිහිල්ලත් කුඹුරේ වැඩ කළා. අන්තිමට මැරුණෙත් කුඹුරේම තමයි.  

මේ අම්මා තවමත් හැරමිටියෙන් එයාගේ මනුස්සයා වැඩ කරන තැනට ඇවිල්ල තියනවා. පුරුද්දට වගේ කෙහෙල් ගහක් ඉන්දනවා. ''අප්පේ දැන් වැඩ කරන වයස නෙවෙයි ඕක අල්ලලා දාල නිකම් ඉන්නවා කියන්නේ නැහැ''.

 

  මේක ඕනිනම් දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නයක් හැටියටත් ගන්න පුළුවන්. හැබැයි මේ තියෙන්නේ සිසිපස් වගේ අත්නොහැර පැවැත්ම එක්ක අරගලකරන එක.  
එහෙම අසහාය ශක්තියක් හැම මනුස්සයෙක් තුළම තියනවා. ඒ නිසා මිනිස්සු අහිංසක කැටිගරියට දාන්න ෆ්‍රොයිඩ් ඉක්මන් උණේ නැහැ.

 

200810 omag love 5 600x411
මිනිස්සු අහිංසක නැහැ.  එයාල අහිංසක කරන්නත් එපා. මොකද මිනිසා ඇතුලේ වෘකයෙක් ඉන්නවා. මිනිසා ඇතුලේ තියන බිඳවැටෙන සුළු ගතිය නිසාම මේ වෘකයා මිනිසා ඇතුලෙන් එළියට එනවා. ඉතිහාසය පුරාම මේක මිනිස් ශිෂ්ටාචාරය ඔප්පුකරලා තියනවා. මේ යක්ෂ ශක්තිය එක්ක මිනිස්සු අසහාය දේවල් කරලා තියනවා.

මිනිසා ආදරයට බය ආදරය ඇතුලේ තමයි එයා බිංදුවටම බිඳවැටෙන්න පුළුවන්. හැබැයි ඒ බිඳවැටෙන හැම වෙලාවකම එයා වැඩකිරීම ඇතුලේ එයාගේ ආත්මය ඇතුලේ ඉන්න යක්ෂයා අවදිකර ගන්නවා. ඒ යක්ෂ ශක්තිය එක්ක ජීවත් වෙනවා. ඉතිහාසය ඇතුලේ මිනිස්සු ලාමක ටිං ටිං නැහැ. හැබැයි වෘකයෝ හැටියට ජීවත් වෙන්නත් ඔට්ටු නැහැ.

වෘකයා මෘදු බවට පත්කරන්න ආදරය අවශ්‍යයි.

ඒ නිසා වැඩකිරීම (work) සහ ආදරය (love) යන ප්‍රපංච දෙක අතරේ කවදාවත් කඩන්න බැරි සම්බන්දයක් තියනවා.

 මිනිස්සු ජීවත් වෙන්න ආදරය හොයනවා වගේම වැඩකරන එක ආදරයේ කොටසක් හැටියටත් තේරුම් ගන්න ඕනි. මිනිසා අහිංසක ලාමක ටිං ටිං වෙන එක නෙවෙයි වෙන්න ඕනි. වඩාත් මිනිස් වෙන එක.

මිනිසා වඩ වඩා මිනිස් වෙන්නේ නිෂ්පාදනය ඇතුලේ කියල මාක්ස් කියනවා. ණයට කන එක ඇතුලේ නෙවෙයි....❤️

 

(ඉහත විස්තරයට ෆොටෝව සම්බන්ද නැත).
Image@unknown>

Mahesh Hapugoda

 

 

 

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...