The Leader News
BREAKING
Top Ad
Opinion

මිල්ටරිය සහ රාජ්‍ය ය - (දීප්ති කුමාර ගුණරත්න)

T

The Leader Desk

March 12, 2023 • 5:48 PM

මිල්ටරිය සහ රාජ්‍ය ය - (දීප්ති කුමාර ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරිදා උදෑසන 07.00 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වන පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවූ දීප්ති කුමාර ගුණරත්න,
  • ප්‍රශ්නගත සිද්ධියේදී හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අතිසමීප හමුදා නිලධාරියා බව නොරහසකි.
  • ගෝඨාභය ලුතිනන් කර්නල් නිලයෙන් 1 වෙනි ගජබා රෙජිමේන්තුව වෙත අණ ලබාදීමේදී එහි විධායක අධිකාරී වූයේ කපිතාන් නිලයේ සිටි ශවේන්ද්‍රය.
  • කුමන ප්‍රදේශයකින්, කුමන අදහස් පද්ධතියක් සමග පැමිණෙන නිදහස් පුද්ගලයෙකු වුවද මෙම ආකෘතිය තුල “පොදු බවට” ඇතුලත් කරගන්නා අතර අණ දීම හා අණ පිලිපැදීම හැර තමන්ගේ අදහස් හෝ යෝජනා ඒ තුල ක්‍රියාත්මක කිරීමේ ඉඩක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගල සමයේදී රාජ්‍ය හමුදා වල ක්‍රියාකලාපය පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කලේය.

dkgඑහිදී ඔහු පවසා සිටියේ හමුදාවල සාමාජිකයන් (විශේෂයෙන්ම ඉහල නිලධාරීන්) පත් කිරීම අදාල ප්‍රොටෝකෝලයෙන් පිට සිදුනොකල යුතු හා එම නිලධාරීන් දේශපාලනික ඇජෙන්ඩා අනුව මෙහෙයවීම නොකල යුතුය යන්න ය.



ප්‍රශ්නගත සිද්ධියේදී හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අතිසමීප හමුදා නිලධාරියා බව නොරහසකි. ගෝඨාභය ලුතිනන් කර්නල් නිලයෙන් 1 වෙනි ගජබා රෙජිමේන්තුව වෙත අණ ලබාදීමේදී එහි විධායක අධිකාරී වූයේ කපිතාන් නිලයේ සිටි ශවේන්ද්‍රය.



ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යන ආයතන පාලනය වෙන්නේ දැඩි විනයගත නීති රීති රාමුවකිනි. එහි උදෑසන අවදිවීමේ සිට රාත්‍රි නින්ද දක්වා සිය කාර්‍ය්යන් ආකෘතිගත කර තිබේ. කුමන ප්‍රදේශයකින්, කුමන අදහස් පද්ධතියක් සමග පැමිණෙන නිදහස් පුද්ගලයෙකු වුවද මෙම ආකෘතිය තුල “පොදු බවට” ඇතුලත් කරගන්නා අතර අණ දීම හා අණ පිලිපැදීම හැර තමන්ගේ අදහස් හෝ යෝජනා ඒ තුල ක්‍රියාත්මක කිරීමේ ඉඩක් නැත.

මේ නිසාම එම ආයතන තුල ඉහලින් ලැබෙන අණ ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට ඇති සියලුම ඉඩ අහුරා තිබේ. සිය පුද්ගලික ජීවිතය කිසියම් ආකෘතියකට අනුව හැඩගැසෙන විට එම ආකෘතිය තුල සිටින සියලුම දෙනා රංචුවක් හැටියට කටයුතු කරනවා පමණක් නොව රංචුවට පිටින් එන ඕනෑම ප්‍රතිවිරෝධතාවයක් සිය පැවැත්ම පිළිබඳව වන ගැටලුවක් ලෙසද සංඥානනය කර ගනී.

ඒ තුලම උප සංස්කෘතියක් බිහිවෙන අතරම සියලුම දෙනා ඊට අනුගත වනවා පමණක් නොව, ඊට විරෝධයක් දැක්වීමද ඉන් ඉවත් කර තිබේ. උදාහරණයකට ඒ ඒ තනතුරු වලට අදාලව ඇති භෝජනාගාර(mess) තුල ඊටම ආවේනික වූ පිළිගැනීම් හා දඩුවම් ක්‍රමද, විනයගත රටාවක්ද ඇත. එහි ආහාර ගැනීම යනු සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක ආහාර ලබාගැනීමට වඩා වැඩි යමකි. දෙකෙන්ම කෙරෙන්නේ කුසගින්න නිවා ගැනීම වුවද, හමුදාවන් වල ආහාර ලබාගැනීමෙන් “අතිරික්තයක්” නිපදවයි. එම අතිරික්තය යනු “හමුදාවයි”.



හමුදාව යනු රාජ්‍යයේ ආරක්ෂයා වන බවට දෘශ්‍යමානයේ දකින දේම සත්‍යකි. සේනාවිධායකයා ලෙස ජනාධිපතිවරයා සහභාගි වන රාජ්‍ය උත්සව වලදී රාජ්‍ය නායකයාට පිටුපසින් ත්‍රිවිධ හමුදාපතිවරුන් සිය උත්සව නිල ඇඳුමින් සැරසී සිටින්නේ එම නිසාය. ඉන් ගම්‍ය වන්නේ දෘශ්‍යමානයේ ඔබ දකින්නා වූ “ආරක්ෂාව”නැමැති අදහසම පමණි. ඒ තුල සැගවූ දෙයක් හෝ තිරයෙන් පිටුපස දෙයක් නැත. ලංකාවේ විප්ලවවාදීන් කරන්නේ මෙම තිරයට පිටුපසින් “රහසක්” ඇතැයි සිතා, අවලාද, මඩ, විවේචන ආදියෙන් දමාගැසීමයි.

 

අපි තේරුම් ගත යුත්තේ මේ නිලබල රටාව ආකෘතියක් බවත් සිදුවන්නේ යුත්තේ ඒ තුලට පුද්ගලයන් ඇතුල් වී පිටවීම පමණක් වන බවත් ය. රාජ්‍ය උත්සව සදහා පමණක් ජනාධිපතිවරයා සමග සහභාගි විය යුතු හමුදාපති, ගෝඨාභය සමග පන්සල් හා දේවාල ගානේ යාම මෙම ආකෘතිය විකෘති කල අතර එය ජෝක් එකක් බවට පත් විය. මෙහිදී හමුදාපති පදවිය යටගොස් ශවේන්ද්‍ර උඩට පැමිණි අතර ආකෘතිය සතු විභවය විහිලුවකින් කෙලවර විය.

(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...