The Leader News
BREAKING
Top Ad
Opinion

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 27, 2023 • 5:05 PM

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට වෘත්තියින් මත පටවා ඇති බදු නැවත සලකා බැලීම පිළිබඳ අරගලයක නිරත වෙලා ඉන්න
  • මුල්‍ය අරමුදලේ අයට අපේ අය කියල තියෙන්නේ මේ බදු ගහලා තියෙන එකෙන් වෘත්තිකයෝ පීඩනයට පත්වෙලා ඉන්නවා, එයාල රට දාල උනත් යන්න පුළුවන්, ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය සංශෝදනය කරන්න කියන එක (වෘත්තීමය ප්‍රකාශය -professional statement).
  • අනික තමයි මෙහෙම බදු ප්‍රතිපත්තියක් හඳුන්වල දෙන්න තරම් ජනමතයක් මේ ප්‍රොක්සි ආණ්ඩුවට (proxy government) නැහැ කියන එක (දේශපාලනික ප්‍රකාශය -political statement).
  • ප්‍රොක්සි ආණ්ඩුවක් කියන්නේ වෙනත් ජනමතයක් නියෝජනය කරමින් ආපු ආණ්ඩුවක් ඊට වෙනස් ප්‍රතිපත්ති ප්‍රමාණයක් වෙනුවෙන් වැඩකරන මිනිස්සු වගේකට බලය හසුරුවන්න බලය දුරස්ථ ලෙස පවරලා තියනවා කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

වෘත්තීය සමිති කිහිපයක් සහ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අතර පසුගිය සතියේ ඇතිවෙච්ච ඔන්ලයින් කතාබහ ගැන ගොඩක් අයගේ තියෙන්නේ නිශේධනාත්මක අදහසක් උනාට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් ගැඹුරු පාඩමක් තියනවා.

මුල්‍ය අරමුදලේ අයට අපේ අය කියල තියෙන්නේ මේ බදු ගහලා තියෙන එකෙන් වෘත්තිකයෝ පීඩනයට පත්වෙලා ඉන්නවා, එයාල රට දාල උනත් යන්න පුළුවන්, ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය සංශෝදනය කරන්න කියන එක (වෘත්තීමය ප්‍රකාශය -professional statement). අනික තමයි මෙහෙම බදු ප්‍රතිපත්තියක් හඳුන්වල දෙන්න තරම් ජනමතයක් මේ ප්‍රොක්සි ආණ්ඩුවට (proxy government) නැහැ කියන එක (දේශපාලනික ප්‍රකාශය -political statement).



ප්‍රොක්සි ආණ්ඩුවක් කියන්නේ වෙනත් ජනමතයක් නියෝජනය කරමින් ආපු ආණ්ඩුවක් ඊට වෙනස් ප්‍රතිපත්ති ප්‍රමාණයක් වෙනුවෙන් වැඩකරන මිනිස්සු වගේකට බලය හසුරුවන්න බලය දුරස්ථ ලෙස පවරලා තියනවා කියන එක.



දැන් මේ ජනමතයක් (mandate) නැහැ කියල අපි පොළොවේ හැපෙන එක ගැන මොකක්ද මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ කියල තියෙන්නේ? ඒක තමයි වැදගත් එක.

එයාල කියනවා මෙහෙම. ''අපි රටවල් වල දේශපාලනය ගැන උනන්දු නැහැ. අපි වැඩ කරන්නේ පවතින ආණ්ඩුව එක්ක කියල (the government is our main counterpart)''.



දේශපාලනය ඇතුලේ කරන්නේ අපි යම් ප්‍රතිපත්ති ප්‍රමාණයක් එක්ක බලය අරමුණු කරගත්, ඒ සඳහා මිනිස්සුන්ගේ කැමැත්ත ලබාගත යුතු වැඩපිළිවෙලකට. ඒ සඳහා අපි දැනුවත්කිරීම් කරනවා, පොකට් මීටින් තියනවා, ලොකු මීටින් තියනවා, ටීවී සංවාද කරනවා, පෙළපාලි යනවා, විරෝධතා කරනවා, පත්‍රිකා බෙදනවා වගේ ගොඩක් දේවල් කරනවා. පස්සේ චන්දයක් තියල මිනිස්සු වැඩි චන්දයක් දුන්නට පස්සේ ඒ බලය නෛතිකකරණය (legitimation) කරගන්නවා.



ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කියන්නේ ආසන්න වශයෙන් ඔය උඩ කිව්ව දේට.

දැන් අයි එම් එෆ් එක උනන්දු නැත්තේ මොකේට ද? මෙන්න මේ ''ප්‍රජාතාන්ත්‍රික'' කියන දේශපාලන ක්‍රියාව ගැන එයාල එච්චර උනන්දු නැහැ, එයාල උනන්දු රටේ පවතින ආණ්ඩුව ගැන කියන එක.

පුළුවන් නම් ආණ්ඩුවක් හදා ගනිල්ලා. එතකොට අපි උඹල එක්ක ඉන්නවා කියන එක එයාල පැහැදිළිව කියල තියනවා.

මේක මම දකින්නේ නරක දෙයක් හැටියට නෙවෙයි. ඒ කියන්නේ දේශපාලන පැත්තෙන් ලොකු නිදහසක් එයාල අපිට දීලා තියනවා කියන එක මම මේක ඇතුලේ දකිනවා.

එයාල උනන්දු දේශපාලනය (politics) ගැන නෙවෙයි බලය (power) ගැන කියන එක පැහැදිළිව කියල තියනවා. මේකට මම ආශක්ත වෙන්නේ මේක මගේ දේශපාලන දැක්ම එක්කත් ගමන්කරන නිසා.



එයාල කියන්නේ මේ නිකම් මිනිස්සුන්ගේ කැමැත්ත වගේ මඟුල් නටන්නේ නැතුව උගුලෙන් හරි (විප්ලවයෙන් හරි) හබකෙන් හරි (වසඟයෙන් හරි) බලය ගනිල්ලා. අන්න එතකොට අපි උඹලා එක්ක ඉන්නවා කියල. මේක සිරකිරීමක් නෙවෙයි. පට්ට නිදහසක් දීමක් දේශපාලනය ඇතුලේ. ඒක එයාල රනිල්ට දීල තියනවා. මොකද එයා හබකෙන් බලය ගත්ත නිසා.

 

අපිත් ඒ නිදහස භුක්ති විඳිමින් උගුලෙන් හරි හබකෙන් හරි බලය ගම්මු.

එයාල ඕනිවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. අපිත් නිකම් බොරු ඩීසන්ට් වෙන්න ඕනි නැහැ.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...