The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

ප්‍රශ්නයේ කොටසක් නොවී උත්තරේ කොටසක් වෙන්න!

T

The Leader Desk

April 2, 2023 • 1:30 AM

ප්‍රශ්නයේ කොටසක් නොවී උත්තරේ කොටසක් වෙන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංගප්පූරුවේ නැගීම සෙසු රටවල් ආදර්ශයට ගන්නේ කෙසේදැයි අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු වන පීටර් ඩ්‍රිස්ඩේල් මහතා මෙසේ පවසා ඇත.
  • මේ උදාවී ඇත්තේ විප්ලවීය තත්වයකි.
  • මිනිසුන් පාරට බැස ඉල්ලූ වෙනස නිර්මාණය කිරීම ඇරඹී ඇත්තේ මේ මොහොතේ සිටය.
  • නිදහස ලබන විට ආසියාවේ ජපානයට පමණක් දෙවෙනි වූ ශක්තිමත්ම රාජ්‍යය හැත්තෑ පස් වසරටක පසු බංකොලොත් රාජ්‍යක් බවට පත් කළ වැරදි තීරණ රැසකි.
අකුරු ප්‍රමාණය (Font Size):



Professor Peter DrysdaleNumber one is to get rid of communists: how you get rid of them doesn't matter to me as an economist. But get them out of government, get them out of the trade unions, get them off the streets. How you do it is your job.
Number two is: let raffles stand where you stand today.



මෙය ශ්‍රී ලංකාවට අදාල කරගත් විට, ගතානුගතික වාමාංශිකයන් සහ ආරාජිකවාදීන් රාජ්‍යයෙන් ඉවත්කර තැබිය යුතුය, වෘත්තීය සමිතිවලින් සහ වීදිසටන් වලින් ඉවත් කර තැබිය යුතුය.

මේ උදාවී ඇත්තේ විප්ලවීය තත්වයකි. මිනිසුන් පාරට බැස ඉල්ලූ වෙනස නිර්මාණය කිරීම ඇරඹී ඇත්තේ මේ මොහොතේ සිටය. කොට්ට උරයක් අනිත් පැත්ත ගසන්නාක් සේ ඉතිහාසයේ තෝරාගත් සියලු වැරදි මංපෙත් අනෙක් පැත්ත හැරවිය යුතුය.

නිදහස ලබන විට ආසියාවේ ජපානයට පමණක් දෙවෙනි වූ ශක්තිමත්ම රාජ්‍යය හැත්තෑ පස් වසරටක පසු බංකොලොත් රාජ්‍යක් බවට පත් කළ වැරදි තීරණ රැසකි.

1957 පළ වූ the petrolium engineer ජර්නලයේ පළවූ ලිපියක මෙසේ සටහන්වී ඇත.



"ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් වූ සිලෝන්හි british petrolium, mobil සහ chevron සමාගම් දිනකට තෙල් බැරල් 170000ක් නිපදවිය හැකි තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට තීරණය කර ඇත." එවකට ලංකාව තෙල් ප්‍රති අපනයනය කළ අතර ceylon oil price index යනුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල දර්ශකයක් පැවතුනි. එහෙත් ඉන් වසර කීපයකට පසු දේශපාලන අත්දැකීම් නොතිබූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය නැමැති සුන්දර ට්‍රෝජන් අශ්වයා තුළට නැගගත් වාමාංශිකයන් තමන් යැපුණු සමාජවාදී සෝවියට් දේශයේ බලපෑම මත, එක රැයින් esso, chevron , mobile, bp, caltex වැනි තෙල් දැවැන්තයන් රටින් එළවා දමුවේ එම දේපොළද රාජසන්තක කරමිනි.

sirima

නිරවි යුධ සමයේ ලෝක ආධිපත්‍යය සඳහා සෝවියට් දේශයේ උපක්‍රමය වුයේ ලෝක තෙල් වෙළදාම සියතට ගෙන බටහිර බලය අඩපණ කිරීමය. ඔවුන්ගේ මෙරට වාමාංශික නියෝජිතයන් හරහා ක්‍රියාත්මක කරවූයේ ඒ උපක්‍රමයය. මේ උගුලට හසු වූ සිරිමාවෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරම්භ කර තෙල් වෙළදාම රජයේ ඒකාධිකාරයක් කරන ලදී. එදා සොච්චම් මුදලකට රතු තෙල් ලබාගැනීමට හැකිවීම මෙහි එකම වාසිය විය. නමුත් සෝවියට් දේශය ලබාදුන්නේ ලංකාවේ තෙල් අවශ්‍යතාවයෙන් 25%ක් පමණක් වූ අතර ඉතිරිය වැඩි මිලට විවෘත වෙළඳපොළෙන් ලබාගැනීමට සිදුවිය. නමුත් මේ සෝවියට සහනය වැඩිකල් ලැබුණේ නැත. අප උගුලක සිරවිය.

මේ අතර ශ්‍රී ලංකාවට විකල්පය ලෙස සිංගප්පූරුව තෝරාගත් ලෝක තෙල් දැවැන්තයන් singapore oil price index නමින් නව මිලදර්ශකයක් නිර්මාණය වන තැන දක්වා සිංගප්පූරුවේ තෙල් වෙළදාම දියුණු කළේය. අද අපි සිංගප්පූරුවෙන් වසරකට ඩොලර් මිලියන 360ක පමණ තෙල් මිලදී ගෙන සිංගප්පූරුවටත් එම තෙල් සමාගම් වලටත් ලාභ උපයා දෙමින් සිටිමු. .

සිරිමා යුගයේ සිට රෙදිපිළි, සීනි, කඩදාසී, කැති, උදලු, යන්ත්‍ර සූත්‍ර, මැටි බඩු, ලී බඩු ආදී සියල්ල නිපදවීම රජය පවරා ගෙන, මනි බඩු වෙළෙන්දෙක් සේ රජය බඩු විකිණීම ඇරඹූ අතර අනෙක් පසින් නත්තල් සීයෙකු වෙමින් සියලු දේ සහන ලෙස බෙදීම අරඹන ලදී. රජය පාඩු ලබමින් ලෝකයට ණය වෙමින් ගෙන ගිය ආර්ථික ක්‍රියාවලිය ආපසු හරවා යළි රට ගොඩනැඟීමට ගත් උත්සාහයන් පවා වාමාංශිකයන් විසින් විනාශ කරන ලදී. දරන්න බැරි බරක් උසුලමින් පණ අදිමින් සිටි රට, අවසානයේ සිරිමාවෝ මෙන්ම අත්දැකීම් නැති ගෝඨාභය නැමැති 'ටර්මිනේටර්' වරයා, 69 ලක්ෂයක් දෙනා "රුචිරානෙනී එකපාර මා මරන්න" කියා ඉල්ලූ විට, හුස්ම හිරකර එකවර මරාදමන ලදී.

cghfgh5t6

දැන් එම මළසිරුර සාලයේ තබාගෙන තවදුරටත් බූරු ගැසීම් නොකර ඒ පැරණි වාමාංශික නෂ්ඨාවශේෂයන්ද සමග එම සිම සිරුර වළදමා නීරෝගී කළලයකට මේ බිමේ වර්ධනය වීමට ඉඩදිය යුතුය. එසේ කළ හැක්කේ පැරණි මළ කුණට පෙම්බදින පිසාචයන් මෙන්ම මළකුණට යළි පණදීමට වෙරදරණ කට්ටඩීන්ද එකමිටට පරාජය කිරීමෙනි.



ඒ සඳහා සතුරා නිවැරදිව නම් කළ යුතුය. මිතුරන් එක්කර ගත යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ වෘත්තීය සමිති තුළ සැගවී සිටින, ආදිකල්පික වාමාංශිකයන් සහ අරාජිකවාදීන් මේ මොහොතේ සිදුවන ආර්ථික විප්ලවයේ ප්‍රධානම සතුරන්‍ ය. ඔවුන්ගේම බසින් කිවහොත් මේ ප්‍රතිවිප්ලවකාරීන්ය. ප්‍රතිවිප්ලවකාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය ඔවුන් විසින්ම වට්ටෝරුගතකර තිබීම ඊට තවත් පහසුවකි.

මේ අලුතින් වැඩෙන කළලය පෝෂණය කිරීම සියලු සැබෑ දේශප්‍රේමීන්ගේ වගකීමයි.

fgdfg44

එය තනි මිනිසෙකුට පැවරීම සාධාරණ නැත. නමුත් තනි මිනිසෙකු අසාමාන්‍ය නිර්භීතකමකින් එය ආරම්භ කර ඇත. එය අවසාන කිරීමේ වගකීම ඇත්තේ ඔබට , මට , අපිටය.. මේ මොහොතේ 'රනිල්' යනු තනි මිනිසෙකු නොව, වෙනසක් ඉල්ලා සිටි මිනිසුන්ගේ සටන් පාඨයයි. වෙනස වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන්ගේ සාමුහික වෙහෙසයි. වෙනසක් වෙනුවෙන් කරන විප්ලවයට එරෙහි ප්‍රතිවිප්ලවයට එරෙහි සටනද ඔහුයි.



ඔබ විප්ලවය සමගද? ප්‍රතිවිප්ලවය සමඟද? තීරණය ඔබ සතුයි. ඉතිහාසය විසින් ඔබේ තීරණය විනිශ්චය කරණු ඇත. ප්‍රශ්නයේ කොටසක් නොවී උත්තරයේ කොටසක් වීමේ අභිමානයට එකතුවන්න.

- වරා
Chatham Street journal

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...