The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

April 16, 2023 • 4:41 AM

අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මෙහෙම කියනවා.
  •  රාජ්‍ය අංශයේ රැකියා ශ්‍රම ප්‍රමිතිය බවට පත්වීම වෙනස් කර ව්‍යවසායකත්වය දිරිගන්වන්නට ඕනැ.
  • කළමනාකරණයේ සිට වෘත්තීය සමිති දක්වා පූර්ණ පරිවර්තනයක් ඇතිකරන්නට ඕනැ.
  • රජය බිස්නස් කරනවා නම්, ප්‍රාග්ධනය සොයාගන්න ඕනැ.
අකුරු ප්‍රමාණය (Font Size):



“අවුරුදු පනිවිඩය දීලා තියෙන්නේ….
පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී
අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු.”


ඉතාම හොඳ යෝජනාවක්. පොළීකාරයන්ගෙ සල්ලිවලින් කරපු දේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා:

? රුපියල ශක්තිමත් කිරීම,
? රුපියලේ කෘත්‍රිම වටිනාකම මත පදනම්ව රුපියල් ඩොලර් කර සිමෙන්ති, යකඩ, වාහන, ඉලෙක්ට්‍රොනික් වැනි භාණ්ඩ ආනයනය කර ගොඩගසාගැනීම,
? වැඩි මිලට ඉන්ධන ආනයනය කර අඩු මිලට විකිණීම,
? වැඩි මිලට ආනයනය කළ ඉන්ධන භාවිතා කර නිෂ්පාදනය කළ විදුලිය, ජලය ආදිය අඩු මිලට පාවිච්චි කිරීම,
? අති විශාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නිර්මාණය කර රටට දරාගත නොහැකි තරම් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා වරප්‍රසාද ලබාදීම.

මෙන්න මේවා තමයි වෙනස් කරන්න ඕනැ.

 
apj s 

 

කොහොමද අපේ පාරක යන්නෙ?


? රාජ්‍ය අංශයේ රැකියා ශ්‍රම ප්‍රමිතිය බවට පත්වීම වෙනස් කර ව්‍යවසායකත්වය දිරිගන්වන්නට ඕනැ.
? ප්‍රාග්ධනය සඳහා සාධාරණ පොළියට ණය සුලබ කරන්නට ඕනැ.
? තාක්ෂණය ලබාගන්නට මාර්ග විවෘත හා සුලබ කරන්නට ඕනැ.
? දේශීය හා විදේශීය වෙළඳපොළ ප්‍රවේශය පහසු කරන්නට ඕනැ.
? සමස්තයක් විදියට ව්‍යාපාරකරණය පහසු කරන්නට ඕනැ.
? දූෂණය නැතිකරන්න ඕනැ.


දැන් තමයි අපි අතර විවාදය එන්නෙ. රජය බිස්නස් කරනවද, නැද්ද?

 
රජය බිස්නස් කරනවා නම්, දැන් කරන විදියට නම් නෙමෙයි. කළමනාකරණයේ සිට වෘත්තීය සමිති දක්වා පූර්ණ පරිවර්තනයක් ඇතිකරන්නට ඕනැ. චීනෙ, වියට්නාමෙ වගේ වෙන්න ඕනැ. කිසි සේත්ම ලංකාවෙ දැන් තියෙන විදිය වගේ නම් නෙමෙයි.

රජය බිස්නස් කරනවා නම්, ප්‍රාග්ධනය සොයාගන්න ඕනැ. ඒකට තව තවත් බදු අය කරනවාද? තව තවත් ණය ගන්නවාද? බදුවලට, ණයවලට සාධාරණ අන්දමින් ඵලදායීතාව ශක්තිමත් කරගන්නවාද? හැම මට්ටමකදිම දූෂණය නැතිකරන්න ඕනැ. ඒකට මං අර කලින් කියපු විදියෙ පරිවර්තනයක් කරගන්නට අපි කොච්චර සූදානම්ද?

නැතිනම්, හැකි තරම් විදේශ වෙළඳපොළ ඉලක්ක කරන විදේශ ආයෝජන ආකර්ශනය කරගනිමින්, දේශීය ආයෝජකයන් ද දිරිගන්වනවාද? ප්‍රාග්ධනය වගේම තාක්ෂණයත් ගෙන එන්නට ඔවුන් දිරිගන්වනවාද?

ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය මූලික තත්වයන් නිර්මාණය කරන එක දුෂ්කරයි. එක පාරට බෝයිං කොම්පැනිය වගේ ඒවා මේ රටේ ආයෝජනය කරන්නෙ නැහැ. එන අය පිළිඅරන් මුල ඉඳන් පටන් ගන්න අපි කැමතිද?

ගෝලීය වෙළඳපොළ, ගෝලීය නිෂ්පාදන දාම ආදිය එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්ද? ජාතිකවාදය ගැන අපි හිතන්නෙ කොහොමද? විශේෂයෙන්ම ආර්ථික ජාතිකවාදය මත පදනම් වෙනවාද? ධනවාදී ගෝලීයකරණය පිළිගන්නවාද?

අපේ පාර මොකක්ද? ඒ සංවාදය නිර්මාණය වෙන්න ඕනැ ඔන්න ඔය වගේ ප්‍රශ්න මතුකරමින්.



Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader