The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

රැඩිකල් මැද මංගල - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 21, 2023 • 10:28 AM

රැඩිකල් මැද මංගල - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 21 මංගලගෙ උපන්දිනය - (චින්තන ධර්මදාස)
  • ඒ වගේම මේ බංකොලොත් වීම හරහා නව තරුණ අරගලයක් ඇතිවෙනවා කියලත් මංගල දැක්කා.
  • ඒක එයා කිව්වෙ දෙදාස් මුල ගණංවල ඇතිවුනු හදිසි දරු උපත් බුබුළත් එක්ක.
  • ඒ වගේ හැම හදිසි උපත් වැඩිවීමක්ම මේ පිරිස තරුණ වියට එළඹෙද්දී අසහනය සහ ඒ හරහා අරගල ඇති කරන්න හේතු වෙන බව සමාජ විද්‍යාත්මක අනාවැකියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මංගලව මං අඳුරගන්නෙ එයා පාර්ලිමේන්තු දේශපාලනෙන් එලියට බැස්සට පස්සෙ. එතෙක් මංගල ගැන පොලිටිකල් ආර්ටිස්ට් කෙනෙක් විදිහට තිබුණු කැමැත්ත ‘රැඩිකල් මැද’ට මාත් එකතු වෙන්න හේතු වුනා. මංගල දේශපාලකයෙක් විදිහට ගත කළ ලොකු අතීතයක් වෙනුවට මම ‘මංගල’ කියලා කියවන්නෙ මේ මොහොතේ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ නෙමෙයි එතනින් එලියෙ කියල විශ්වාස කරලා රැඩිකල් මතවාදමය වෙනසක් වෙනුවෙන් මංගල පටන් ගත්තු කෙටි අතීතය.

එතනින් එහාට මංගල ගැන විවිධ අයට ඒ අය ඇසුරු කරපු කලාප ඔස්සේ විවිධ කියවීම් තියෙන්න පුළුවන්.

 

රැඩිකල් මැද ආරම්භයේ ඉඳන්ම මංගල රට බංකොලොත්භාවය කරා යනවා කියන අදහසේ හිටියා. විවිධ ආර්ථික විද්‍යාඥයො එක්ක ඒ ගැන සාකච්ඡා කළා. ඒ වගේම මේ බංකොලොත් වීම හරහා නව තරුණ අරගලයක් ඇතිවෙනවා කියලත් මංගල දැක්කා. ඒක එයා කිව්වෙ දෙදාස් මුල ගණංවල ඇතිවුනු හදිසි දරු උපත් බුබුළත් එක්ක. ඒ වගේ හැම හදිසි උපත් වැඩිවීමක්ම මේ පිරිස තරුණ වියට එළඹෙද්දී අසහනය සහ ඒ හරහා අරගල ඇති කරන්න හේතු වෙන බව සමාජ විද්‍යාත්මක අනාවැකියක්.

198945227 296998468781990 8904553018326663837 n

ඉතිං මංගල මේ තරුණ කැරැල්ලට ලෑස්ති වුනා. ඒත් කැරැල්ලට කලින් කොරොනා අඳුරු පරිච්ඡේදය ආවා. මංගලට ඒ බාධකය තරණය කරන්න බැරි වුනා. හැබැයි මංගල දැකපු අරගලය සිද්ද වුනා. මංගලගෙ කැම්පේන් ගීතය අරගලයේ තේමා ගීතය බවට පත් වුනා. අරගලය ඇතුලෙ මංගල අප්‍රකාශිත වීරයෙක් වුනා.

මංගල නැති වුනා. එයාගෙ දේශපාලන මතවාදය විදිහට රැඩිකල් මැද ඉතුරු වුනා.

මංගල සහ අපි සාමූහිකව එකග වුනු කාරණා 21ක් තියෙනවා. ඒ තමයි රැඩිකල් මැද සම්මුතිය. ඒ සම්මුතියට එකග ඕනෑම පක්ෂයක, කණ්ඩායමක කෙනෙකුට රැඩිකල් මැද සාමූහිකය එක්ක වැඩ කරන්න පුළුවන්. මංගල නැති වුණාම අපි මංගල කියලා විශ්වාස මේ අවසන් සම්මුතිය. අපි මංගලව කරේ තියාගෙන යන්නෙ නෑ ඒ වෙනුවට මංගල විශ්වාස කළ ලිබරල් දහම ඉදිරියට අරන් යනවා.

අපි රැඩිකල් මැද සංවිධානය විදිහට අරගලය ආරම්භයේ ඉඳන්ම ප්‍රචණ්ඩත්වය වළක්වාලීම වෙනුවෙන් වැඩ කළා. කිසිවෙක් විසින් සංවිධානය නොකරන මහජන නැගිටීමක් සාධනීය අරමුණක් වෙනුවෙන් අරගෙන යන්න වැදගත්ම දේ ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම බව අපි විශ්වාස කළා.

 

259056617 372886021193234 4810412635217881255 n

රැඩිකල් මැද අපි කල්පනා කළේ මේ අරගලය රාජපක්ෂවාදය එරෙහි අරගලයක් විදිහට. රාජපක්ෂවාදය කියන්නෙ මහින්ද රාජපක්ෂ සහ පවුල  නෙමෙයි. ඒ පවුල විසින් නියෝජනය කරපු ජාතිවාදය, ආගම්වාදය, ලිංගවාදය, දූපත් මානසිකත්වය, වංචාව, දූෂණය ආදී සමස්තය. එතනදි රාජපක්ෂලා වගේම මේ විසකුරු සම්ප්‍රදාය පෝෂණය කළ වියතුන්, බුද්ධිමතුන්, රාජ්‍ය සේවකයන්, වෘත්තිකයන්, දේශපාලන පක්ෂ, සංවිධාන, ඒවා ප්‍රචාරය කළ මාධ්‍ය, ඒවා රස විඳපු, ඊට චන්දය දුන් ජනතාව ආදී සියල්ලන් මීට ඇතුලත්. සමාජය දැවැන්ත ප්‍රතිසංස්කරණ සහ ආකල්පමය වෙනසක් කරා යා යුතුයි කියල අපි විශ්වාස කළා. අරගලය කියන්නෙ කැතාසිස් එකක්.

 

එක්තරා අවධියක දූෂිත වූ පමණින් ඉතිහාසයක් පුරා දේශපාලන පරිණාමයෙන් නිර්මාණය වුණු ආයතන ව්‍යූහ බිඳ දැමීම නිවැරදිභාවය පිළිබඳ බොළඳ ක්‍රියාවක්.  ඒ නිසාම අරගලකරුවන් සහ අරගලයේ යුක්තියුක්ත ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු නියෝජිතයන් අතර පාලමක් නිර්මාණය කිරීම රැඩිකල් මැද වෑයම වුනා. අපි අරගලයේ ඉල්ලීම් පක්ෂ නියෝජිතයන්ට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සාමූහික සම්මුතියක් ඇති කළා. කහමල් ව්‍යාපාරය කියන්නෙ අරගලය අරාජිකත්වය කරා ගමන් කිරීම වළක්වාලන්නට අපි ගත්ත වෑයමක්. ආකෘති බිඳදැමීම වෙනුවට ප්‍රතිසංස්කරණය අපේ උත්සාහය වුනා. පවතින දේශපාලන ආයතන හරහා යතාර්ථවාදීව අරගලයේ ඉල්ලීම් දිනාගැනීම අපේ මාවත වුනා.

 

279108153 4530291043738525 3838846693916613608 n

ජවිපෙ සහ පෙරටුගාමී හැර අනෙක් සියලු පක්ෂවල නියෝජිතයන් විහාර මහා‍ දේවී එළිමහනේ ඒ සම්මුතියට සහභාගි වුනා. අරගලය රටේ දේශපාලනය වෙනස් කරන ප්‍රවාහයක් හැටියට ප්‍රධාන මාර්ගයට අවතීරණ කිරීම වෙනුවට එය හුදකලා රැඩිකල් ව්‍යාපාරයක් වශයෙන් තමන්ගේ පුද්ගලික පක්ෂ අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමට ගොඩක් අය පොරකෑවා. ඒ වගේම දේශපාලන අවබෝධයෙන් ඉතා පටු, පිරිසිදු ආවේගයෙන් සහ ආධ්‍යාශයෙන් විතරක්ම පිරුණු තරුණ පිරිස් බො‍හොමයක් ඒ වාමාංශික උගුල්වල අහුවුනා.

අනෙක් සියලු පරම්පරාවන් වැරදි අතර තම පරම්පරාව පමණක් නිවැරදි යැයි මිත්‍යාවක අරගල තාරුණ්‍යය ගිලුනා. හදිස්සියේ දේශපාලනයේ සියලු දැනුම සහ හැකියාව තමන් සතු වී යැයි ඒ අය විශ්වාස කළා. මේ අතර වාමාංශික පක්ෂ විසින් අරගලයේ දිශාව ප්‍රචන්ඩත්වය කරා තල්ලු කළා. කිසිවෙකු වග නොකියන මහා අරාජික ප්‍රචන්ඩත්වයක් අරගලයේ කූටප්‍රාප්තිය විදිහට නිර්මාණය වුනා.

 

මංගල හැමදාම දේශපාලනයේදී විශ්වාස කලේ පාලම් තැනීමයි. ඒ වෙනුවට තාප්ප බැඳීම මංගල ගේ සම්ප්‍රදාය වුනේ නෑ.

 

දේශපාලනය කියන්නෙ බල සම්බන්ධතා ගොඩනැංවීමයි. රැඩිකල් මැද සංවිධානය අරගලය තුල පෙනී සිටි ප්‍රධානතම කාරණය වුනේ අරගලකරුවන් සහ ජනතා නියෝජිතයන් අතර සාකච්ඡාවක්, පාලමක් ඉදිකිරීමයි.

ඒ මොහො‍තේ අපි දුෂ්ටයන් වුනත් මේ මොහොත වෙද්දි ඒ පාලම් විවිධාකාරයෙන් නිර්මාණය වෙනවා දැකීම අපිට සතුටක්. අරගලය නිසා ඇතිවුනු දේශපාලන විවරය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යොදා ගැනීම අපේ පරම පැතුමක්.

ඒ අනුව රටේ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පුරෝගාමීම මැදිහත් වීමක් කළ ගොඩයමු සාමූහිකය අපි නිර්මාණය කළා. ලිබරල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින සාමූහික වේදිකාවක් ගොඩනැගුවා. ඒ ගැන ජනතාව දැනුවත් කිරීම වගේ ඒ වෙනුවෙන් සහභාගීත්වය ඇති කළා.

අද මේ ආර්ථික ප්‍රතිසංස්කරණ IMF ප්‍රතිසංස්කරණ හැටියෙන් ර‍ටේ බහුතරයක් විසින් එකග වෙන දුෂ්කර නමුත් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ බවට පිළිඅරන් තියෙනවා.

මංගලව ආපහු මතක් කරද්දි අපි මතක් කරන්නෙ මංගලගේ නිදහස් සිතීම අනාගතය කරා ඇදී යන මාවතයි. මංගල දැකපු ඒ රට ඇති කරන්න, කවර පක්ෂයක හෝ වේවා ලිබරල් මතවාදය ශක්තිමත් කරන්න ඒ මංගල දහම ගෙන වීදි සංචාරය කිරීම අපේ කාර්යයි.



Chinthana D(චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 

 
 

Anida



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...