The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

April 25, 2023 • 7:45 AM

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද,
  • මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට සමාන වේ.
  • එමෙන් ම සංක්‍රාන්තික ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් 2,500 ක් මෙම වසරේ දෙසැම්බර් දක්වා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර තිබේ.
  • දැනට හඳුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා ඇති පිරිසට සහ වකුගඩු රෝගීන්ට රුපියල 5,000 බැගින් දීමනාවක් ගෙවනු ඇති අතර වැඩිහිටි දීමනාව රුපියල් 2,000ක් ලෙස දිගටම ගෙවීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි.

මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට සමාන වේ. එමෙන් ම සංක්‍රාන්තික ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් 2,500 ක් මෙම වසරේ දෙසැම්බර් දක්වා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර තිබේ.

දැනට හඳුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා ඇති පිරිසට සහ වකුගඩු රෝගීන්ට රුපියල 5,000 බැගින් දීමනාවක් ගෙවනු ඇති අතර වැඩිහිටි දීමනාව රුපියල් 2,000ක් ලෙස දිගටම ගෙවීමට නියමිතය. එලෙස ආධාර ලබන පවුල් සංඛ්‍යාව දළ වශයෙන් 290,500 කි.

මෙලෙස ආධාර ලබන සමස්ත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 23 කි. එය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 40කි.

 

මේ පිළිබඳ සමාජ මාධ්‍ය කතිකාවකදී එක් පාඨකයෙකු මෙසේ පැවසීය: “පැරා මම නම් මේකට එකඟ නෑ. දෛනික කුලී කම්කරුවකුටත් මම උදේ කෑම (පරිප්පු / අල, පොල්සම්බෝල බත්/පාන් සහ මාලු / බිත්තර /කරවල සහිතව) දෙනව. දහට ප්ලේන් ටී සමග මාලු පාන් / බනිස්. දවල්ට පරිප්පු / අල, මස්/මාලු/බිත්තර/කරවල, එලවලු අවමව දෙකක්. හවස තුනහමාරට විතර ප්ලේන්ටී සමග මාලු පාන්/බනිස්/බිස්කට්. නාල ගෙදර යන්න හදනකොට ප්ලේන් ටී. දවස් කුලිය රු. 2500 යි. හිතල බලපං මේ කුලිකරුවෙක් මාසෙට දවස 20ක් වැඩ කළත් රු. 50,000ක් හොයන්න පුලුවන්.”

 

මෙය යම් දුරකට සත්‍යයක්. පහත දැක්වෙන්නේ මගේ අත්දැකීම් කීපයකි.

අලුත් අවුරුද්දට කලින් මං අපේ පැරණි ගෙදර වත්ත එළිකරලා කුරුඳු පැළ ටිකක් දාන්න හිතාගෙන දන්න අඳුනන කුලී කම්කරුවෙකුට කොන්ත්‍රාත් දුන්නා. දැන් සති දෙකක්. තවම වරු තුනයි වැඩ කළේ. ආපු හැමදාම හවස වැස්සා. එහෙම වැස්සාම මිනිහා යන්නෙම හෙට වැඩකරන්න බැහැ කියලායි. වැඩකරපු දිනවලට දෙදාස් පන්සීය ගානෙ දුන්නා. වැඩට නොඑන්න හේතු අතර ප්‍රධාන එකක් තමයි සමෘද්ධිය සම්බන්ධ විවිධ වැඩ.

අවුරුදු දවස්වල අකුරැස්ස පැත්තෙදි හමුවුණ දුප්පත් ඥාතියකු කිව්වෙ මාර්තු මාසෙ රු. 20,000ක් රජයෙන් දුන්න බවයි. බඩු අරගෙන බිල් ඉදිරිපත් කරන්නලු තිබුණෙ. ගමේ එවුන් හොර බිල් දාලා ඒ සල්ලිවලින් අරක්කු බීපු නිසා ඊළඟ විසිදාහ නොලැබෙයි කියලා ඔහු බයෙන් ඉන්නෙ. වයස අවුරුදු 35ක් විතර වෙන, මත්පැන්, දුම් නොබොන, අතපය සවි ශක්තිය හොඳට තියෙන මේ නූගත් තරුණයා මාසෙකින් විතර වැඩකට ගිහින් නැහැ. ආධාර බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. ලැබෙන ආධාරවලින් යන්තම් කාලා, යන්තම් ඇඳලා ඉන්නවා. ආධාර දීලා වගා කරපු තේ පැළ ටිකක් වත්තෙ තිබුණා. වල් නෙළලා, සාත්තු කරලා නැහැ. ආණ්ඩුවෙන් පෝර දෙයි කියලා බලාගෙන ඉන්නවා. ආධාරට දීපු කුරුඳු පැළ පන්සීයක් මිදුලෙ පොට්වල බාල වෙමින් තිබුණා. ඉන්දන්න ඕනැයි කිව්වා. මෑන්ගෙ ගෙයි වහල රෙපෙයාර් කරගන්න අපිත් පොඩි ආධාරයක් කළා. ඒ සල්ලි පොතේ දාගෙන ඉන්නවා. රජයෙන් ගෙයක් දෙන්න ලියාගෙන ගියායි කියලායි කියන්නෙ.

 

දරුණු ආර්ථික අර්බුදයක් එක්ක දිළිඳු ජනයා සාගතයට, මන්දපෝෂණයට ගොදුරු වනු ඇතැයි විද්වතුන් පුරෝකථනය හෙවත් ප්‍රාර්ථනා කරපු සමාජයක දිළිඳු ජනයා වෙනුවෙන් මෙවැනි සහනාධාර ක්‍රම සම්පාදනය කරන එක වගකිව යුතු රජයක වැඩක් බව ඇත්ත. හැබැයි, මේකෙන් කම්මැලිකම බෝ කරනවා. ගොවීන්ට පොහොර හා වෙනත් සහනාධාර දීමත් මෙවැනිම දෙයක්. දීර්ඝ කාලයක් තිස්සේ මේවා කළා. ඒත්, කවදාවත් ගොවීන්වත්, ගොවීන් නමින් පෙනී ඉන්න ග්‍රාමීය දිළින්දන්වත් එමගින් ගොඩගන්නට බැහැ.

 

සහනාධාර දෙන්න ඕනැ ක්ෂුද්‍ර, සුළු හෝ මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ටයි. ග්‍රාමීය දිළින්දන් කෘෂි හා කර්මාන්ත සේවකයන් බවට පරිවර්තනය කළ යුතුයි. රජය විසින් දිගට බලාගත යුත්තෙ වැඩිහිටි හා රෝගී කැටගරිවල අසරණම කොටස් විතරයි.

 

අකුරැස්සෙ ගිහින් අර දිළිඳු ඥාතියා එක්ක කතාකරමින් ඉන්නකොට රජයේ රස්සාව කළාට වඩා වැඩි කාලයක් පැන්ෂන් ගන්න, බිරිඳගේ වැන්දඹු අනත් දරු අරමුදලටත් හිමිකම් කියමින් ෂපාන් එකේ ජීවත් වෙන අපේ මාමණ්ඩි විෂබීජයක් දැම්මා, බොලේ ඔය හදන්නෙ බොලාගෙ සමෘද්ධිය කපන්නය කියලා. දළු එහෙම කඩන්න ගත්තාම සමෘද්ධිය නැති වෙයි කියල තමයි කිව්වෙ. ඒ පාර අරුත් එකතු වෙලා ආණ්ඩුවට බනින්න පටන් ගත්තා, මුන් හොරකං කරනවාය, ලබන සැරේ හැමෝම දෙන්නෙ මාලු මාමටය කිය කිය.

ඇත්ත වශයෙන්ම වෙන්න ඕනැ, මුන්ව හීන්සැරේ ගොඩ අරගෙන සමෘද්ධිය කපන එක තමයි. හැබැයි, දැන් මුන් නිකං කෑමට පත්තියන් වෙලායි ඉන්නෙ. මාලු මාමත් මේක ඇනුවට පස්සෙ තමයි මට නං හිතෙන්නෙ එක්කො ගොඩයන්නෙ. නැතිනම් වැලිගම්පිටි යන්නෙ රටක් වශයෙන්ම.

326229457 188686616905193 5305526643094995281 n


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි.)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...