The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

රනිල් එක්ක සෙල්ෆි එකක් ගම්මු ද? - (මහේෂ්ගේ වීඩියෝවක්)

T

The Leader Desk

May 5, 2023 • 12:16 PM

රනිල් එක්ක සෙල්ෆි එකක් ගම්මු ද? - (මහේෂ්ගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලය දිගහැරුණු අවසන් කාල වකවානුව වෙනකොට ලංකාව අරාජක වෙමින් තමයි පැවතුණේ. කිසිම පාලනයක්, පාලන අරමුණක්, පාලනය කිරීම සඳහා පිරිසක් ඒ වෙනකොට බැලූ බැල්මට හිටියේ නැහැ.
  • ලෙනින් බලය සම්බන්දයෙන් කුකුසක් ඇතිකර ගත්තේ නැහැ.  වෙනත් පංතියක් අතේ තිබ්බ බලය තමන්ගේ පංතියට ගන්න ඕනි සූදානම, සංවිධානය, කතාබහ, එකමුතු බව අපේ වමේ සහ අනෙකුත් කොටස් තුළ තිබ්බේ නැහැ.
  • බලයට එන්න කලින් රනිල් කියන්නේ එක්කෙනෙක්.
  • බලයත් එක්ක එන වසඟය (seduction) ඇතුලේ එයා තමන්ගේ අවකාශය සකස්කර ගනිමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ රික්තකය ඔස්සේ බලය ලබා ගන්නවා කියන එක ගැන වමේ ප්‍රගතිශීලි අයට තිබ්බේ විචිකිච්චාවක් (sceptical). ගන්නද නොගන්නද කියල සදාචාර ප්‍රශ්නයක්. 

සදාචාරය වෙනත් දේවල් සඳහා අදාළ උනාට බලය සම්බන්දයෙන් අදාල වෙන්නේ නැහැ. අවම වශයෙන් ලෙනින් කියෙව්වොත් ඒක තේරෙයි. ලෙනින් බලය සම්බන්දයෙන් කුකුසක් ඇතිකර ගත්තේ නැහැ. 

වෙනත් පංතියක් අතේ තිබ්බ බලය තමන්ගේ පංතියට ගන්න ඕනි සූදානම, සංවිධානය, කතාබහ, එකමුතු බව අපේ වමේ සහ අනෙකුත් කොටස් තුළ තිබ්බේ නැහැ. එක්සිට් පොයින්ට් එකක් (exit point) හොයමින් හිටිය ගෝඨාගෙන් පස්සේ මොකක්ද කළ යුත්තේ කියල අරගලයේ හිටපු කවුරුත් හිතුවේ නැහැ. එයාල කලේ නැති දෙවි කෙනෙක්ට ඇහෙන්න පුළුවන් තරම් හයියෙන් කෑගහපු එක....

 

බලය සහ සදාචාරය එකට ගමන් කරන්නේ නැහැ. බලය කියන්නේ බලය. ඒක ගැන දෙගිඩියාවක් රනිල්ට තිබ්බේ නැහැ. එයා බලය ගත්තට වඩා ගිජු ලිහිණියෙක් වගේ බලය ඩැහැගත්ත කිව්වොත් වඩාත් නිවැරදියි. එයා දැනගෙන හිටිය බලය ගත්තට පස්සේ රනිල් මේ දැන් ඉන්න රනිල් නෙවෙයි කියල.  බලය කියන්නේ ගුප්ත දෙයක්. බලයට එන්න කලින් රනිල් කියන්නේ එක්කෙනෙක්. බලය ලැබුණට පස්සේ රනිල් කියන්නේ තවත් කෙනෙක්. බලයට කලින් හිටපු අර ලිබරල් රනිල් අතුරුදහන් වෙලා දැන් ඇවිල්ල ඉන්නේ අධිකාරී පාලකයෙක් (authoritarian ruler).

 

ඉස්සර රනිල්ට හිනාවුන අය දැන් අඩුයි. දැන් ඉන්නේ රනිල් කිව්වම සීරියස් වෙන පිරිසක්. බලය කොච්චර ගුප්තද කියල තේරෙන හොඳම උදාහරණය තමයි රනිල් පළාත් පාලන චන්දෙ නැහැ කිව්වම දැන් ඒක අතුරුදහන් වෙච්ච ස්වරූපය. දැන් ඒ ගැන හාවක් හූවක් නැහැ. ඒ තමයි බලය. 

ඒ තමයි රනිල් ගේම් එක ගහන විදිය. බලයත් එක්ක එන වසඟය (seduction) ඇතුලේ එයා තමන්ගේ අවකාශය සකස්කර ගනිමින් ඉන්නවා. ඒ එක්ක දේශපාලන සාධක වෙනස් වෙමින් තිබෙනවා. දැන් එයත් එක්ක සෙල්ෆි ගහන්න කට්ටිය පෝලිම් වෙනවා. 

ඔයාලත් ඕනිනම් සෙල්ෆි එකක් ගන්න

තවදුරටත් කාරණේ පැහැදිලිකර ගන්න පහත වීඩියෝව නරඹන්න




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...