The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

May 7, 2023 • 11:44 AM

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමෘද්ධි ක්‍රියාවලිය කියන්නෙම ඉතා විකෘති දිළිඳු සහනාධාර ක්‍රමවේදයක්.
  •   සමෘද්ධි සහනාධාර සඳහා යෝග්‍ය පුද්ගලයන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ දේශපාලනීකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස දිළින්දන් නොවන පුද්ගලයන්ට සමෘද්ධි සහනාධාර ලැබෙන අතර ඇත්තටම සහනාධාර ලැබිය යුතු විශාල පිරිසකට නොලැබී යනවා.
  • ඒ වෙනුවට එමගින් වැඩිපුර කෙරෙන්නේ දිළින්දන් සහනාධාර දෙසම බලාගෙන සිටින අලසයන් පිරිසක් බවට පත්කිරීමයි.
  • සමස්තයක් ලෙසම, දිළිඳුභාවය දුරලීමේ දැක්මක් මෙහි නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මූලිකම ගැටලුව සමෘද්ධිය නඩත්තු කිරීම සඳහා දිළිඳු සහනාධාර වෙනුවෙන් වෙන්කරන මුදලින් හතරෙන් පංගුවක් විතර වැය වෙනවා.

 

ඊළඟට, සමෘද්ධිය ඉතාම දේශපාලනීකරණය වුණ වැඩසටහනක්. සමෘද්ධිය සම්බන්ධ නිලධාරීන් අතරින් අති විශාල පිරිසක් දේශපාලනික පත්වීම් ලබපු අය. ඔවුන් කාලාන්තරයක් තිස්සේම රජයේ රැකියාව හා රාජ්‍ය සම්පත් දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කිරීම පුරුද්දක් කරගත් පිරිසක්. සමෘද්ධි ප්‍රතිලාභ බෙදාදීම සඳහා දිළිඳු ජනයා තෝරාගැනීමේ පටන් දේශපාලන රැස්වීම්වලට සමෘද්ධි ප්‍රතිලාභීන් සමූහ වශයෙන් රැගෙන යාම දක්වාම ඔවුන් මේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කර තිබෙනවා.

 

සමෘද්ධි සහනාධාර සඳහා යෝග්‍ය පුද්ගලයන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ දේශපාලනීකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස දිළින්දන් නොවන පුද්ගලයන්ට සමෘද්ධි සහනාධාර ලැබෙන අතර ඇත්තටම සහනාධාර ලැබිය යුතු විශාල පිරිසකට නොලැබී යනවා.

සමෘද්ධි දිළිඳු සහන වැඩපිළිවෙල දිළින්දන් දිළිඳුභාවයෙන් ගොඩගැනීම දෙසට යොමුවී තිබෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ වෙනුවට එමගින් වැඩිපුර කෙරෙන්නේ දිළින්දන් සහනාධාර දෙසම බලාගෙන සිටින අලසයන් පිරිසක් බවට පත්කිරීමයි. සමෘද්ධි සහනාධාර ලබාගැනීම සඳහා දිළින්දන් රැකියා නොකර සිටීමට පොළඹවනවා. සහනාධාර වෙනුවෙන් දිළිඳුකමේ ගිලී සිටීමට ඔවුන් පොළඹවනවා. සමස්තයක් ලෙසම, දිළිඳුභාවය දුරලීමේ දැක්මක් මෙහි නැහැ.

 

196345311 770636510299807 7639982909282821119 n

රජයේ අලුත් සුබසාධන ප්‍රතිලාභ සහනාධාර වැඩසටහන සමග සමෘද්ධි අධිකාරියේ අවශ්‍යතාව නැතිවී යනවා. සමෘද්ධි අධිකාරිය වසාදමනවා නම් දේශපාලනය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමත් වළක්වාගන්නට පුළුවන්.

 

දැනට මේ නිලධාරීන් හරහා බෙදාදෙන දිළිඳු සහනාධාර ප්‍රතිලාභීන්ට මුදල් ලෙස කෙළින්ම ලැබෙන ක්‍රමයක් සැකසීම අමාරු නැහැ. එහෙත්, එහි ගැටලු නැත්තේ නැහැ. සියලුදෙනාට බැංකු ගිනුම් නැතිවෙන්නට පුළුවන්. ඔවුන්ගෙන් ඇතැමෙකුට බැංකු ගිනුම් ඇර දෙන්නත් පුළුවන්. බැංකුවට දුර වැඩිවෙන්න පුළුවන්. ආබාධිත ජනයා වැනි අයට බැංකුවට යාමට දරන්නට සිදුවන වියදම ඉහළ වෙන්න පුළුවන්. සමහර විට උප තැපැල් කාර්යාල වඩා සමීප හා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ අතර, උප තැපැල් කාර්යාල පවත්වාගෙන යන්නේ මොකටද කියන ප්‍රශ්නෙත් මතුවෙන්නට පුළුවන්. මේ ගැටලුවලටත් විසඳුම් සොයාගත යුතුයි.

 

මේ අතරේ සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය සමිතිකාරයන් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වී සිටීමත් අවධානයට ලක්කළ යුතුයි. තිබෙන තත්වයන් වෙනස් කිරීමට එරෙහිව තැබෙන ප්‍රධාන ප්‍රතිවිප්ලවීය අඩයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ.

කෙසේ වෙතත්, වෙනත් රැකියාවක් කිරීමේ හැකියාව අවම රාජ්‍ය නිලධාරීන් පිරිසක් වන සමෘද්ධි නිලධාරීන් රජයේ සේවය තුළම මීට වඩා ඵලදායී රැකියා කෙරෙහි යොමුකළ යුතුයි. ඔවුන් අතර වෙනත් ව්‍යාපාර කිරීමෙන් සාර්ථක වූ අය ඉන්නවා. ඔවුන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම දිරිගැන්විය යුතුයි.

 

welfare benefits

 

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසනවා.

 

මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට සමානයි. එමෙන් ම සංක්‍රාන්තික ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් 2,500 ක් මෙම වසරේ දෙසැම්බර් දක්වා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර තිබේ. ඔවුන් දිළිඳුභාවයෙන් මිදෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

දැනට හඳුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා ඇති පිරිසට සහ වකුගඩු රෝගීන්ට රුපියල් 5,000 බැගින් දීමනාවක් ගෙවනු ඇති අතර වැඩිහිටි දීමනාව රුපියල් 2,000ක් ලෙස දිගටම ගෙවීමට නියමිතය. එලෙස ආධාර ලබන පවුල් සංඛ්‍යාව දළ වශයෙන් 290,500 කි.

මෙලෙස ආධාර ලබන සමස්ත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 23 ක්. එය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 40ක් වෙනවා.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader