The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

අර්බුදයේ අනාගතය - (වික්ටර් අයිවන් )

T

The Leader Desk

May 8, 2023 • 11:47 AM

අර්බුදයේ අනාගතය - (වික්ටර් අයිවන් )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දැන් තිබෙන්නේ කෙබඳු තැනක ද?
  • එහි යම් ඇත්තක් ඇතත් එය සම්පූර්ණ ඇත්තක් ලෙස මට පෙනෙන්නේ නැත.
  • ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තිබෙන්නේ ඒ සඳහා ආරම්භකර තිබෙන වැඩ සටහනට ඇතුලත් කරගෙන නැති තවත් දේවල් ඇතොත් ඒවාද ඇතුලත් කරගනිමින් පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදාගනිමින් එය අඛන්ඩව ඉදිරියට ගෙන යායුතු තැනකය.
  • එම ක්‍රියාදාමයේ අඛන්ඩතාවය බිඳ වැටීමක් ඇති වන ලෙස සිදුවන ආණ්ඩු පෙරලියක් පවා රට විශාල විනාශයකට තල්ලු කිරීමට හේතු විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මතු පිටින් බලන කෙනෙකුට පෙනෙන්නේ විරුද්ධ පක්ෂවලින් හා වෘත්තීය සමිති වලින් එල්ල වන බාධා කිරීම් නොසලකා ජනාධිපතිවරයා ජයග්‍රාහි ලෙස අර්බුදය කලමණාකරන කර්මින් ඉදිරියට යන බවය.

එහි යම් ඇත්තක් ඇතත් එය සම්පූර්ණ ඇත්තක් ලෙස මට පෙනෙන්නේ නැත.

මෙම අර්බුදය කලමණාකරනය කිරීමේදී ඒ සදහා අවශ්‍ය දැනුමට අතිරේකව තිර අධිෂ්ඨානයක් තිබියදී පවා තනිව යාහැක්කේ කිසියම් ප්‍රමාණයක දුරක් පමණය. සමස්ත අර්බුදය ජයගැනීම සදහා දේසපාලන තලයේ කිසියම් විශාල ප්‍රමාණයක සමගියක් හා ඒකාග්‍රතාවක් නැතුවම බැරිය.

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තිබෙන්නේ ඒ සඳහා ආරම්භකර තිබෙන වැඩ සටහනට ඇතුලත් කරගෙන නැති තවත් දේවල් ඇතොත් ඒවාද ඇතුලත් කරගනිමින් පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදාගනිමින් එය අඛන්ඩව ඉදිරියට ගෙන යායුතු තැනකය. එම ක්‍රියාදාමයේ අඛන්ඩතාවය බිඳ වැටීමක් ඇති වන ලෙස සිදුවන ආණ්ඩු පෙරලියක් පවා රට විශාල විනාශයකට තල්ලු කිරීමට හේතු විය හැකිය. එහි තේරුම ආණ්ඩු පෙරලියක් මහජනයාට අවශ්‍ය නම් ඒ සහා පැවැත්වෙන මැතිවරණයක් පවා සිදුවිය යුත්තේ දේශපාලන තලයේ බහුතර එකගතාවයකින් ඇති කරගන්නා පොදු වැඩ සටහනක් යටතේ බවය.

 

ඡන්දය කල් යාමෙන් පරිපාලන අවුල් රැසක්'

 

එහිදී අලුතෙන් බලයට පත්වන ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යවස්ථාපිත වගකීම විය යුත්තේ පොදු එකගතාවයකින් ඇති කරගෙන තිබෙන ප්‍රතිසංස්කරණ වැඩ සටහන අඛන්ඩව ඉදිරියට ගෙනයාමය. කවුරු බලයට ආවද නොවෙනස්වන හා අඛන්ඩව ඉදිරියට ගෙන යායයුතු ප්‍රතිසංස්කරණ සැලැස්මක් ඇති කර ගත හැක්කේ බල හුවමාරුවක් ඇති කිරීමට හේතුවන ප්‍රධාන මැතිවරන දෙකද ප්‍රතිසංස්කරණ වැඩ සටහන යටතේම සිදුවන දෙයක් බවට පත් කොට, සමස්ත ප්‍රතිසංස්කරණ වැඩ සටහනද දකුණු අප්‍රිකාවේ මෙන් අතුරු ව්‍යවස්ථාවකට ඇතුලත් කර ගැනීමෙනි. එවිට දැන් තිබෙන ආණ්ඩුව සේම ඊලගට බලයට පත්වන ආණ්ඩුවද වැඩ කල යුත්තේ එම අතුරු ව්‍යවස්ථාවට අනුකූලවය.

පොදු උත්සහායක අවශ්‍යතාව

 

all paty

ප්‍රතිසංස්කරන වැඩ සටහන තනිකර ජනාධිපතිගේ වැඩ සටහනක් නොවිය යුතුය. එය පොදු ප්‍රතිසංස්කරන වැඩ සටහනට එකතුවන සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අතර සාකච්චාකොට පොදු එකගතාවයකින් ඇති කර ගත යුතු වැඩ සටහනකි. ලංකාවේ සියලු මූලික හා ප්‍රධාන දේවල් තිබෙන්නේ මුලුමනින් ජරාජීර්න හෝ බෙලහීන තත්වයකට පත්වූ තත්වයකය. ඉතා බලවත් ලෙස නැගී සිටීමකට අවශ්‍ය ප්‍රවර්තක බලයක් ඇති කිරීමට හේතුවන මූලික ප්‍රතිසංස්කරණ  කිහිපයක් හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පොදු එකගතාවයක් ඇති කර ගත හැකිය. ඒ සදහා සමාජ ක්‍රමයේ ඇති වී තිබෙන කැබලිවීම හා බිඳවැටීම ජයගැනීම සදහා සමාජ ක්‍රමය නියෝජනය කරන කණ්ඩායම්වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවසිකම් ලබා දීමට හේතුවන ප්‍රතිසංස්කරන ඇති කළ හැකිය. කුල පීඩනය නැති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමද ඉතා වැදගත් ය. ඒ සමග වර්ග, ආගම් හා ලිංගික කණ්ඩායම් අතර පවත්නා අසහනයන්ද දුරු කිරීමට හේතුවන ප්‍රතිසංස්කරනද ඇති කල හැකිය.

 

ආණ්ඩුකරණ විෂයෙහි යහපත් හා ගැබුරු වෙනසක් සදහා සම්පූර්ණ කල යුතු ප්‍රධාන කොන්දේසියක් වනුයේ නීතියේ ආධිපත්‍යක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමය. ඒ සඳහා ජනාධිපති නීතියට යටත් තත්වයකට ගැනීම ද අධිකරණයට විමර්ශන බලය ලබා දීමද අත්‍යාවශ්‍ය ‍ය. මහජන නියෝජිතයින්ට හා රාජ්‍ය නිලධාරින්ට රජය සමග ව්‍යාපාර කිරීමට නීතියට පටහැනිව ලැබී තිබෙන ඉඩ මුලු මනින් වැලකිය යුතුය. වත්කම් බැරකම් නීතිය විදිමත් කිරීමෙන් හා තිබෙන දූෂන විමර්ශන කොමිෂම හොංකොන් හෝ සිංගප්පූරුවේ දුෂන විමර්ශන කොමිෂන් සභාව ආදර්ශයට ගෙන නැවත ප්‍රති නිර්මාණය කරගැනීම මගින් දූෂණය බලවත් ලෙස මර්දනය කල හැකි තත්වයක් ඇති කල හැකිය.

 

දේශපාලන පක්ෂ වෘත්තීයවේදි සංවිධාන හා වෘත්තීය සමිතිවල අභයන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හේතුවන විදි විධාන ඇති කිරීම මගින් එම ක්ෂේත්‍ර තුනේද ලොකු යහපත් වෙනසක් ඇති කල හැකිය. අවශ්‍ය වෙනත් ප්‍රතිසංස්කරන ද ඒ වැඩ සටහනට ඇතුලත් කල හැකිය. ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නම් එයද ප්‍රතිසංස්කරණ වැඩ පිලිවෙලට ඇතුලත් කල හැකිය. එවිට ප්‍රතිසංස්කරන වැඩ සටහන අතුරු ව්‍යවස්ථාවකින් බැඳ තබන අදියර දෙකක් යටතේ සිදුවන දෙයක් බවට පත් කල හැකිය.

මහජනයාට බරතබා හදන ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහනකින් එම ප්‍රතිසංස්කරණ වැඩ සටහන අවසන් කල හැකිය.

රටේ අනාගතය

thumb

එවැනි ප්‍රතිසන්ස්කරන වැඩ සටහනක් අහසින් කඩා වැටෙන්නේ නැත. ඒ සඳහා වන දළ රාමුවක් ආණ්ඩුවට ඉදිරි පත් කල හැකි අතර පොදු සාකච්චාවකින් එය සියලු දෙනාගේ පිලිගැනීමට හේතුවන රාමුවක් බවට පත් කර ගත හැකිය. ප්‍රතිසංස්කරන වැඩ සටහනට ජාත්‍යන්තර පිලිගැනීමක් ලබාදීම සදහා එක්සත්  ජාතින්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනයක් මෙම ප්‍රතිසන්ස්කරන වැඩ සටහනේ නිරීක්ෂකයෙකු බවට පත් කර ගත හැකි ය. අවශ්‍ය නම් පහසුම් සපයන්නෙකු වශයෙන්ද සුදුසු රටක්ද තෝරාගත හැකිය.

ඇත්තටම ප්‍රතිසංස්කරන වැඩ සටහනක් සඳහා රටේ දේසපාලන පක්ෂවලට පොදු එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වෙතොත් විය හැක්කේ කුමක්ද? මා ලංකාවේ සමාජ දේශපාලන ක්‍රමයේ දැති රෝද කැරකෙමින් තිබෙන අකාරය ගැන  දීර්ග කාලයක් උනන්දුවෙන් බලාසිටි ඒ ගැන විවිද හැදෑරීම් කල හා ඒ ආශ්‍රයෙන් ලංකාවට ඉදිරියේදී විය කැකි ලොකු අනතුරක් ගැන සැබෑවූ අනාවැකියක් පලකල විචාරකයෙකු ලෙස සැලකිය හැකිය. මා දිගින් දිගට ස්ථිර සාර ස්වරයකින් ඒ ගැන පළ කල අනාවැකිය වූයේ දිගින් දිගට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ මග හැර යන්නේ නම් ලංකාවේ සමස්ත ක්‍රමයේ ලොකු බිඳවැටීමක් ඇතිවී රට බංකොලොත් හා ආරාජක තත්වයකට තල්ලුවී යනු ඇති බව ය. එය මා එක දිගට අවුරුදු තුනක් පමණ කාලයක් හැම මහජන ඇමතුමකදීම හා ලියනලද බොහෝ ලිපිවලින්ද පල කර තිබෙන අදහසකි. එහෙත් මගේ පුරෝකතනය සැබෑවී ඇත්තේ මා කියනලද අකාරයටම නොව ඊට තරමක් වෙනස් අකාරයටය. මොන හේතුවක් නිසා හෝ අර්බුදයේදී ලංකාව අගාධයේ පතුලටම ඇද වැටීමක් සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ පහලට නොවැටෙන ලෙස අගාධයේ අතර මැද තිබෙන ගැටිත්තක හිරවූ තත්වයකට පත් වීමය. ඒ මගින් සිදුවුයේ අගාධයට ඇද නොවටී බේරීමට ලක්කාවට අවශ්‍ය නම් නැතිවී තිබෙන විචාර බුද්ධිය ඇති කරගනිමින් සමගි සම්පන්නව එකට එකතුවී බලවත් උත්සහායක යෙදීම මගින් ඉන් ගොඩ ආහැකි තත්වයක් ලංකාවට හිමිවීමය.ලංකාව මුහුණ දී තිබෙන අභියෝගය ජය ගත කැකි එකම ක්‍රමය එයයි.

 

ජනාධිපති රනිල්ට මේ බර තව කලක් තනිව උසුලාගෙන සිටිය නොහැකිය. අනෙක් අයගේ සහාය නො ලැබෙතොත් කිසියම් මොහොතකදී රනිල් සමගම ආණ්ඩුව ද තමන්ගේ ඇඟවල් වල කැත කුණු තවරාගැනීමකින් තොරව සියලු දෙනාගේ පිලිගැනීමට හේතුවන ප්‍රතිසංස්කරන වැඩ සටහනක් හදාගැනීමට පුලුවන් කම තිබියදී එසේ නොකල විරුද්ධ පක්ෂ ව්‍යාපාරය ද මුළු රට ද එම පතුල නොපෙනෙන මහා අගාදායට ඇද වැටෙනු ඇත.



victor ivon(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

mkvictorivan@gmail.com

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)





JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...