The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

'අරගලයට' වසරයි. නැවතුනේ කොතනද ?

T

The Leader Desk

May 10, 2023 • 4:44 PM

'අරගලයට' වසරයි. නැවතුනේ කොතනද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 වසරේ මේ වන විට ලංකාව තුල පැවතියේ කුමන වටපිටාවක්දැයි ඔබට මතක ඇති.
  • පලමු අවස්ථාවේ මේක ඇතුලේ කදවුරු බැදෙන්නේ පක්ෂ දේශපාලනය ඇතුලේ ගාල් නොවිච්ච තරුණ, තරුණියන් පිරිසක්.
  • ලංකාවේ දේශපාලනය ඇතුලේ පක්ෂ දේශපාලනයෙන් තොරව රාජ්‍ය වෙත මැදිහත් වීම ඓතිහාසිකයි.
  • සංවිධානාත්මක ව්‍යුහයක් නැතුව හෝ ඉදිරි දේශපාලනය පිළිබඳව වන න්‍යායික පුරෝකතනයකින් තොරව ගිය ඒ ගමනේ කෙලවර වෙන්නේ ඒක උරාගතහැකි ව්‍යුහයකට ලඝු වීමෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අරගලයේ මූලික වෙඩි මුරය පත්තුවෙන්නේ මිරිහානෙන්, ඊට හේතුවන්නේ ඒ වනවිට මෝරමින් පැවති ආර්ථික අර්බුදය. එක් පසෙකින් ඉන්ධන, ගෑස් වැනි නාගරික ජනයාට තදින් දැනෙන සම්පත් වල ඌනතාවයත් හා  එතෙක් මධ්‍යම පාංතික ජීවිතයක සිහින මැද සිටි පුද්ගලයන්ගේ මනෝරාජික “ගෝඨාභය රාජ්‍යත්”බිදවැටීම හරහා මේක පත්තුවෙනවා.

ආර්ථික අර්බුදය අරගලයක් කෙරෙහි පස සකස් කරත් එහි දේශපාලනය යනු සත්භාවවේදී එනම් පැවැත්ම පිළිබඳ ගැටලුවක්.පාස්කු ප්‍රහාරය හරහා සමාජය වෙත ලැබුනු අනාරක්ෂිත බාවය පිළිබඳ වන සංඥාව ගෝඨාභය රාජපක්ෂ හරහා ජාතික ආරක්ෂාව කියන සටන් පාඨයෙන් මතුවෙනවා.

dfwe3


සමාජය තුල මතුවෙමින් තිබුනු ආර්ථික ගැටලුව දීර්ඝ කාලීන අසාර්ථක රාජ්‍ය පාලනයක හා ආර්ථික කලමනාකරනයක ප්‍රතිපලයක් හැටියට දකිනවට වඩා ඒ සියලුම අසාර්ථකබාවයන්ට හේතුවෙන බාහිර සතුරෙක් නම් කරන එක හරි පහසුවක්. පාස්කු ප්‍රහාරයෙන් ඒක සපුරගන්නවා විතරක් නෙමෙයි තමන්ව පාලනය කරන “තද පාලකයෙකු” පිළිබඳව වන ෆැන්ටසියකුත් මේ හරහා මතුවෙනවා.



මෛත්‍රිපාල සිරිසේන “පඹයෙක්” හැටියට නාමකරනය වෙන කොට ගෝඨාභය කියන්නේ වීරයෙක්. එයා දෙමල ජාතියේ විමුක්ති සටන සමූල ඝාතනය කරල, තමන්ගේ සතුරාට අමුඩ ගස්සවල ප්‍රසිද්ධියේ පෙන්නවපු පොරක්.

xrter6t

මධ්‍යම පංතිය නැලවෙමින් හිටපු ඒ “ආතල් ජීවිතය”කුඩුපට්ටම් වෙන්නේ තමන් විසින්ම පොරක් හැටියට සලකපු, ෆැන්ටසයිස් කරපු කෙනාගෙන්ම වෙනකොට, එයාව හොයාගෙන මිරිහානට යන එක පැවැත්ම පිළිබඳ කාරණාවක්. එතනදි ගෝඨාභය පිටිපස්සට ගන්න පියවර නැවත කිසිම දවසක එයාගෙ පැත්තෙන් නිවැරදි කරන්න ලැබෙන්නේ නෑ.



 අරගලයේ භූමිය නිදහස් භූමියකට එනකොට ඒකෙ මූලෝපායික ස්ථානය වෙන්නේ ගාලුමුවදොර. ඒක නිදහස් භූමියක්. ඕනම කෙනෙකුට ගැවසෙන්න පුලුවන් රාජ්‍ය මැදිහත්වීම් අවම තැනක්. පලමු අවස්ථාවේ මේක ඇතුලේ කදවුරු බැදෙන්නේ පක්ෂ දේශපාලනය ඇතුලේ ගාල් නොවිච්ච තරුණ, තරුණියන් පිරිසක්.
ලංකාවේ දේශපාලනය ඇතුලේ පක්ෂ දේශපාලනයෙන් තොරව රාජ්‍ය වෙත මැදිහත් වීම ඓතිහාසිකයි.

xdfgesr

හැබැයි ඔවුන්ගේ ගැටලුව තියෙන්නේත් ඒක තුලමයි. සංවිධානාත්මක ව්‍යුහයක් නැතුව හෝ ඉදිරි දේශපාලනය පිළිබඳව වන න්‍යායික පුරෝකතනයකින් තොරව ගිය ඒ ගමනේ කෙලවර වෙන්නේ ඒක උරාගතහැකි ව්‍යුහයකට ලඝු වීමෙන්. පෙරටුගාමීන් මෙතැනට රිංගන්නේ එතනින්.



නිර්පාක්ෂික අරගලයට ඊට පස්සේ ලැබෙන්නේ වාමාංශික හැඩයක් හා සංවිධානාත්මය මුහුණුවරක්. ග්‍රාමීය පසුගාමී බවත් එක්ක බැදිච්ච මේ වාමාංශය එක්ක ගැටගැහෙන්න මධ්‍යම පංතියට බැරිවෙන එක හරහා ඒගොල්ලෝ පසුබහිනවා.පුද්ගලික චරිත කිහිපයක් මාධ්‍ය මගින් ඉස්මතු කරල නලුවන් කරාට අරගලයේ නිර්පාක්ෂිකභාවය දියවෙන එක වලක්වන්න බැරි වෙනවා.

එකිනෙකාගේ බල ව්‍යාපෘතීන් මේක හරහා කරලියට එනකොට භූ-දේශපාලනයත් වැඩ කරන්න ගන්නවා. පුරවැසියන් විදිහට රාජ්‍ය වෙත මැදිහත් වෙනකොට රාජ්‍යයන දේත් නිකං බලාගෙන ඉන්නේ නෑ. ඒකත් අලුත් විදිහකට ව්‍යුහගත වෙනවා. ලැබෙන අභියෝගය එක්කෝ විනාශ කරන්න ඕන නැත්නම් උරාගන්න ඕන. රාජ්‍යයේ පැවැත්ම තීරණය වෙන්නේ එතනින්. ඒක කරන්න පුලුවන් කෙනා හැටියට රනිල්ට ඉඩ හැදෙන්නේත් එතනින්.

xfger56t

 අරගලය තුල තිබෙන අලුත් සංකල්පීය ගොඩනැගීම් සියල්ලම වගේ විජේවීරවාදී වාමාංශික භාවිතාව ඇතුලේ දියවෙනවා. ඊට මුහුණ දිය හැකි තත්ත්වයක් නිර්මාණය නොවීම මත එක් කොටුවකට අරගලය කොටුකරන්න රාජ්‍ය සමත් වෙනවා. මැයි 09 වෙනිදා ගාලුමුවදොරට පහරදීමට එරෙහිව එන ජනතා විරෝධය ජූනි 09 කරන පහරදීමේදී සාධාරණීකරණය වෙන තැනටම ඒක ඇදගෙන යනවා.



අරගලය කියන්නේ මධ්‍යම පාංතික හීන ඇතුලේ විජේවීරවාදී වාමාංශික දේශපාලනය විසින් විනාශ කරපු නැගිටීමකට.


(දවසේ සටහන - carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අරගලයට' වසරයි. නැවතුනේ කොතනද ? | The Leader