The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

දේශපාලනය යනු සදාචාරවාදී ව්‍යාපෘතියත් ද ? ආචාර්‍ය ධාර්මික එලඹුමක් ද ?

T

The Leader Desk

May 12, 2023 • 10:24 AM

දේශපාලනය යනු සදාචාරවාදී ව්‍යාපෘතියත් ද ? ආචාර්‍ය ධාර්මික එලඹුමක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරේ සිදුවූ ගාලුමුවදොර අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂන ට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දිම අබේරත්න ඇතුලු පිරිසක් විසින් පසුගියදා පහරදීමක් සිදුවුනා.
  •   අනික් පසින් අරගල විරෝධීන් විසින් මෙම පහරදීම උත්කර්ශයට නංවමින්, කහදගම හා කල කතාබහ ඇතුලත් වීඩියෝව පලකරමින් පහරදීම සාධාරනීය කරමින් තිබෙනවා.
  • එකිනෙකා සමග වෛරී කුනුහරුප භාෂාව හැර සිදුවූ දේවල් පිළිබඳව අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නෑ.
  • මේ දෙපාර්ශවය බෙදෙන ස්ථානයත්, එකිනෙකාට සතුරුව පිහිටන ලබන ස්ථානයත් කිසිවෙකුට පැහැදිලි නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



එහිදී පහරකෑමට ලක්වූ පියත් හෝ ඔහු සමග සිටි කෙනෙකු මෝටර් රථය තුල සිට කරනු ලැබූ වීඩියෝවකුත් අන්තර්ජාලය වෙත එක්වී තිබුනා.

එසේම මෙම පහර දීමට ප්‍රථම පියත් නිකේෂන විසින් මහින්ද කහදගම නැමැති ප්‍රකට පොහොට්ටුවාදියාට ලබාදෙන දුරකථන ඇමතුමක වීඩියෝවක්ද පියත් විසින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබුනා. එහිදී පියත් විසින් කහදහමව හාස්‍යයට ලක් කරමින් කතාකරන අයුරුද ඔබට දැක බලා ගත හැකියි.



 

මෙම පලමු සිදුවීම වන පියත්ට පහරදීම අරගලයට සම්බන්ධ හා වෙනත් වාමාංශික හා අරගලයට පක්ෂපාතී අයගේ සමාජ ජාලා අඩවි තුල දැඩි විවේචනයට ලක්වී තිබෙන විට, ඔවුන්ට පියත්ගේ පලමු වීඩියෝව එනම් මහින්ද කහදගමට ගන්නා දුරකථන ඇමතුනේ වීඩියෝව මගහැරී තිබෙනවා.

 

අනික් පසින් අරගල විරෝධීන් විසින් මෙම පහරදීම උත්කර්ශයට නංවමින්, කහදගම හා කල කතාබහ ඇතුලත් වීඩියෝව පලකරමින් පහරදීම සාධාරනීය කරමින් තිබෙනවා.

 

මෙම දෙපාර්ශවයේම සමජ ජාලා අඩවි තුල හුවමාරු වන පෝස්ට් හා කොමෙන්ට් තුල දෙපාර්ශයවය අතර පවතින ආතතිය හා වෛරය මොනවට පැහැදිලි වෙනවා.

sm1

346597599 3516847295239088 3701762913090300263 n

sm 2

sm 3

sm 4

 

මේ දෙපාර්ශවයම තුල පවතින්නේ අතිශයින්ම ග්‍රාමීය වූ මුග්ධ භාවයක්. ඒවා තුල දේශපාලනය පිළිබඳ චින්තනයේ කිසිදු වෙනසක් ලකුණු කරගන්න බැහැ. එකිනෙකා සමග වෛරී කුනුහරුප භාෂාව හැර සිදුවූ දේවල් පිළිබඳව අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නෑ.

 

එක් පසෙකින් පොහොට්ටුව සංවිධානය කරන්නේ ග්‍රාමීය පීඩිත ජනතාව. අනෙක් පසින් මධ්‍යම පංතිය වෙතින් අරගලයේ බලය හිමිවන්නේත් පීඩිත ජනතාවටම යි. මේ දෙපාර්ශවයම පවතින දේශපාලන භූමිය තුල “අත් හැර දැමූවන්” කිසිදු ආකාරයක සමාජ ආරක්ෂණ ජාලයකට උරා නොගත්තවුන්. ධනවාදය තුල වඩ, වඩා ප්‍රසාරණය වෙමින් ගොඩනැගෙන පරිභෝජනවාදී ආර්ථිකය තුල ආන්තික වූවන්. අවිඥානිකව පවතින ක්‍රමයට වඩාත්ම ආශා කරන්නවුන්.

උතුරේ මව්වරුන්ගේ අරගලය වෙනුවෙන් පෙනී සිටිමු ! - රැඩිකල් මැද සාමූහිකය

මේ දෙපාර්ශවය බෙදෙන ස්ථානයත්, එකිනෙකාට සතුරුව පිහිටන ලබන ස්ථානයත් කිසිවෙකුට පැහැදිලි නැතුව ඇති. ලංකාවේ දේශපාලන තුල පංතිමය බෙදීම අතීතයේදී ලකුනු කරනු ලැබුවේ වාමාංශික දේශපාලනය විසින්. නමුත් උතුරේ අරගලයේ පීඩනය මැද ජ.වි.පෙ. වැනි වාමාංශික පක්ෂයක් පංතිය අමතක කර ජාතියට මාරුවීම හරහා මෙම පැහැදිලි කිරීමේ සීමා ඉර මකනවා.

තවදුරටත් ධනවාදය බාහිර ඒජන්තයෙකු හරහා පාලනය වෙන යුගය අවසන් වෙන්නේ ගෝලීයකරණ පසුබිම එක්ක. මේ ක්‍රමය (ධනවාදය) තවදුටත් පවත්වාගෙන යන්නේ “අපි” විසින් වීමත් ඒ හරහා අපිට ලැබෙන අල්ලස “විනෝදය” බවත් දැන් තරම් පැහැදිලි කල හැකි යුගයක් තවත් නෑ.

මුල් අවස්ථාවේදී පියත් නිකේෂන විසින් උදුරාගන්නේ, කහදගම විසින් ලබමින් ඇතැයි උපකල්පනය කරන විනෝදයයි. ඔහු (පියත්) එය ප්‍රසිද්ධ කිරීමෙන් විපරීතයෙකු වෙනවා. (අනෙකාගේ ආශාව ,ඔහු රගදක්වා පෙන්වනවා) මහින්ද කහදගමව ජෝක් එකක් බවට පත් කිරීමෙන් එක් පසෙකින් ඔහු කහදගම විදිතැයි සිතන විනෝදය පැහැර ගන්නා අතර අනෙක් පසින් ඔහු (පියත) තමන් ලබන විනෝදය අනෙකා වෙත මුදාහරිනවා.

බාලිකා පාසලක් ලගට ගිහිල්ලා සරම ඉස්සුවොත් වෙන දේ වෙන්නේ මේ සිද්ධි දාමයේම දිගුවක් හැටියට යි. කඩුවෙල සිද්ධියේදී පියත් වෙත එල්ල වන චෝදනාවක් තිබුනත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු නොමැති බැවින් මෙහි සටහන් කිරීමෙන් වලකිනවා. නමුත් මේ ආකාරයේ දේශපාලනමය භාවිතාවන් තුලදී, තමන් අනෙකා කිච කර දමන විට ලැබෙන ප්‍රතිචාර මේ ආකාරයෙන් බලාපොරොත්තු විය යුතුයි.

 

giat

දේශපාලනය යනු සදාචාරවාදී සීමාවන් ලකුනු කලහැකි භූමියක් නොවෙයි. මැයි 09 සිද්ධිය පිළිබඳව සදාචාර දෘෂ්ටිකෝනයකින් බැලීමෙන් පලක් නෑ. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සටන් කල හැකි ග්‍රාමීය පීඩිත මිනිසුන්ගේ බලමුලු මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීමත්, ඊට ප්‍රතිප්‍රහාර ලෙස එල්ලවුණු දීපව්‍යාප්ත ප්‍රහාරයත් තුල සදාචාරය අවලංගුයි. ඒක නිසාම මේ දෙපාර්ශවයම “අපි ශුද්ධවන්තයින්” යැයි කියාගන්නට ගන්නා උත්සාහය නැවත දේශපාලනය සදාචාරවාදී රාමුවකට ගෙන ඒමට උත්සාහ කිරීමක්.

 

ඊට පරස්පරව දෙපාර්ශවය අතින්ම සිදුවූ දේ දේශපාලනික ආචාර ධාර්මික පියවරක් හැටියට ලකුනු කිරීමෙන් එහි විභවය දෙපාර්ශවය වෙතම රදවා ගත හැකියි. ජනතා නැගිටීම් හෝ ඒවා මර්ධනය කල පිළිවෙත් කිසිවක් අතීතයේද සර්ව සාධාරණ අච්චුවකට වක් කල නොහැකියි.

 

නමුත් පොදු මහජන නැගිටීම් වලින් ඔබ්බට ගමන් කරණ ලද මේ සමාජ මාධ්‍ය “නලුවන්” විසින් ඇති කරන මුලු සමාජයම විපරීතකරණය කරන්නා වූ සිදුවීම් වලට දේශපාලනිකව එරෙහි විය යුතුයි. එය තමන්ගේ පුද්ගලික අභිලාශයන් වෙනුවෙන් කරන විපරීත රංගනයන් විනා පොදු මහජන ප්‍රශ්න පිළිබඳව වේදිකාවක් මතට ගොඩවදින දේ නොවෙයි.

 

(carbonnews.lk)



JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...