The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

සමාජ කථිකාව : අපි ඉන්නෙ වේගයෙන් වෙනස්වීමට භාජනය වන සමාජයක

T

The Leader Desk

May 12, 2023 • 8:25 PM

සමාජ කථිකාව : අපි ඉන්නෙ වේගයෙන් වෙනස්වීමට භාජනය වන සමාජයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහසින් පස්සෙ ලංකාවේ ආර්ථික රටාවේ පැහැදිලි වෙනසක් ඇති වුණේ 1977දි.
  • 1995 වෙද්දි අපි හිටියෙ ‘ලෝකයේ වැඩිම සියදිවි නසා ගන්නා රට’ කියන තැන.
  • නමුත් ඇත්ත කතාව නම් 1977 හදුන්වලා දීපු “විවෘත ආර්ථිකය” නැත්නම් ලිබරල් ආර්ථික ක්‍රමයට පහසුවෙන් ඇතුළු වෙන්න දොරවල් හැරීමෙන් ගොඩනැඟුණු සමාජ පීඩනයේ පුපුරායාම තමයි ඉන් ප්‍රකාශ වුණේ.
  • 1990 ගනන් වෙනකොට 77 පරම්පරාව තරුණ වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකෙ සමාජ ප්‍රතිථල අපිට දකින්න හම්බ වුණේ අවුරුද්දක් එකහමාරක් විතර යනකොට.

1995 වෙද්දි අපි හිටියෙ ‘ලෝකයේ වැඩිම සියදිවි නසා ගන්නා රට’ කියන තැන. මේ ගැන අධ්‍යයනය කරපු වෛද්‍ය අංශ බොහොම පහසුවෙන් කිව්වෙ කෘෂි රසායන ද්‍රව්‍ය පහසුවෙන් මිළට ගන්න අවස්ථා බහුලවීම තමයි මේකට හේතුව කියලා. ඒකට හේතුව සරළයි. මොකද වැඩි දෙනෙක් දිවිනහ ගත්තෙ වහ බීලා. නමුත් ඇත්ත කතාව නම් 1977 හදුන්වලා දීපු “විවෘත ආර්ථිකය” නැත්නම් ලිබරල් ආර්ථික ක්‍රමයට පහසුවෙන් ඇතුළු වෙන්න දොරවල් හැරීමෙන් ගොඩනැඟුණු සමාජ පීඩනයේ පුපුරායාම තමයි ඉන් ප්‍රකාශ වුණේ.

ජීවිතය කියන්නෙ සල්ලි නොවෙයි; නෑකම, ගමේකම, අපේකම, මනුස්සකම කියලා හිතපු මිනිස්සු ජීවිතේ කියන්නෙ සල්ලි අතදිග ඇරලා වියදම් කරන එක කියලා හිතන්න පටන් ගත්තෙ ඔය ආර්ථික ප්‍රතිසංසරණයෙන් පස්සෙ. ආර්ථික විද්වතුන් කියන විදිහට ආර්ථිකය විවෘත කිරීස නිසා ‘පාරිභෝගික ජීවන රටාවකට’ හුරුවීම. නමුත් ඒකට අවශ්‍ය තරම් සල්ලි මිනිස්සු ළඟ තිබුණෙ නෑ. එහෙම හම්බ කරන්න පුළුවන් ජීවන මාර්ග මිනිස්සුන්ට තිබුනෙත් නෑ. ඒ නිසා මිනිස්සු තනිවෙන්න පටන් ගත්තා. සාමූහික ගමන තවදුරටත් යන එක අත්හරින් පටන් ගත්තා. “අපි”,  “මම” වුණා.


1990 ගනන් වෙනකොට 77 පරම්පරාව තරුණ වෙලා. ඒ පරම්පරාවේ ඕනෑ එපාකම් ලොකු වෙලා. එතකොට ඒ පරම්පරාවේ ගොවි තාත්තලට ඉස්සර ගෙදරට කන්න හාල් ටික දීපු කුඹුර පෙනුනේ පොඩි වෙලා. කුඹුර වගා බිම තමන්ට හිතු හිතූ තරම් ධන සම්පත් දෙන තැනක් නෙවෙයි කියලා දැනෙන්න පටන් ගත්තා. ආණ්ඩුවටත් ඒක තේරුණා. ඒ හින්දා පොඩි කුඹුරෙන් වැඩි ඵලදාව ගන්න පුළුවන් රසායනික පොහොරයි කෘෂි රසායනයි ගෙනල්ලා කඩවල පිරෙව්වා. මිනිස්සුත් ගත්තා. ඒ මොනවා ගැහුවත් තමන්ගෙ හිත පුරවන්න පුළුවන් තරම් සල්ලි ඒ කුඹුරුවල පැළ වුනේ නැහැ. ඒක තමයි අර්බුදය. ඒක විසඳා ගන්න ණය වෙලා බැලුවා. ඒත් සතුට ආවේ නෑ. ඒ වෙනුවට දුක වැඩිපුර පැළ වෙන්න පටන් ගත්තා. දුක බෙදා ගන්න කවුරු හරි හොයා ගන්න හැරිලා බැලුවාමයි දැක්කෙ තමන් එක්ක කවුරුත් නෑ කියලා. මිනිස්සුට ප්‍රශ්නයි තනිකමයි දරා ගන්න බැරි වුණා. මැහි තෙල් බිබී මැරෙන්න පටන් ගත්තෙ එතකොට.

ඒක පරණ කතාවක්. ඒ කතාවට ආයෙත් මතක් කලේ ආයෙත් අපේ ආර්ථික රටාව විශාල පිම්මකට සූදානම් වෙන නිසා. ඒ තමයි ලොව පුරා පැතිරුණු නව ලිබරල් ආර්ථික රටාව සමඟ ඒකාත්මිකවීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මික ගැළපීම සිදුකරන්න ආණ්ඩුව සූදානම්වීම. ඒකෙ කිසිම වරදක් නෑ. ඒක ඇත්තටම කරන්න තිබුණේ මීට හුඟක් ඉස්සර. ඇත්තටම 77 න් පස්සෙ ආවා හැම ආණ්ඩුවක්ම ඒකට කරන්න උත්සාහ කළා. සමහර ඒවා කළා. ඒත් ඊළඟ මැතිවරණයෙදි විපක්ෂයෙ පළවෙනි  මැතිවරණ පොරොන්දුව වුණා අර වෙනස් කිරීම් අහෝසි කිරීම. උදාහරණයක් විදිහට රාජ්‍ය සේවය.  

ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට පැවරුණාට එන්න එන්න රජයේ සේවකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියා. සුභ සාධන රාජ්‍ය සංකල්පයට අත තියන්න දුන්නෑ. මේවට වමේ පක්ෂත් ඒවයේ වෘත්තීය සමිතිත් සෑහෙන්න වග කියන්න ඕනෙ. ඒ පක්ෂවල පදනම තිබුණේ රාජ්‍ය අංශයෙ. ඔවුන්ගෙ ප්‍රශ්නය වුණේ තමන්ගෙ ඡන්ද පදනම ආරක්ෂාකර ගන්න එක. 2012 විතර වන විට සැබෑ උවමනාව සහ ප්‍රතිවිරෝධතාව අතර අර්බුදයේ දෙදරීම පටන්ගත්ත. මේ අර්බුදය තමයි 2021 අරගලය වුණේ. ඒකට නායකත්වය දුන්නෙත් ඉතුරුවෙලා ඉන්න වමේ පක්ෂ, වෘත්තීය සමිති සහ රාජ්‍ය සේවකයොමයි. අරගලයේ ප්‍රධාන තේමාවකර ගත්තෙ “හැම ආණ්ඩුවක්ම පුළුවන් තරම් ණය අරගෙනත් අපට සහන දෙන්න නොදී උඹලා තනියම හොරා කෑව”කියලා.  

කොහොම වුණත් ආණ්ඩුවට එරෙහිව පක්ෂ පාට බේදයකින් තොරව ගොඩ නැගෙමින් තිබුණු විශාල විරෝධතාව අරගලයට එකතු වුණා. ඒක ඉදිරි මැතිවරණයක් දක්වා ගෙනිච්ච නම් හරි හරි වැරදි හරි මැතිවරණ ප්‍රතිඵලයෙ ලොකු වෙනසක් වෙන්න තිබුණා. රටට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් තව අවුරුදු කීපයකට කල්දාගෙන අර්බුදය ඉස්සහරට ගෙනියන්න තිබුණා. අරගලයේ ප්‍රතිඵලය වුනේ විප්ලවයක පීඩනය ගබ්සා කිරීම. ඒකෙන් වුණේ පීඩනය ප්‍රකාශයට පත්වීම නිසා නිවී ගියා. ඒක නිසා මේතාක් කිසිම ආණ්ඩුවකට කර ගන්ව බැරුව හිටපු දෙයක් අරගලය විසින් කරලා දුන්නා. ඒ හින්දා නව ලිබරල්වාදී ආර්ථික රටාව ස්ථාපනය සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරන්න වෙන කවර ආණ්ඩුවකටවත් නොලැබුණු අවස්ථාවක් පවතින රජයට උදා වෙලා තියෙනවා.

ඒ නිසයි තමයි 1977 න් පටන් ගත්ත සමාජ ආර්ථික වෙනස්වීමටත් වඩා එහා ගිය පරිනාමීය අවධියක ආරම්භයක් බව කලින්ම සදහන් කලේ.  මේ දේකේ වෙනස තමයි 1977 ඉතා තදින් බලපෑවේ ගොවියන්ට කම්කරුවන්ට වගේම ග්‍රාමීය සමාජයට. නමුත් මේ වෙනස්වීම වැඩිපුරම බලපාන්නෙ අපේ ජනගහනයෙන් අති බහුතරය අයත් පහළ හා ඉහළ මැද පංතියට. රජයේ සේවකයන්ට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට. ගෙවියන්ට තරම්වත් මේ පිරිසට අපහසුතාවලට ඔරොත්තු දෙන්න බෑ. ණය වෙලා ණය වෙලා ගොඩනඟාගෙන ඉන්න මතුපිටට පෙන්නන ජේත්තුකාර ජීවිතය ඉක්මනට කඩා වැටෙන්න ගන්නවා. එවිට ඔවුන් මානසික පීඩනයන්ට පත්වීමේ ප්‍රවණතාව ඉහළයි. ඒ නිසා සියදිවි නසා ගැනීම්, ප්‍රචණ්ඩ හැසිරීම්, අපරාධ ක්‍රියා, ලිංගික අපරාධ වැනි තත්ක්වයන්ට මිනිස්සු පොළඹවන මානසික සංකීරණත්වයන් සමාජය තුළ වර්ධනයවීමට ඇති ඉඩ විශාලයි.

ඒ නිසා ඉදිරි සමාජ ප්‍රතිව්‍යුහගතවීමට අනුගාමීවීමට ගත වෙන කාල පරිච්ඡේදය තුළ නැවත සියදිවි නසා ගැනීම් ඉහළ යයි. දැනටත් වෙන්න පටන් අරගෙන . වෙනස තියෙන්නෙ මෙදා ඒකට හේතු හොයන්න යන්නෙ වෛද්‍ය මතයකින් නෙවෙයි ආගමික මතවාදයකින්.

එමිල් ඩූර්කයිම් කියනවා ආර්ථික අවපාත සමයන්හිදි සියදිවිනසා ගැනීම් ඉහළ යන නමුත් යුද්ධයක් පවතින කොට එම අනුපාතය පහළ බහිනවයි කියලා. ඒ කියන්නෙ ඉහත මානසික සංකීර්ණතා ඇති පිරිස් වැඩි වැඩියෙන් යුද්ධයට සම්බන්ධවීමේ ප්‍රවණතාවක් තියෙනවයි කියන එක.

ඒ පසුගිය කාලය පුරා සිදුවුණු සියදිවි නසා ගැනීම් මෙන්ම මරණයට පත්වීම් ගණනාවක් ගැන ජනප්‍රිය වෙමින් පවතින සහ “ඇත්ත තමයි” සිතමින් සමාජගත වන හේතුව තමයි “දිට්ඨ ධම්මවේදීය කර්මය “ ඵලදීම කියන එක. ඒ කියන්නෙ අරගලයේදී ඔවුනොවුන් විසින් ප්‍රකට කල මිලේච්ඡතා හෝ සමාජ අසම්මත ප්‍රකාශ නිසා ඔවුනට දඩුවම් ලැබෙන බව.

මම ඒ ගැන නම් කියන්න දන්නෙ නෑ. නමුත් ඩූර්කයිම් කියන මානසිකත්වයන් ඇති අය අරගලයට එකතු වෙන්න ඇති. අපේක්ෂාභංගත්වයට පත්වීම නිසා දිවිනසා ගන්නවා ඇති. ප්‍රශ්නය තියෙන්නෙ අරගලයට නොගිය අයගෙත් සියදිවි නසා ගැනීම්වල වර්ධනයක් බැලූ බැල්මට පේනවා. ඒකටත් කියන්න පුළුවන් කරුමෙ තමයි කියලා. හැබැයි එතකොට අපෙන්  ඇත්ත අත්හැරෙනවා. ඒක ප්‍රශ්නෙට උත්තර සොයන පාර වහනවා

(පරචිත්ත)

(සංවාදයට විවෘතයි )

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමාජ කථිකාව : අපි ඉන්නෙ වේගයෙන් වෙනස්වීමට භාජනය වන සමාජයක | The Leader