The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

අන්තරේ විසින් 'මන්තර' කීම

T

The Leader Desk

May 22, 2023 • 6:24 AM

අන්තරේ විසින් 'මන්තර' කීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රමය (system)යනු කුමක්දැයි ? අසන ගැටලුව කෙරෙහි ඇත්තේ ඒකීය වූ අදහසක් නොවේ. එය ධනවාදයැයි හඳුන්වාදීම මගින් අර්ථයක් ජනිත කරාවියැයි සිතීම සමකාලීන යුගය තුල සීරියස් විහිලුවකි.
  • චන්ද්‍රිකා-රනිල් ගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂ වසර 30 තිස්සේ ඇදී ගිය දෙමල කැරැල්ල වසර දෙකහමාරකින් අවසන් කලේ ප්‍රභාකරන් ඇතුලු සියලුම නායකයින් සමූල ඝාතනය කිරීමෙනි.
  • මේ දෙදෙනා අතින් තිරශ්චීන ලෙස මර්ධනය වන්නේ මාතර කෝට්ටේගොඩ උපන් රෝහන විජේවීරගේ, මෙන්ම වැල්වැටිතුරේ උපන් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන ව්‍යාපාර ද්විත්වය ය.
  • ලාංකීය මධ්‍යම පංතිය ආර්.ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ වෙත මෙතරම් ආශා කලේ මන්ද යන කොටස ඒ තුලම ගිලී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):



එය විහිලුවක් වන්නේම Z පරම්පරාව යනුම ධනවාදය තුලම නිර්මිත පරම්පරාවක් වීම හා සිය අවිඥානික ආශාවන් මගින් ඒ හා බැදුනු පරම්පරාවක් වීමයි. සියලුම පරමාදර්ශ වියැකෙමින් යන හා ඊට විකල්පව මුදල් මත පරායත්ත වන රටක ඊට එරෙහි සංවිධාන හා දේශපාලන ව්‍යාපාර ද උභතෝකෝටිකයකට මුහුණ දෙයි.

අන්තරේ හිටපු කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහියංගනය උපන් අයෙකු වන විට නව කැදවුම්කරු වන මධුශාන් ඇඹිලිපිටියේ උපන් අයෙකු වීම හරහා මේ උභතෝකෝටිකයට “ක්‍රමය” මුහුණ දෙන ආකාරය වගවිභාග කිරීම වැදගත් ය. මේ දෙදෙනාම ග්‍රාමීය පවුල් හා ග්‍රාමීය, පසුගාමී සමාජ ස්ථර වලින් මතුවීමත්, ඒහා සමානවම රාජ්‍ය අධ්‍යාපනය තුල එකතැන පල්වෙන්නන් වීමත් වැදගත් ය.



87/89 යුගයේදී ජ.වි.පෙ. දෙවෙනි කැරැල්ල මර්ධනය කිරීමෙහිලා ජේ.ආර්.ජයවර්ධන විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රමෝපායන් ආර්.ප්‍රේමදාස විසින් කනපිට හරවනු ලැබූ අතර වසර දෙකකින් සෝමවංශ අමරසිංහ හැර ජ.වි.පෙ. මුලු දේශපාලන මණ්ඩලයම සමූල ඝාතනය වීමෙන් එය අවසන් විය. චන්ද්‍රිකා-රනිල් ගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂ වසර 30 තිස්සේ ඇදී ගිය දෙමල කැරැල්ල වසර දෙකහමාරකින් අවසන් කලේ ප්‍රභාකරන් ඇතුලු සියලුම නායකයින් සමූල ඝාතනය කිරීමෙනි.

ආර්. ප්‍රේමදාස කෙසෙල්වත්තේ නාගරික ලුම්පන් පසුබිමකින් බලය ලබාගන්නා විට, මහින්ද රාජපක්ෂ එන්නේ මැදමුලන ග්‍රාමීය පහල මැද පංතියකිනි.

qqwweds

මේ දෙදෙනා අතින් තිරශ්චීන ලෙස මර්ධනය වන්නේ මාතර කෝට්ටේගොඩ උපන් රෝහන විජේවීරගේ, මෙන්ම වැල්වැටිතුරේ උපන් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන ව්‍යාපාර ද්විත්වය ය.

ජ.වි.පෙ.මෙන්ම එල්.ටී.ඊ.යද සිය අරමුණු වෙනුවෙන් භාවිතා කරන ලද හිංසනීය ප්‍රවේශයන් වලට පෙරලා ලැබූ ප්‍රතික්‍රියා මෙන්ම ප්‍රතිපලද වඩා-හිංසනීය පැසේජ් එකක් තුල මතුවීමත්, එයින්ම සිය කැරලි පරාජයන් ඔස්සේ අවසන් වීමත් මතක තබාගැනීම වැදගත් ය.

 

නමුත් අපිට මගහැරී යන වැදගත්ම කොටසක් මෙතැන තිබේ. ලාංකීය මධ්‍යම පංතිය ආර්.ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ වෙත මෙතරම් ආශා කලේ මන්ද යන කොටස ඒ තුලම ගිලී යයි. මේ මර්ධනීය අවධීන් තුල මේ නායකයින් සිය පීක් එකේ සිටියදී තමන්ගේ දේශපාලන ව්‍යාපෘතීන් වල සුජාතබාවය සමාජය තුල තහවුරු කලේ මධ්‍යම පංතිය විසිනි. කිසිදු ගැටලුවකින් තොරව රනිල් වික්‍රමසිංහ ප්‍රේමදාස ලගද, ජී.ඇල්.පීරිස් මහින්ද රාජපක්ෂ ලගද සිටි රහස කුමක්ද

 

ඔබ ජෝන් වික් (john wick) හෝ මෑතකදී තිරගත වූ සිසූ (Sisu) යන චිත්‍රපටි දෙක නැරඹුවානම් එහි ප්‍රධාන නලුවන් වන ජෝන්ට හා ආටාමිට ඔබ බැදෙන්නේ ඇයි ?මෙම චිත්‍රපට දෙකෙහිම මේ ප්‍රධාන නලුවන් විසින් කරන්නා වූ දැඩි හිංසනීය මිනීමැරුම් හා ක්‍රියාවන්ට අපි ආශාකරන්නේ ඇයි ?




 

මිනිස් ආශාවේ කෙලවර පතුලක් නොපෙනෙන ආගාධයක් වන විට ඒ තුලම ගැබ් වූ හිංසනීය හා අශ්ලීල සමස්තයක්ද තිබේ. අපිට අපේ ජීවිත තුල ඉටුකරගැනීමට නොහැකි ඒ ආශාවන් අපි වෙනුවෙන් රඟ දක්වා පෙන්වන කෙනෙකුට අපි ආශාකරයි. ලාංකීය මධ්‍යම පංතිය ප්‍රේමදාසට හා මහින්දට බැදෙන්නේ එතැනිනි. සිය සුමට ජීවිතයට බාහිරින් කඩාපනින සතුරා තිරශ්චීන ලෙස මර්ධනය කිරීමේ ෆැන්ටසිය ඉටු කරනා නියෝජිතයන් වන්නේ ඔවුන් ය. සියල්ල අවසන් වනතුරු බලාසිට “වරද” ඔවුන්ගේ පිට පටවා අතහෝදාගෙන නිදහස් වීමට ඔබටත්, මටත් පුලුවන් වන්නේ එබැවිනි.

 

ශිෂ්‍ය ව්‍යාපාරයේ කෙරෙහි නායකත්වය පිළිබඳ කරුණේදී කුමාර් ගුනරත්නට සිය දෑත් පිරිසිදු කරගැනීමටත්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිය දරු පවුල හා රාත්‍රි ආහාර වේලකට මේසයක් මත නිදහසේ වාඩිවන්නටත් හැකි වන්නේ සිය ආශාවන් රඟදක්වන නියෝජිතයා ග්‍රාමීය පහල පංති පසුබිමකින් පැමිනි අයෙකු නිසාය.

මෙතනදී කොළඹ කේන්ද්‍රීය රැඩිකල් බුද්ධිමතුන් මෙන්ම කුමාර්ද වාඩිවී සිටින්නේ සම අසුන් වලය. වසන්ත විසින් කුලුගන්වා රඟපාන ලද අපේ ආශාවන් කිසිවක් අඩුනැතිව රඟපෑ හැකි මධුශාන්ව කුමාර් විසින් අපේ ඉදිරියට ගෙනැවිත් තිබේ. දේශපාලනය තුල අපේ “විනෝදය” කුමාර් තහවුරු කර තිබේ.

“ක්‍රමය”(system) යනු ධනවාදය යැයි ඔබට අමතක නම් එය ඔබගේ ''විනෝදය'' සැපයීමට පොරොන්දු වී ඇත්නම් මේ ක්‍රමය රැකගැනීමේ වඩාත්ම බැරෑරුම් කාර්‍ය කරන්නේ කුමාර් ගුනරත්නම්‍ ය.


(දේශපාලන සටහන - carbonnews.lk)



සබැඳි පුවත් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...