The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

රනිල්ගේ සිට මේක බලන ඔබ දක්වා කළ යුතු දේ - (උපදෙස් සැපයීම අජිත් පැරකුම්)

T

The Leader Desk

May 22, 2023 • 8:51 AM

රනිල්ගේ සිට මේක බලන ඔබ දක්වා කළ යුතු දේ - (උපදෙස් සැපයීම අජිත් පැරකුම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ ‘ගොඩයමු’ මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි,
  • රනිල් එක්ක වැඩේ ගොඩදාගත්තොත් නාමල්ට 2029 ට්‍රයි කරතැහැකි.
  • ඒක චම්පික මෙතෙක් ඉතිහාසයේ ගහපු මෝඩම දහං ගැටය බව කණගාටුවෙන් ප්‍රකාශයට පත්කරනවා.
  •   චම්පික රනිල් ගාව නැහැ මං ගාව තියෙනවා කියලා හයිලයිට් කරන සහකම්පනය, කුසලතාවට තැන දීම, විවෘතබව, අවංකබව වගේ ඒවා එයා ළඟත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.

sajith anura patali namal

මේ වැඩේ වැඩි බරක් අදින්න පුළුවන් රාජපක්ෂ බලවේගයට. ඒ නිසා දැනට මහින්දානන්ද, ජොනී, රත්තරං වගේ අයට ඇමතිකම් පවා දුන්නට කමක් නැහැ. උන්ටත් මේ ඇරෙන්න වෙන පාරක් නැහැ. රනිල් එක්ක වැඩේ ගොඩදාගත්තොත් නාමල්ට 2029 ට්‍රයි කරතැහැකි. ෂෝට්කට් හොයන්න ගියොත් සෙත්තපොච්චි.

චම්පික අනුගමනය කරන්නෙ ජවිපෙ බලයට ඇවිත් මාස හයකින් විතර ඔක්කොටම කෙළලා තමනුත් කෙළවාගත්තට පස්සෙ චාන්ස් එක ගන්න. ඒක චම්පික මෙතෙක් ඉතිහාසයේ ගහපු මෝඩම දහං ගැටය බව කණගාටුවෙන් ප්‍රකාශයට පත්කරනවා. හේතුව, ඔහු බලාපොරොත්තු වෙන දෙය කරන්න අනුර ඉඩදෙන්නෙ නැහැ. ජවිපෙට සුරක්ෂිතම මාර්ගය දැන් තියෙන වාසිය මැතිවරණයකදී පාවිච්චි කරලා විපක්ෂ නායකත්වය ගන්නට ට්‍රයි කරන එක.

 

චම්පික රනිල් ගාව නැහැ මං ගාව තියෙනවා කියලා හයිලයිට් කරන සහකම්පනය, කුසලතාවට තැන දීම, විවෘතබව, අවංකබව වගේ ඒවා එයා ළඟත් නැහැ. කොටින්ම දැන් නම් ප්‍රායෝගිකවාදයත් නැහැ. ඇත්ත කතාව චමිපික ආස වුණත් රනිල් චම්පිකව ගන්නෙ නැහැ. එක අතකට පව්, මේ වගේ අතිශය වැදගත් පරිවර්තනීය වකවානුවක ශෙහාන් සේමසිංහ වගේ අය ගන්න අත්දැකීම් ගන්න චම්පිකට අවස්ථාව ලැබුණා නම් හොඳයි. හැබැයි, පොහොට්ටුවෙන් ආපු තරුණ එවුන් ටික මෙතනදී මාර ගොඩනැගීමක් වුණා. උන්ට සුපිරි අවස්ථා ටිකක් රනිල් දුන්නා. උන් හැදුණා. උන්ගේ දියුණුවට මූලික හේතුව එදා සිට නායකත්වයට ගරු කිරීම පුහුණු වීම. අධි උන්නතිකාමය දුකට හේතුවකි.

 22 629ebb3727dff

සජිත්ටයි චම්පිකටයි දැන් තියෙන්නෙ එකතු වෙන්න. 2029 වෙනකොට ෆොන්සේකලා, කිරිඇල්ලලා, මද්දුම බංඩාරලා වගේ කරදර අවසන් වෙලා තියෙයි. හැබැයි ඉතින් දෙන්නට දෙන්නාත් කරදර තමයි.

අන්ත වාමාංශිකයන්ට සහ අරගල අරාජිකවාදීන්ට එහෙම සල්ලි ටිකක් අතට එන ඇඩ්වටයිසිං, වීඩියෝ නිෂ්පාදන, යූටියුබ්, එන්ජීඕ වගේ වැඩ දැන් තියෙනවා. ඒවා කරගෙන හොඳට බීලා ඉඳලා රට ගිහින් එසයිලම් ගහගන්නකල් කෆා කෆා කෑලි කෆා ක්‍රීඩාව කරන එකයි තියෙන්නෙ කොටුව ඇතුළෙ.

එසයිලම් ලැබිලා ඔන්ලයින් විප්ලව කරන එවුන්ට තියෙන්නෙ ඩෝල්ලෙකෙන් කාලා හරි ඩස්බින් එකක් ඇදලා හරි ඇවිත් වෘත්තීය හොටුපෙරීමේ කලාව ෆේස්බුක් එකෙන් ප්‍රගුණ කරන එක.

උදේ පාන්දර ස්ට්‍රෙස් රිලීස් කරගැනීම සඳහා කමෙන්ට් පාවිච්චි කර දවස සතුටින් ගෙවන්න.



Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්ගේ සිට මේක බලන ඔබ දක්වා කළ යුතු දේ - (උපදෙස් සැපයීම අජිත් පැරකුම්) | The Leader