The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 25, 2023 • 12:15 PM

සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්වීන් බෑන්ඩ් එක වෙම්බ්ලි ග්රවුඩ් එක මිනිස්සුන්ගෙන් පුරවනවා.
  • පොල් මැකාර්නි, ඩේවිඩ් බෝවී, යු ටූ (U2) වගේ හැමෝම ඒ සිහිනය සැබෑ කරගත්ත.
  • ඒ තමයි රොක් වලට ඇත්තටම අමු අමුවේ තමන්ගේ කටහඬ දුන්න ටීනා.
  •   1996 එයාගේ වෙම්බ්ලි ෂෝ එක පිරිලා ඉතිරිලා ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ 1985 ලයිව් ඒඩ් එක දවසේ (Live Aid). ඊට පස්සේ රෝලින් ස්ටෝන් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවනවා. එල්ටන් ජෝනුත් එහෙම කරනවා. පොල් මැකාර්නි, ඩේවිඩ් බෝවී, යු ටූ (U2) වගේ හැමෝම ඒ සිහිනය සැබෑ කරගත්ත. එයාල රොක් සුපිරි තරු.

සුපිරි රොක් තරු යුරෝපයේ දෙවැනි මහා ක්‍රීඩාංගනය මිනිස්සුන්ගෙන් පුරවනවා දැක්ක ටීනා මෙහෙම කියනවා. ''මටත් ඕනි මගේ ෂෝ එකකින් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවන්න''. ඒ තමයි රොක් වලට ඇත්තටම අමු අමුවේ තමන්ගේ කටහඬ දුන්න ටීනා.

ඒ වෙලාවේ රොක් සිහිනයේ ඉහලම කඳු මුදුන තමයි වෙම්බ්ලි පිරෙන්න මිනිස්සු ගේන එක.

 

මැඩෝනා, ස්පයිස් ගර්ල්ස්, රයිහනා, ටේලර් ස්විෆ්ට්ල පසු කාලෙක ඒ සිහිනය පහසුවෙන් අත්කර ගත්තත් ටීනාගේ කාලේ රොක් සිංදු කියපු ගැහැණියක් හැටියට ඒක අමාරු සිහිනයක්. විශේෂයෙන් කළු හමකුත් එක්ක.

 

1996 එයාගේ වෙම්බ්ලි ෂෝ එක පිරිලා ඉතිරිලා ගියා. ඊට පස්සෙත් වෙම්බ්ලි එකේ ෂෝ කිහිපයක් එයා කළා. ඒවත් එයාගේ ෆෑන්ස්ලගෙන් පිරිලා ගියා. එයා එක පාරක් නෙවෙයි. කිහිප පාරක් එයාගේ සිහිනය සැබෑ කරගත්ත.



ගෝලීය ස්ත්‍රී ගායිකාවන් අතරින් ඇරීතා ෆ්‍රැන්ක්ලින්, විට්නි හුස්ටන් එක්ක තිබ්බත්, ලෝකයේ පිරිමි ගැහැණු ඔක්කොම එකට තියපු ගායක ගායිකා දෙසීය එක්ක තිබ්බත් ටීනා මුල් පනහ අතරේ ඉන්නවා. හැබැයි මොන උස් පහත් කම් එයාගේ කසාදේ තිබ්බත් රෝලින් ස්ටෝන් මෙහෙම කියනවා.

 

ටීනා සහ අයිකි ටර්නර් (Tina and Ike Turner) එකතුවෙලා කලේ R&B සහ පොප් අතරේ තිබ්බ වෙන්වීම එකතු කරපු එක. ඒ එකතු කිරීම ඇතුලේ ලෝකයේ තවත් අතිවිශාල රොක් ගායක ගායිකාවන් පිරිසක් ඒ එක්කිරීමේ විෂයාසක්තභාවය නිසා උමතු වෙලා ගිය එක.

 

ඒක වෙනස්ම වැඩක්.

මොනවා උනත් එකක් පැහැදිලියි. අච්චර අවුල් වියවුල් මැද්දේ දක්ෂ ගිටාර් වාදකයෙක් වෙච්ච එයාගේ සැමියා විසින් ටීනා තුල යම් උරුමයක් ඉතුරුකළා කියන එක. ටීනා එක සම්මුඛ සාකච්චාවක මෙහෙම කියනවා.

''ඒක ඉතාම අමාරු සම්බන්දයක්. මත්ද්‍රව්‍ය, ප්‍රචණ්ඩ බව, හිංසාව හැම දෙයක්ම තිබ්බ ඒ සම්බන්දය ගැන මම හිතන්නවත් ආස නැහැ. ඒ නිසා අයිකිගෙන් ලැබුණු හැම දේම මම ආපසු දුන්න. හැබැයි එයාගේ නම විතරක් මම තියාගත්ත. මම හැමදාටම ටීනා ටර්නර්''.

සමහර දේවල් තියනවා මැරෙනකම් මකන්න බැරි. සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි.  


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...